ශ්‍රීලනීප - ශ්‍රිපොජපෙ, 19 සංශෝධනය වෙනස්කර ඇමති මණ්ඩලයේ සීමාව ඉහළ දැමීමේ එකඟතාවයක Featured

Published in පුවත්
Tuesday, 03 September 2019 12:01

19 වන සංශෝධනය ප්‍රකාරව කැබිනට් ඇමැති මණ්ඩලයේ සීමාව 30 දෙනෙකුට සීමා කිරීම නිසා පාර්ලිමේන්තුව තුල වෙනත් පක්ෂ සාමාජිකයන් එකතු කරගෙන තනි ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමට බලවත් බාධකයක්ව පැවැතීම හේතුවෙන් එම ව්‍යවස්ථා සංශෝධයෙන් ඇමති මණ්ඩලයේ සීමාව ඉවත් කර ගැනීමට සඳහා ශ්‍රීලනීපයත් පොදුජන පෙරමුණත් මේ වන විට යම් එකගත්වයකට පැමිණ තිබෙන බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

පසුගිය කාලයේදී මෙම පක්ෂ දෙකෙහි නියෝජිතයන් කළ සාකච්ඡාවලදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පමණක් නොව ආණ්ඩුව බලය අත්පත් කර ගැනීම ඇමැතිකම් බෙදා හදා ගැනීම ගැනද සාකච්ඡා කර තිබේ. 19 වන ව්‍යවස්ථාව අනුව ජාතික අණ්ඩුවක් ගොඩනගන්නෙ නම් පමණක් ඇමැති මණ්ඩලය 45 දක්වා වැඩි කර ගැනීමේ හැකියාව ඇත. එහෙත් ඒ සඳහා බහුතර බලය හිමි පක්ෂය සමඟ අනෙක් කණ්ඩායම් පක්ෂ ලෙස එකතු විය යුතුය. පෙර යුගයේදී මෙන් තනි තනිව මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට තිබෙන ඉඩ කඩ ඉන් ඇහිරි තිබේ.

විශේෂයෙන්ම පොදු ජන පෙරමුණ මේ උත්සහ ගන්නේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහාට මෙහාට කර නව ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමට තිබෙන උවමනාව නිසාය. තමන්ගේ අපේක්ෂකයා වන නන්දසේන ගෝඨාබය ජයගත්තා හෝ නොගත්තා තම පාර්ශ්වයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කටයුතුකර මහ මැතිවරණයකට යෑම ඔවුන්ගේ අපේක්ෂාවය. තමන්ට පාර්ලිමේන්තු බහුතරය නොමැති නිසා අනෙක් පාර්ශවල මන්ත්‍රීවරුන්ට ඇමැති වරප්‍රසාද සහ වෙනත් වරදාන ලබා දී එම පිරිස් එකතු කරගෙන තනි ආණ්ඩුවක් සැකසීම ඔවුන් සිදුකළ යුතුය. එම යෝජනාවට ශ්‍රීලනිපයේද එකඟතාවය හිමි වීමි ව ඇතැයි පැවැසේ. ඒ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩුවට එක්වීමට කැමැති එජාපය සහ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේද සහයෝගය මත 19 වන ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට හැකි වෙනු ඇතැයි පොදුජන පෙරමුණ විශ්වාසය පල කරයි.

Last modified on Tuesday, 03 September 2019 12:14

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us