එජාප සන්ධානය සජිත් වෙනුවෙන් පමණයි. සුළුපක්ෂ තීන්දු කරයි. 05 වනදා සම්මේලනය අහෝසියි Featured

Published in පුවත්
Saturday, 03 August 2019 21:45

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කල්ලිය එජාපයේ පාලනය තමන් අතට හිතුවක්කාර ලෙස ගැනීම සදහා උපායක් වූ අලුත් සන්ධාන යෝජනාව දැන් බූමරංගයක් මෙන් ඔවුන්ගේ විනාශයට හේතුවන තැනට පත්ව තිබේ.

නව සන්ධානයක් ගොඩනැගීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වයද එකඟව සිටී නමුත් එම පාර්ශ්වය ඊට එරෙහි යැයිද, පසුගියදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් පාර්ශ්වය පරාජය කර රනිල් පාර්ශ්වය ජය ගත්තා යැයිද , විශාල ප්‍රචාරයක් රනිල් පාර්ශ්වය විසින් දියත් කර තිබිණි. සන්ධානයක් ගොඩ නැගීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි. සන්ධානය මඟින් ජනාධිපති අපේක්ෂකයා තේරීම ගැන ද බොහෝ දේ පවසා තිබිණි. එමෙන්ම සජිත් ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාපය නම් කරන්නේ නම් සුළු පක්ෂ ඊට එකඟ වන්නේ නැති බවද දැන් කාලයක් තිස්සෙ ප්‍රචාරය කෙරිනි.

එහෙත් ඒ සියල්ල දැන් පට්ටපල් බොරු බව ඔප්පු වී තිබේ. එජාපය සමඟ සන්ධාන ගත වීමට එකඟව සිටි ප්‍රධානම පක්ෂ හතරම එජාපය ජනාධිපති අපේක්ෂකයා නම් කරන තුරු සන්ධාන ගිවිසුමට ඇතුලත් නොවන බව මේ වන විට නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ගොඩනැගීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා අත්සන් තැබීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික වතු කම්කරු සම්මේලනය, සහ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද දහවල් වන විට දැනුම් දී තිබේ. එසේම ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවටද ඔවුන් යෝජනා කර තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, එය ලිඛිතවම දන්වා ඇත.

මේ අනුව සන්ධානයක් අටවගෙන සජිත් ප්‍රේමදාසව ඉවත් කරන්නට කළ කුමන්ත්‍රණය දැන් අවසන්ව තිබේ. රනිල් රවී රාජිත චම්පික සහ ෆොන්සේකා කල්ලියට පරාජය බාර ගැනිමට සිදුව තිබේ.

මෙම සුළු දේශපාලන පක්ෂවල නායකයින්වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ රිෂාඩ් බදුර්දීන් යන අය රනිල් වික්‍රමසිංහ හමුවේ පෙන්වා දී තිබෙන්නේ ප්‍රථමයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමස්තයක් ලෙස මේ කාරණයට අදාළව පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවය.

උද්ගත වී තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ එම කල්ලි නායකයින් කිහිප දෙනෙකු සමග ඊයේ රාත්‍රියේ සිට අද දහවල් දක්වා දීර්ඝ වශෙන් කරුණු සකච්ඡා කළ මුත් එම සාකච්ඡාව අවසන් වුයේ අවසන් විසදුමකින් තොරවය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණු නව දේශපාලන සන්ධානයට අත්සන් තැබීම වෙනුවෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ 2019 අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබු උත්සවයේ සියලු සංවිධාන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කරන ලෙස රාජිත සේනාරත්න අද (3) දහවල් 12.00 වන විට අදාළ බලධාරීන්ට දැනුම් දී තිබිණ.

මේ අනුව එම උත්සවයට අදාළව අරාධනා පත්‍ර බෙදා හැරීමේ කටයුතු ද වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර රනිල් වික්‍රමසිංහ මේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග මේ වන විටත් කරුණු සාකච්ඡා කරමින් සිටියි.

මෙම සන්ධාන ව්‍යවස්ථාව එජාපය විනාශ කරගෙන රනිල් සහ කල්ලිය රජවීම වෙනුවෙන් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස ගොඩ නැගූවක් බවට එජාපයේ බහුතර මන්ත්‍රී පිරිස දැඩිව චෝදනා කරයි..සන්ධානය ගෝඩනැගිය යුත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ අභිමතය පරිදි බවත් ජනාධිපති අපේක්ෂකයා එජාප සාමාජිකයකු විය යුතු බවත් එම පිරිස අවධාරණය කරයි.

මේ තත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු ගිවිසුම 2019 අගෝස්තු 05 වැනිදා අත්සන් කළ හොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය සමග එක්ව ඒ මොහොතේම ඊට එරෙහිව කොළඹ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අනතුරුව පාක්ෂිකයින් සමග එක්ව විරෝධය පළ කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us