රනිල්ට බැරි වුණොත් රාජිත ජනාධිපතිවරණයට. ස්වර්ණවාහිණියත් ඒ පැත්තට

Published in පුවත්
Sunday, 21 July 2019 11:11

එක්සත් ජාතික පක්ෂයේ ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ වෙනුවෙන් සහය දෙන ලෙස ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයෙන් ඇමැති රාජිත ඉල්ලීමක් කර තිබේ.

ස්වර්ණවාහිණි මාධ්‍ය ආයතනයේ වත්මන් හිමිකරු අල්ලිරාජා සුභාෂ්කරන් මේ දිනවල ශ්‍රිලංකාවට පැමිණ සිටින අතර පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියෙහි ඇමැති රාජිත හා ඔහු අතර කොළඹ තරුපහේ හෝටලයක මෙම එකඟතාවයට පැමිණීමේ සාකච්ඡාව පවත්වා තිබේ.

එහිදී කවර ආකාරයකින් හෝ සජිත් ප්‍රේමදාසට හෝ මංගල සමරවීර යන ඇමැතිවරුන් සඳහා උදව් නොකරන ලෙස ඇමැති රාජිත සුභාෂ්කරන් ගෙන් ඉල්ලා තිබේ.

මෙම රුපවාහිනී නාලිකාව සුභාශ්කරන් වෙත ලබා දිම සඳහා අගමැති රනිල් විශාල මහන්සියක් ගත් බව ඔහු එහිදී අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ සඳහා බරපතල ලෙස විරුද්ධත්වය පළකර තිබියදී පවා අගමැතිවරයා ඊට මැදිහත් වූ අකාරය ඇමැති රාජිත මෙහිදි මතක් කර තිබේ. එසේ නොවුනානම් මෙම නාලිකාව හිරු නාලිකාව හිමි රෙනෝ ද සිල්වා විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටි බවත් මෙහිදී පවසා ඇත.

මේවන විට හිරු නාලිකාව සජිත් ප්‍රේමදාසට පක්ෂපාත ලෙස මාධ්‍ය කටයුතු සිදුකරන නමුත් අනෙක් සියලුම මාධ්‍ය ආයතන රනිල් වික්‍රමසිංහට සහය දීමට එකඟව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දී ඇත, ගෝඨභය හිතවාදී දිල්ත් ජයවීරගේ දෙරණ නාලිකාවද රනිල්ට සහයොගය ලබා දීමට එකඟ වී ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. මේ නිසා තව දුරටත් මැද නොසිට තමන්ට පක්ෂපාත ලෙස මාධ්‍ය කටයුතු මෙහෙයවන ලෙසත් ඊට අවශ්‍ය ප්‍රතිලාබයන් ලැබීමට සලස්වන බවට ඇමැතිවරයා පොරොන්දු වී තිබේ.

කෙසේ නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇති විවාදාත්මක තත්වය මත රනිල් වික්‍රමසිංහට ඒ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් තමාට ඒ සඳහා සූදානම් වන ලෙස අගමැතිවරයා පැවසූ බවත් ඇමැති රාජිත මෙහිදී පවසා ඇත. අගමැති රනිල්ගෙන් පසුව ඒ සඳහා වැඩිම සුදුසුකම් ඇත්තේ තමාට බවත් ඒ අනුව අනාගත ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වන්නේ තමන් බවද ඒ නිසා ස්වර්ණවාහිනී ආයතනයට අවශ්‍ය ලෙස සැලකීමේ වගකීම තමන් බාරගත හැකි බවද ප්‍රකාශකර තිබේ.

ස්වර්ණවාහිණි මාධ්‍ය ආයතනයේ වත්මන් හිමිකරු සුභාෂ්කරන් යනු ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු වන අතර පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී සිදුකළ අයතා ගනුදෙනු රාශියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූවෙකි.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය, ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස චම්පික රණවක, සරත් ෆොන්සෙකා සහ කරූ ජයසුරිය යන අයටද බලපොරොත්තු ලබා දී තිබිණි. රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වනුයේ ජනාධිපතිවරයා ලෙස පක්ෂ නායකත්වය තමන් වෙත තබා ගෙන තමන්ට නැටවිය හැකි රූකඩයක් අගමැතිධුරයේ තබාගෙන කටයුතු කිරීම බව පැහැදිලි වෙමින් තිබෙන කාරණාවකි.

එහෙත් එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය රනිල් වික්‍රමසිංහගේ නයකත්වය මේ වන විට ප්‍රතික්ෂේප කරමින් තිබේ. එහෙත් තව දුරටත් එජාපයේ තීන්දු තීරණ ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය රනිල් හිතවාදීන්ගෙ බහුතරයට යටත් බැවින් එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව තෝරා ගැනිමේ වැඩි ඉඩක් පවතී.

එජාපය මේ වන විට සජිත් හිතවාදී සහ රනිල් හිත්වාදි ලෙස දෙකඩ වීම සිදුව ඇත. පක්ෂ අභ්‍යන්තරයේ මෙම කණ්ඩායම් දෙක සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය වශයෙන් එකිනෙකා හඳුන්වා දීමද දකින්නට ලැබේ.

සැබැඳි පුවත්

සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම්

එජාප ජනාධිපති අපේක්ෂක සටනේ.. ඉදිරියෙන්ම රනිල්

එජාපයේ දිනන්න පුලුවන් අපේක්ෂකයා, කරූ.. - රවී

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us