News Items (18842)
එජාපයට සජිත් හැර වෙන විකල්පයක් නෑ. යහපාලන න්‍යාය පත්‍රය දැන් තියෙන්නෙ ගෝඨා අතේ.
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස අද දින ගෝඨාභය රාජපක්ෂ බව, මහින්ද රාජපක්ෂ විසින් නිවේදනය කළේය. මහින්ද ගෝඨාභයව නම් කිරීමට පෙර දොඩවනු ලැබූ දෑ ද අනතුරුව ගෝඨාබය රාජපක්ෂ විසින් දොඩවනු ලැබූ දෑ ද එකවිට විමසා බැලිමේදී පෙනී යන්නේ 2015 දී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අය කිව් දේවලට වඩා වෙනසක් නැති බවය. මේ එකම කතාවක හඬ දෙකකි.
ඉහළ ආදායම් ආර්ථිකයක් දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ වර්ධනයේ ගමන් මග - මහාචාර්ය ලලිත් සමරකෝන්
2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක් බවට පත්විය. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කඩඉමකි. එබැවින් රටේ ආර්ථිකයේ ඉදිරි මාවත ගැන සලකා බැලීමටත්, ‘මධ්‍යම ආදායම්ලාභි’ රටක සිට ‘ඉහළ ආදායම්ලාභී’ රටක් බවට වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන සැලසුමක් සකස් කර ගැනීමටත් මෙය කාලයයි.
මහින්දත්, දෙමළ ජාතික සන්ධානයේ උදව් ඉල්ලයි (ඡායාරූප සහිතයි)
එළඹෙන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයාට සහය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අද(09) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් හමු විය. සිය විජේරාම පාරේ නිල නිවසට ගෙන්වා ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම මන්ත්‍රීවරුන් සමඟ පවතින දේශ්පාලන තත්වය ගැන සහ පසුගිය කාලයේ තමන් අතින් සිදු අඩු පාඩු වැරදීම් ගැන සමාව අයදිමින් මහින්ද රාජපක්ෂ කතා කළ බවත් වාර්තා වේ.
ගෝඨා, දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලයි. උතුරට පොලිස් බලතල දෙන්නත් එකඟයි.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.
එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය, එජාප නායකත්වය සහ නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර එකඟතා ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළකර තිබෙන බව වාර්තා වේ.
නීතිපති දෙපාර්තමේන්තුව පිස්සන් කොටුවක් කරන අපුල නීතිපති දප්පුල ද ලිවේරා..
නීතිපතිවරයා සිය උසස් ධුරයට පත්වීමට වසර ගණනාවකට පෙර, ඔහුගේ සගයන් ඔහුගේ හුරුපුරුදු අවලස්සන හැසිරීම සහ නීතිය සමඟ දේශපාලනය කිරීමට ඇති නැඹුරුව ගැන දැන සිටියහ. අවාසනාවකට මෙන්, මෙම අනතුරු ඇඟවීම්වලට කන් නොදුන් ජනාධිපතිවරිය ඔහුට නීතිපති තනතුර පිරිනමන ලදි.
ඇසුරු කරන එකාගේ හැටියට වෙනස් වෙන ගිරා පෝතකයා 'පාඨලී'..මජර ඉතිහාසය
කුණාටුවකට අසුවී දෙපැත්තට ගහගෙන ගිය ගිරා පෝතකයන් දෙන්නාගේ කතාව කවුරුත් දන්න ජන කතාවකි. සුදනන්ගේ ඇසුරට වැටුණු ගිරවා ඒ සංස්කෘතික ආභාෂයන් අනුව හැදී වැදුනු අතර දුදනන්ගේ ඇසුරට වැටුණු ගිරවා ඒ ආභාශයන් අනුව හැදී වැදුනේය.
තමන්ගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභයව, ශ්‍රීලනීපය බාරගනී ! දැනටමත් දිනුම්. 60% ක ප්‍රතිශතයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ සවස් සිදුවු සාකඡාවේ ප්‍රතිපලයක් ලෙස පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තම පක්ෂයේද ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගැනීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් එජාප ප්‍රතිපත්ති වෙනස් වෙන් නෑ - ජී.එල්.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරු ඉදිරිපත් වුණත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
