එජාප ජනාධිපති අපේක්ෂක සටනේ.. ඉදිරියෙන්ම රනිල්

Published in පුවත්
Sunday, 14 July 2019 10:31

එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට තුන් කොන් සටනක් පවතින නමුත් එය ජය ගැනීමේ වැඩිම සම්භාවිතාව ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහට බව එජාපයෙ තොරතුරු මාර්ග පවසයි. ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය මඟින් සිදු කිරීමට නියමිතය.

එහෙත් එහි බහුතරය වික්‍රමසිංහගේ හිතවතුන් වීම මත සජිත් ප්‍රේමදාසට හෝ කරූ ජයසුරියට අවස්ථාවක් ලැබීමේ හැකියාව අවමය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමාගේ ඇති කැමැත්ත මේ වන විට එජාප ජේෂ්ට නායකයන්ට දැනුම් දී තිබෙන බවත් දැන ගැනීමට ඇත. එමෙන්ම සජිත් ප්‍රෙමදාස වෙනුවෙන් පෙනී සිටින මංගල සමරවීර හා එම කණ්ඩායමට සහ කරූ ජයසූරිය වෙනුවෙන් පෙනී සිටින රවී කරුණානයක සහ පිරිසට එම මෙහෙයුම් නතර කරන ලෙසට පණිවිඩය ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

පසුගියදා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් රනිල් වික්‍රමසිංහ මුණ ගැසී ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ලෙසත් පක්ෂයේ ජනප්‍රියම නායකයා වන සජිත් ප්‍රේමදාසට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් පවසා තිබිණි. එහෙත් වික්‍රමසිංහ ඊට එකඟව තිබුණේ නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරන අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නෙ නම් පක්ෂ හා කණ්ඩායම් ගනනාවකගේ සහය ඔහුට හිමිවනු ඇති බවත් ඒ අනුව පුළුල් සන්ධානයකින් පොදු අපෙක්ෂකයකු ලෙස ඔහුට ඉදිරිපත් වීමේ අවස්ථාව ඇති බවත් වික්‍රමසිංහ පාර්ශ්වයේ මතය වී තිබේ. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන මධ්‍යම පාංතික ජනතාවගේ පාවෙන ඡන්ද කෝටාව ලබා ගැනීමේ හැකියාව ඇත්තේ වික්‍රමසිංහ ට බවද ඔවුන්ගේ මතයයි. සජිත් ප්‍රේමදාසට එජාපයෙන් ඈත්ව සිටින පිරිස යම් පමණකට යළි එක්කර ගැනීමේ හැකිවාවක් තිබුණද මධ්‍යම පාංතික ජනතාව ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නොමැති වීමත්. කරු ජයසූරිය සම්බන්ධයෙන්ද එවැනි ප්‍රසදයක් නොමැති වීම හා ඔහුගේ වයොවෘද්ධ භාවයත් සලකා බැලීමේදි වික්‍රමසිංහ ට තව දුරටත් වාසි සහගත තත්වයක් පවතී. එසේම පසුගියදා ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කිරීමට හැකිවීම තුල රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තවදුරටත් ශක්තිමත් වීමද සිදුව තිබේ.

කෙසේ නමුත් එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයේ මතය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ට තව දුරටත් පක්ෂ නායකත්වයේ සිටීම අවශ්‍ය නම් එජාපයේ ව්‍යවස්ථාව වෙනස් කර ඒ සඳහා අවස්ථාව ලබා දීමටද එම කණ්ඩායමේ වැඩි පිරිසක් එකඟ බවද එජාප ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us