හිටපු විගණකාධිපති දූෂිතයෙක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ! Featured

Published in පුවත්
Saturday, 03 August 2019 14:10

රජයේ වංචා දුෂණ ගැන සහ ඒවා ඔප්පු කිරීම වෙනුවෙන් වැඩියෙන්ම දඟලපු රජයේ නිලධාරියෙක් වේ නම් ඒ හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහය.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවේ දිදුලන තරුවක් වී සිටින ගාමිණි විජේසිංහ බොහෝ අපූර්ව දෑ කියමින්ද තිබේ. එහෙත් ඔහුද දූෂිතයකු බවට ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නම් ඔහු තවම කටක් ඇරියේ නැත. එමඟින් කියන්නෙ ඔහු දූෂිතයකු නොවන බව නොවේ. මේ නිසා ඔහු දූෂිතයකුද එසේ නොවන්නකුද යනන් ගැන දැන ගැනීමට රටේ පුරවැසියාට අයිතියක් තිබේ. අනෙක් වැදගත් හේතුව ඔහු කියන බණ සහ ඔහුගේ භාවිතය අතර පැහැදිලි වෙනසක් ඇති බව මෙම දූෂණ චෝදනා විසින් පෙන්නුම් කරන බැවිනි.

මේ නිසා පසුගියදා ගාමිණි විජේසිංහට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරිකයකු වන ඕෂලහේරත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේ විජේසිංහට ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන මෙන් පැමිණිල්ලක් බාර දී තිබේ. මෙහි ඇත්ත රටේ පුරවැසියා දැන ගත යුතුය. ඒ නිසා මේ වේදිකා ගානේ අනෙකකුගේ ඇසේ තිබෙන පොල් කෙන්ද ගැන වද වෙන අයගේ ඇස් වල තිබෙන පොල් පරාල ගැන හෙළිදරව් වීම විය යුතුය.

අල්ලස් කොමිසම හමුවේ දැන් එම වගකීම තිබේ.

මේ සම්බන්ධයෙන් ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පි‍ටුවේ දමා තිබෙන සටහන පහතින් දැක්වේ.

ගාමිණි විජේසිංහ ගැන යම් යම් චෝදනා මුලින්ම වුනේ රාවය පුවත් පත හරහා අප්‍රේල් 19. නමුත් ඒ තොරතුරු අප්‍රේල් 21 ප්‍රහාරය නොසාවෙන්මද කොහොදෝ අපි බොහෝ දෙනාට මග හැරුනා. එම චෝදනා වලට පිළිතුරු සැපයීමක් හෝ ප්‍රතිචාර දැක්වීමක් මෙතෙක් සිදුවුනේ නෑ. ඒ පුවත් වාර්තාවේ කරුණු සත්‍ය නම් ඔහු දුෂණයට අනුග්‍රහය දැක්වූ රාජ්‍ය නිලධාරියෙක් ඒ වගේම ඒ තොරතුරු වැරදි නම් එය ඔහුගේ කිර්ති නාමයට දැඩි හානියක්.

එහෙත් ගාමිණි විජේසිංහ ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැත. ඔහුට අවශ්‍ය නම් රාවය පුවත් පතට එම කරුණු වැරදි නම් නිවැරදි කරන්න කියා නෛතිකව ක්‍රියා කරන්න ඉඩ තිබුණා. ඔහුගේ ප්‍රතිරුපයට වන කැළල සලකා මිලියන ගණනක් ඉල්ලා නඩු පැවරිවීමේ හැකියාක් තිබුණා. එත් ඔහු මෙතෙක් එසේ කර නෑ. ඒ වගේම මමද ඔහුගෙන් සෘජුවම ප්‍රශ්න කළා දැන සති කීපයකට කලින් එහිදී ඔහුට ලබා දීමට සාධාරණ උත්තරයක් තිබුනේ නෑ. කරුණු එසේ තිබියදීත් ඔහු විකල්පය තුල තරුවක් බවට පත් වෙන්න කටයුතු කරමින් සිටිනවා.

විකල්පයේ සිටින මට විකල්පයේ තරු වල සැබෑ හදුනා ගැනීම අවශ්‍ය වනේ 2015 සිදුවූ පාඩම් නැවත නොවීමටයි. මේ චෝදනා සහ එහි සත්‍ය අසත්‍ය බව සැක හැර තහවුරු කර ගැනීම සදහා ඔහුගේ නිවැරදි කම ඔහුට වැදගත් නොවෙවයි සිතුවත් එය සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රතිරූපයට වැදගත් නිසා කරුණු කර්ණා පිළිබඳ සැක හැර දැන ගන්න කටයුතු කරන්න මම ඒ පිළිබදව සොයා බලන ලෙස අල්ලස් හා දුෂණ කොමිසම වෙත මිට දින කීපයකට කලින් ඉල්ලීමක් කළා. ඒ අනුව ඒ ගැන පැහැදිලි විනිශ්චයක් අනාගතයේ අපට ලැබෙනු ඇත.

gamini braibary

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us