මට ජනාධිපති වෙන්න ඕන නෑ - නන්දසේන කෙලින්ම කියයි

Published in පුවත්
Monday, 02 September 2019 15:27

අද පැවැති පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ රැස්වීමක දී නන්දසේන ගෝඨාභය අදහස් දක්වමින් කියා සිටියේ වඩාත් ආරක්ෂිත හා විනය ගරුක රටක් නිර්මාණය කිරීමට තමා පොරොන්දු වූයේ ඇමැතිවරයකු ලෙස නොව අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස බවත් වැඩ කිරීමට අවශ්‍ය නම් ඇමැතිකම් අවශ්‍ය නොවන බවත්ය. එසේම තමාට ඇමැතිකමේ සිට ජනාධිපතිවීමට අවශ්‍ය නොවන බවත් තමා වැඩ කරලා පෙන්නපු අයෙක් බවත් වැඩි දුරටත් පවසා සිටියේය.

මෙහිදී මහන්සි උපයා ගන්නා ධනය කප්පම් ලෙස ලබා දීමට සිදු වන්නේ නම්, තමාට කිසිවක් ඉතිරි නොවන බවත් පැවසු නන්දසේන, මෙම තත්ත්වය නැති කිරීමට තමා සුරක්ෂිත රටක් ඇති කිරීමට පොරොන්දු වු බවත් කියා සිටියේය.

කෙසේ නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු සිටියදී නන්දසේන ගෝඨාභය තමාට වැඩ කිරීම සඳහා ජනාධිපතිකමක් හෝ ඇමැතිකම අවශ්‍ය නොවන බව අවධාරණය කොට පැවසූවේ පරාජයේ සොහොන් ලකුණු දැනටම පෙනෙන්නට ගෙන තිබෙන නිසා දැයි දේශපාලන විචාරකයන් අදහස් දක්වයි. කොහොම හරි ජනාධිපතිවීමට උත්සහ කරනවා විනා තමන්ට වැඩ කිරීමට එම තනතුරු වුවමනා නැතැයි කීමෙන් ඔහුගේ කඩා වැටීම හැර වෙනකක් පෙන්නුම් නොකරන බව එම විචාරකයන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us