සාෆිගේ නඩුව අහන මහේස්ත්‍රාත්ට එරෙහිව සීඅයිඩියෙන් පැමිණිල්ලක් !

Published in පුවත්
Sunday, 21 July 2019 09:43

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි මොහොමඩ්ගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ගේ හැසිරීම බරපතළ සැක මතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම පක්ෂපාතී බවක් පෙන්වන්නේ යැයිද එම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.

නඩුවට අදාළ නැති දන්ත වෛද්‍යවරයෙකුට ප්‍රසව හා නාරිවේද විෂය සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම සහ එම කරුණු කාර්‍ය සටහන් වලින් ඉවත් කිරීම බරපතළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. එසේම මහේස්ත්‍රාත්වරයා තම ෆේස්බුක් පිටුවේ නඩුව පිළිබදව පුද්ගලික අදහස් දැක්වීමත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු හෑල්ලුවට ලක් කිරීමත් අනුමත කළ නොහැකි බවද එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන්ය.

(colombotrust.com)

Last modified on Sunday, 21 July 2019 11:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us