පිවිතුරු හෙළ උරුමයේත් ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණ කිරීමෙන් පසුව පිහිටුවන ආණ්ඩුව පාලනය කරන්නේ නන්දසේන මිසක් අගමැතිවරයාවත් කැබිනට් මණ්ඩලයවත් නොවන බව අද දින පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායකයාද එකම සාමාජිකයාද වන උදය ගම්මපිල කරුණු කාරණා සහිතව පැහැදිලි කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින යටිකූට්‍ටු කුමන්ත්‍රණ සඳහා තමන්ව සම්බන්ධ කර නොගන්නා ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ සවස දැනුම් දීමට කටයුතු කළ බව එම මන්ත්‍රීවරුන්ට සමීප ආරංචිමාර්ග පවසයි.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (04) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පාර්ශ්වය නියෝජනය කරන සුළුතර මැති ඇමැතිවරු පිරිස මේ වන විට තම නායකයා රැක ගැනිමටත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට එරෙහිව අවලාද නැගීමටත් පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් තිබේ. එසේම සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ‍තෝරා පත් කරගැනීම වැලැක්වීමට මහින්ද රාජපක්ෂ සහ එම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පසුගිය සති කිහිපය මුලුල්ලේම අගමැතිවරයාගේ පාර්ශ්වයේත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙත් සහය ඉල්ලා තිබුණු බවත් කසුකුසුවක් තිබිණි.

මේ වන විට කල් ඉකුත් වී ඇති පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ අමතමින් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ කථාව

19 වන සංශෝධනය ප්‍රකාරව කැබිනට් ඇමැති මණ්ඩලයේ සීමාව 30 දෙනෙකුට සීමා කිරීම නිසා පාර්ලිමේන්තුව තුල වෙනත් පක්ෂ සාමාජිකයන් එකතු කරගෙන තනි ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට බලවත් බාධකයක්ව පැවැතීම හේතුවෙන් එම ව්‍යවස්ථා සංශෝධයෙන් ඇමති මණ්ඩලයේ සීමාව ඉවත් කර ගැනීමට සඳහා ශ්‍රීලනීපයත් පොදුජන පෙරමුණත් මේ වන විට යම් එකගත්වයකට පැමිණ තිබෙන බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

පළාත් සභා (සංශෝධන) පනත යටතේ පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත් අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන පරිදි අදාළ සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවෙන් දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම් කියයි'

අද පැවැති පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ රැස්වීමක දී නන්දසේන ගෝඨාභය අදහස් දක්වමින් කියා සිටියේ වඩාත් ආරක්ෂිත හා විනය ගරුක රටක් නිර්මාණය කිරීමට තමා පොරොන්දු වූයේ ඇමැතිවරයකු ලෙස නොව අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස බවත් වැඩ කිරීමට අවශ්‍ය නම් ඇමැතිකම් අවශ්‍ය නොවන බවත්ය. එසේම තමාට ඇමැතිකමේ සිට ජනාධිපතිවීමට අවශ්‍ය නොවන බවත් තමා වැඩ කරලා පෙන්නපු අයෙක් බවත් වැඩි දුරටත් පවසා සිටියේය.

වත්මන් ආණ්ඩුව විසින් මෑතකදී රථවාහන අනතුරු අඩු කිරීමේ උපක්‍රමයක් ලෙස පැනවු නව රථවාහන දඩ වලට තමන්ලා විරුද්ධ ඇයිද යන්න ගැන මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.

Connet With Us