එජාපයට සජිත් හැර වෙන විකල්පයක් නෑ. යහපාලන න්‍යාය පත්‍රය දැන් තියෙන්නෙ ගෝඨා අතේ. Featured

Sunday, 11 August 2019 17:44

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස අද දින ගෝඨාභය රාජපක්ෂ බව, මහින්ද රාජපක්ෂ විසින් නිවේදනය කළේය. මහින්ද ගෝඨාභයව නම් කිරීමට පෙර දොඩවනු ලැබූ දෑ ද අනතුරුව ගෝඨාබය රාජපක්ෂ විසින් දොඩවනු ලැබූ දෑ ද එකවිට විමසා බැලිමේදී පෙනී යන්නේ 2015 දී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අය කිව් දේවලට වඩා වෙනසක් නැති බවය. මේ එකම කතාවක හඬ දෙකකි.

2015 දී රාජපක්ෂලාගේ කතාව වුයේ යුධ ජයග්‍රහණයය, ජාතික ආරක්ෂාව, සිංහල ජාතිවාදී ප්‍රකාශ ගොන්නකි.. එය පරාජය කර දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් දූෂණ වංචාව මගඩි වලින් තොර ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ගැන කතා  කළ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු එජාප ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළේය.

එහෙත් ඒ ජයග්‍රහණය එක දිගට පවත්වාගෙන යෑමට එම කණ්ඩායම අපොහොසත් විය. ඒ සඳහා ඔවුන්ට ශක්තියක් තිබුණෙ නැත. යහපාලනයට එරෙහිව රාජපක්ෂ පාර්ශ්වය දිගින් දිගටම ජාතිවාදයෙන් උත්තර බැන්දේය..ඒ ජාතිවාදී ප්‍රවාහයට මුහුණ දීමට විශේෂයෙන්ම ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන සමත් වුයේ නැති අතර ඔහුද එහි ගොදුරක් විය. මේ දෙස බලා සිටි එජාපය ප්‍රමුඛ කණ්ඩායම නිරුත්තර වූවා මිසා සිට අභියෝග කරන්නට ගියේ ද නැත.

එහෙත් මේ තීරණාත්මක මොහොතේදී රාජපක්ෂවරු තැටිය මාරු කර තිබේ. ජාතිවාදය වෙනුවට සාමය සන්හිඳියාව යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය පෙර‍ටු කර ගත් ආර්ථික සංවර්ධ්නයක් ගැන කියන්නට පටන් ගෙන තිබේ. යහපාලන ආණ්ඩුවට කරන්න බැරි වූ දේ ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ. සිංහල බෞද්ධ පමණයි සටන් පාඨය අත් හැර දෙමළාද මුසල්මානුවාද තමන්ගේ සහෝදරයින් බවත් ඔවුන්ගේ අභිවෘද්ධිය තමන්ගේ අපේක්ෂාව බවත් කියන්නට පටන් ගෙන තිබේ.

එජාපයේ අපෙක්ෂකයා තේරීමේදී බරපතල ලෙස සාකච්ඡාවට භාජනය වූ කතන්දරය වූයේ මධ්‍යම පාන්තිකයාට ආමන්ත්‍රණය කළ හැකි නායකයකු අවශ්‍ය බවය. ඒ හැකියාව ජනාධිපති අපේක්ෂකධුරය අපේක්ෂා කළ සජිත් ප්‍රේමදාසට නැති බවත් බොහෝ විට අසන්නට ලැබුණක් විය.

රාජපක්ෂ කඳවුරේ අලුත් දේශපාලන පොළාපැනීම හමුවේ තවදුරටත් මේ මධ්‍යම පංතිය ඉලක්ක කරගත් වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මොට කර තිබේ. රාජපක්ෂලා දැන් මධ්‍ය පාන්ති්කයා ආමන්ත්‍රණය කර ආකර්ෂණය කරගෙන හමාරය. එජාපයට ඉතුරුව ඇත්තේ ග්‍රාමීය ජනයා ආමන්ත්‍රණය කරන ඔවුන් ආකර්ෂණය කරගත හැකි වැඩ පිළිවෙලකි. මේ රටේ සියයට 80 ක තරම් වන ග්‍රාමීය ජන පදනම ගැන විශ්වාසය තබා තමන්ගේ අපේක්ෂකයා ‍තෝරා ගැනීමට ගෝඨාබයගේ ඉදිරිපත්වීම සමඟ බල කර තිබේ. එජාපයට කවදත්  නාගරික මධ්‍යම පාංතික ඡන්ද කෝටාවක් හිමිය.එය හෙළවීමට ගෝඨාභයට නොහැකිය. එම වාසිය පමණක්  එජාපය සතුය.ඔවුන් වෙනුවෙන් අමුතුවෙන් අපේක්ෂකයකු අවශ්‍ය නැත.

එජාපය හමුවේ තිබේ අභියෝගය..එජාපයට සිය ඉතිහාසය තුල තිබී අහිමි වූ ග්‍රාමීය ඡන්ද පදනම යළි ගොඩ නඟා ගැනීමේ අභියෝගය පමණි. ඊට හැකියාව සහිත නායකයා සජිත් ප්‍රේමදාසය. සජිත් හැර ..එජාප නායක රනිල් සහ නම් කියවෙන අනෙක් නායකයන්ට මේ ග්‍රාමීය ඡන්ද පදනමට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් නැත. මේ මහත්වරු සිටින්නේ නාගරික මධ්‍යම පාංතික සිහින වලය. ඒ සිහින නගරයේ පැල කළ හැකි නමුත් ගමේ මහ පොළවේ පැල වෙන්නේ නැත.

මේ අනුව ගෝඨාභයට තරගයක් දිය හැකි අපේක්ෂකයා සජිත් මිස වෙන කෙනෙකු නොවන බව පැහැදිලිය.

 

 

Last modified on Sunday, 11 August 2019 18:05

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us