එජාපයේ දිනන්න පුලුවන් අපේක්ෂකයා, කරූ.. - රවී

Published in පුවත්
Wednesday, 10 July 2019 19:30

"...තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා.

එදා 2018 ඔක්තේබර් 22 දා කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමග සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා තමයි, අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙන්නේ. එදා කරූ ජයසූරිය මැතිතුමා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රය යටපත් කරලා, 2015 පෙර තිබූ තත්ත්වයට ගමන් කරලා කටයුතු කිරීමක් තමයි සිදු වෙන්නේ. එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම, සැම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අළුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යාහැකි නව උපතක් ලබාදුන්නා " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්ස්ත ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

"එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් සමාව අයැදිනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා. සුගතදාස මැතිතුමා ඇතිකළ අඩිතාලම මතින් අද මටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා සහ කොළඹ දිස්ත්‍රික් උප නගරාධිපති එන්.එම්. ඉක්බාල් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"1912 ජූලි මාසේ 07 දා මෙළොව එළිය දුටු සුගතදාස මහතා, අපේ රටට සුවිශාල සේවයක් කල චරිතයක්. එතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් කල නායකයෙක්. ඒ සේවය අමතක නොවන සේවයක්. 1956 දී එන්.එම්. පෙරේරා පරාජය කරලා, සුගතදාස මහතා පුරපති ධූරයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අවධි කළා. ඒ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ නව පෙරළියක් ඇතිකළ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්. එතැන් පටන් අමාත්‍ය ධූර කිහිපයක් හෙබවූ සුගතදාස මහතා එම සේවය සිහිගන්වනු වස්, සුගතදාස ක්‍රීඩාංගනය ස්ථාපික කළා. ඒවගේම කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයත් එතුමාගේ විශිෂ්ඨ සේවයක්. ඒ වගේම උතුරු කොළඹ කියන්නේ වාමාංශික ආසනයක්. සුගතදාස මැතිතුමා විසින සිදුකළ විශේෂ පෙරළියක් නිසා අද උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. සුගතදාස මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සියලුම ආගම් වලටද විශේෂ සේවයක් සිදුකළ පුද්ගලයෙක්. එතුමාගේ පුද්ගලික වියදමෙන් නිවාස නොමැති පිරිස් වෙත නිවාස ලබාදෙන්න කටයුතු කළා. සුගතදාස මහතාගේ සංකල්පය වූයේ ජනතාව සමග ගමන් කිරීමයි. ඒ උදාර සංකල්පය ආදර්ශයට ගනිමින් අද අපිත් ජනතාව සමග ගමන් කරනවා.

එදා සුගතදාස මැතිතුමා 1965 දී ආණ්ඩුවක් ඇති කරන්න විලියම් ගොපල්ලව මහතාට ඇතිකර දුන් වාතාවරණය වගේම, 2019 අග වෙද්දි ජනාධිපතිවරණය තුළින් එවැනිම ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට අද අපේ අගමැතිතුමා සහ කරූ ජයසූරිය මහතා එකමුතුවී නායකත්වය සපයනවා"යැයි පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us