පොලිසිය මඟින් සිදුකරනු ලබන දඩ ගැසීම්වලට වෙනත් විසඳුමක අවශ්‍ය බවත් එය රියැදුරන්ගේ ආකල්පමය වෙනසක් සිදුකිරීම මඟින් විය යුතු බවත් නන්දසේන ගෝඨභය පසුගියදා තමන්ට පවසා සිටිය බවත් මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේ අද පැවැති පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ රැස්වීමකදීය.
මෙම දඩ මිළගනන් බොහො වැඩි බවත් මෙම දඩගෙවීම තව වැඩි කාලයක් පවත්වගෙන යැමට නොහැකි බවත් ඔහු පවසයි. මෙහිදි ඒ දඩයක් ගෙවීමට දවස් 5ක් නිකන් වැඩ කිරීමට සිදු වෙන නිසා ඒ දරුපවුල් වලට යන කළදසාව කුමක්දැයි මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරයි.