මිලියන 25ක ජංගම දුරකථන අනතුරේ

Published in පුවත්
Sunday, 14 July 2019 09:09

මිලියන 25ක් පමණ වූ Android ජංගම දුරකථන ප්‍රමාණයක් නවතම Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හෙළිදරව් වී තිබේ. මෙම Malware යෙදුම් චීන අන්තර්ජාල සමාගමක් සතු Android මෙහෙයුම් පද්ධතිය සදහාවූ යෙදුම් ලබාගැනීමට ඇති ‘9Apps‘ නම් යෙදුම් වෙළදසැලෙන් Android ජංගම දුරකථන මිලියන 25කට පමණ පැතිරිගොස් ඇතැයි සොයාගැනීම් වලදී හෙළිවී තිබේ.

9Apps නම් මෙම Android යෙදුම් වෙළදසැල චීනය, ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව වැනි රටවල් ඉලක්ක කරගනිමින් පවත්වාගෙන ගොස් ඇති අතර තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක්කරන ලද Android යෙදුම් ලබාගැනීමටද මෙය ජනතාව අතර ජනප්‍රිය වී ඇතැයි සොයාබැලීම් වලදී අනාවරණය වී තිබේ. මෙම යෙදුම් වෙළදසැලෙන් ලබාගත් Android යෙදුම් හරහා සොයාගන්නා ලද Malware නොහොත් අනිෂ්ට යෙදුම් මිලියන 25ක ජංගම දුරකථන වලට ආසාදනය වී ඇති අතර ඇමරිකාවෙන් 303,000 ආසාදීත ජංගම දුරකථන 137,000 අසාදිත ජංගම දුරකථන ප්‍රමාණයක් එංගලන්තයෙන් සොයාගෙන ඇත. විශේෂයෙන්ම තෙවන පාර්ශ්වයක් හරහා නවීකරණය කරන ලද WhatsApp, Opera Mini, Flipkart, SwiftKey වැනි යෙදුම් හරහා මෙම අනිෂ්ට යෙදුම් පැතිරගොස් ඇත.

මෙම අනිෂ්ට යෙදුම් භාවිතා කරමින් එම අනිෂ්ට යෙදුම් නිර්මාණ කරුට ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම ලිපිගොනු, ඡායාරූප, සැබැඳුම් නැරඹීමට හා ඒවායේ පිටපතක් අන්තර්ජාලය හරහා ලබාගැනීමට හැකියාව ඇති බැවින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සෑම විටම තෙවන පාර්ශ්වයක් මගින් නවීකරණයට ලක්කරන ලද Android යෙදුම් 9Apps වැනි යෙදුම් අලෙවිසැල් වලින් ලබාගැනීමෙන් වැලකි සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ජංගම දුරකතනයට Android යෙදුම් ලබාගැනීමට Google Play Store භාවිතා කරන ලෙසත් ජනතාවට මතක්කර දෙමු.

රජිව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංගමය
INFORMATION TECHNOLOGY SOCIETY SRI LANKA

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us