News Items (18842)
දේශපාලන පක්ෂ විකිණීමට හෝ කුළියට දීමට තිබේ.! ලන්සුව මිලියන 5 සිට
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාකරන ස්වාධීන අපේක්ෂකයන් සඳහා සිය දේශපාලන පක්ෂය විකුණා දැමීමට හෝ කුළියට දීමට මේ වන විට දේශපාලන පක්ෂ 'අයිතිකරුවන්' කිහිප දෙනෙනෙකු සූදනමින් පසුවන බව දැනගැනීමට තිබේ.
හිරගෙදර සිටිය යුතු ගෝඨාට, රනිල් උදව් කරන්නෙ ඇයි ?
බරපතල අපරාධ චූදිතයකු වන ගෝඨාභය රාජපක්ෂව නීතිය හමුවේ වරදකරුවකු වීම මඟ හැරවීමේ සිට ඔහුව පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිම දක්වා මෙතෙක් සිදු වී ක්‍රියාදාමය ආණ්ඩුවේ ප්‍රධානින්ගේ මැදිහත් වීම එනම් සහය මත සිදුවූ බව පැහැදිලි කාරණාවකි.
එජාප සන්ධාන ගැටළුව අවසන්..ව්‍යවස්ථාව සංශෝධනය කෙරේ.
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එය ඉතා සාර්ථක ව අවසන් වූ බව වාර්තා වේ. අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව සිදුවිය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.
ගෝඨා, සජිත් දෙකම එකයි - ඒකාධිපති ගමනක්, ජනතා අභිලාෂයන් බල්ලට
මෙය, ජනප්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සම්ප්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී පක්ෂත් මේ කාරණය චිරාත් කාලයක් තිස්සේ අවධාරණය කොට තිබේ.
රාජපක්ෂලාගේ ඝාතන ගැන පොලිස් විමර්ශන වාර්ථා නීතිපතිවරයා හදිස්සියේ කැඳවයි
ලසන්ත, තාජුදීන් ඝාතන ඇතුළු රාජපක්ෂ යුගයේදී සිදුකෙරුණු අපරාධ කිහිපයක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කර ඒ සම්බ්න්ධයෙන් තමාට වාර්ථා කරන ලෙස නීතිපති දප්පුල ඩි ලිවේරා , වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට අද ලිඛිතව දැනුම් දි තිබෙන බව වාර්ථාවේ. එම අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැරීම කඩිනම් කිරීම වෙනුවෙන් මෙලෙස එම විමර්ශන වාර්ථා ඉල්ලා ඇත.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහත් උත්සවශ්‍රීයෙන් වඩම්මවන ලද ගෝඨාබය රාජපක්ෂ සිය වන්දනා ගමන අවසන් කර යළි සියරට වන අමරිකාවට යෑමට සූදානම් වෙතැයි එම පක්ෂයේම තොරතුරු මාර්ග පවසයි.
සජිත්ට අවස්ථාව දෙන්න. කිරිඇල්ලත් රනිල්ට කියයි. රවී යන්නම යන්න සූදානම් වෙයි
එළඹෙන ජනාධිපතිවරණයේ එජාප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීම වියයුතු බව ඇමැති ලක්ෂමන් කිරිඇල්ල ද එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත පවසා ඇති බව TV 1 රූපවාහිනී සේවය වාර්තා කරයි.
ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ජවිපෙ...මැකොස ගේ කතාවෙන් හෙළිවෙයි
ඉදිරියේදී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය මේ වන විටත් උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබේ. එජාපය ප්‍රමුඛ සන්ධානය හා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මෙහිදී ප්‍රධාන පාර්ශ්ව දෙක ලෙස ඉදිරිපත් වනු ඇත. මෙම කණ්ඩායම් දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශිතය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ලංකාදීප පුවත් පතට පවසා තිබේ.
