මොටර් රථ දෙපාර්තමේන්තුව නමින් සිදුකරන විදෙස් රියැදුරු බලපත්‍ර මගඩියක් !

Published in පුවත්
Wednesday, 10 July 2019 01:25

මෙරට රියැදුරු බලපත් හිමි විදෙශගත ශ්‍රී ලාංකිකයන්ට එම රියැදුරු බලපත්‍ර විදේශීය රියැදුරු බලපත්‍ර බවට හරවා දෙන බව කියමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. මේ වන විටත් යුරොපයේ විශාල පිරිසක් මෙම ජාවාරමට අසුවී ඇති බවද දැන ගැනීමට තිබේ. සමාජජාලා සම්බන්ධතා ඔස්සේ මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇත.

ව්‍යාජ ලෙස සැකසූ මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ශ හා මුද්‍රා පාවිච්චිකරමින් මෙම කටයුත්ත සිදුකෙරෙමින් පවතී.

දින තුනක් ඇතුලත අන්තර්ජාලය හරහා (online) මෙම රියැදුරු බලපත්‍ර මාරු කරදෙන බව ජවාරම්කරුවන් පවසන අතර මේ සඳහා රු. 25,000 ත් 60,000 ත් අතර විවිධ මිල ගනන් වලට මෙය සිදු කර ඇත.

මෙම ජාවාරම් කරුවන් මුලින් සිදු කරන්නේ සමාජ ජාලා වල ව්‍යාජ ගිණුම් තනාගෙන තමන් ශ්‍රී ලංකාවේ මොටර් රථ දෙපාර්ථමේන්තුව හරහා online රියැදුරු බලපත්‍රය සකසා ගත් බවට ව්‍යාජ තොරතුරු සමාජ ගත කිරීමය.. පසුව ඒ සම්බන්ධයෙන් විමසීම් කරන පුද්ගලයන්ට ජාවාරම්කාර කණ්ඩායමේ තවත් අයෙකුගේ සම්බන්ධතාවයක් සකසා දීම සිදු කරයි. ඒ අනුව එම කටයුත්ත සිදු කර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන එම අය විසින් මුදා හරින අතර ඒවා සම්පුර්ණ කර දීමෙන් පසුව මුදල් ගෙවන ලෙස දන්වයි..එසේම මෙහි සත්‍ය අසත්‍යතාවය විමසීමෙදී තමන් විසින් සැකසූවා යැයි කියන රියැදුරු බලපත්‍ර වල ඡායාරූප යොමු කිරීමද සිදු කරනු ලබයි. එසේම දුරකතන සංවාද හරහාද මෙම කටයුත්තේ විශ්වාසනීයත්වය ගොඩ නැගීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කිරීමද සිදුකරයි. කෙසේ නමුත් මුදල් ගෙවීමෙන් පසුව ජාවාරම්කාර සමාජජාල ගිණුම් හිමියන් අතුරුදන්වීම හෝ මඟහැරීම සිදුවේ.

රියැදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කටයුතු කරන මෙරට එකම නීත්‍යානුකූල රාජ්‍ය ආයතනය වන මොටර් රථ දෙපාර්තමේන්තුවෙන් කිසිදු විමසීමක් සොය බැලීමක් නොකට කිසිදු අනන්‍යතාවයක් හෙළිකරගත නොහැකි ජාවාරම්කරුවන් හරහා එම සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට අනුවන ලෙස කටයුතු කිරීම නිසා මේ වන විට විශාල පිරිසක් මෙම උගුලට හසුව තිබේ. ඒ අතරම විදේශගතව සිටින බැවින් මේ සම්බන්ධයෙන් මෙරට පොලිසියට පැමිණිලි කිරීමේ අපහසුව හා ලැජ්ජාව නිසා මේ බොහෝ පිරිස මෙම ජාවාරම ගැන නිහඬව පසුවේ. එහෙත් අප විසින් යෙදූ දූතයකු හරහා මෙම ජාවාරම ගැන තොරතුරු ‍රැසක් හෙළිකර ගැනීමට හැකිවිය.

online පහසුකම් ඔස්සේ මෙලෙස රියදුරු බලපත්‍ර මාරු කිරීමක් සිදු කරනවාද යන්න ගැන අප මොටර් රථ දෙපාර්ථමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමෙදී එය අසත්‍යක් බව පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේය.

ඒ කෙසේ නමුත් මෙම ජාවාරම සම්බන්ධයෙන් වහා ක්‍රියත්මක වීමට මොටර් රථ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පොලිසියත් කටයුතු කළ යුතුව ඇත.

 

ව්‍යාජ සමාජජාලා ගිණුම් හා සංවාද කිහිපයක්

710

සැකසූ බව කියන බලපත්‍ර

3a

ව්‍යාජ ලිපි ලේඛන

24

85

Last modified on Wednesday, 10 July 2019 02:15

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us