ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සීමා නිර්ණ කමිටුව අමාත්‍යාවරයාට භාරදුන් වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බැවින් පවතින පළාත් සභා සංශෝධන පනත යටතේ මැතිවරණය පැවැත්වීමට ද නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මතය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා පසුගියදා අධිකරණයෙන් සිදුකළ මත විමසීමට අනුවයි.