2020 රට භාරගන්නේ ජනාධිපතිවරයා නොවේ, අගමැතිවරයායි - ජනාධිපති Featured

Published in පුවත්
Wednesday, 04 September 2019 01:17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ අමතමින් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ කථාව

අපි අද පක්ෂයේ 68 වන සංවත්සර මහ උලෙළටයි එක්ව සිටින්නේ. මෙහි සිටින ඔබ වැඩි දෙනෙක් පක්ෂයේ ඉතිහාසය හොඳට දන්නවා. පක්ෂය, පක්ෂයේ නායකයින් පක්ෂයේ ආණ්ඩු රට හදපු හැටි ඔබ දන්නවා, රට ගොඩනගපු හැටි ඔබ දන්නවා, රට ඉස්සරහට ගත් ආකාරය ඔබ දන්නවා. මෙතන කළ ඉදිරිපත් කිරීම්, ඒ කතා බොහෝ දේ ඔබට සිහිපත් කරනවා. විශේෂයෙන්ම බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ අපි අපේ උරුමය, දේශීයත්වය, අපේ සංස්කෘතිය අපේ භාෂාව අපේ ආගම වගේම පුංචි මිනිසා, පොඩි මිනිසා, තැ`ථණු පෑගුණු මිනිසා, යටකළ මිනිසා, වැඩකරන මිනිසා, පීඩිතයා ඔ`එව ඉස්සුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ.

එස්.ඩබිලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාට පින්සිද්ධ වෙන්න ඔහු ඉදිරිපත් කළ දේශපාලන චින්තනයෙන්, ඒ දර්ශනයෙන් එතෙක් වරප්‍රසාද ලබපු ධනපති පංතිය, බමුණු කුලය එදා යටපත් වුණා. පුංචි මිනිස්සු ඔ`එව ඉස්සුවා. අද මේ රටේ ප්‍රශ්නය කුමක් ද, ඔබේ හෘද සාක්ෂියෙන් මම අහනවා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන මේ සියල්ල ගත් විට ඊට සම්බන්ධ වී කටයුතු කරන සියලු දේශපාලන පක්ෂවල ක්‍රියාකාරින් ඇතු`එ පිරිසෙන් රට වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනව ද, ජනතාව වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනවා ද, එය ඉතාමත් සු`ථ පිරිසක්. රට සහ ජනතාව වෙනුවෙන්, මානවවාදී ව මානුෂීය හැඟීමෙන්, අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන අපේ රට අපි අවංකව ගොඩනගමු, දූෂණයෙන්, වංචාවෙන් තොරව අපි රට හදමු කියන ඒ චින්තනයට මේ රටේ දේශපාලනයේ සියයට කීයක් ඉන්නවද. එතන තමයි තිබෙන ප්‍රශ්නය. ගෙම්බන් පනිනවා වගේ එහාට මෙහොට පනින්නේ රට වෙනුවෙන් හිතන අය නම් නොවේ. ඒ සියල්ලන් ම තමන් වෙනුවෙන් තමන්ගේ පුද්ගලික අනාගතය ගැන හිතන අයයි.

ඊළග ඇමතිකම, මන්ත්‍රීකම, සභාපතිකම කොහොමද, එතන තමයි මේ දේශපාලනයේ ලංකාවේ හුඟ දෙනෙක් ඉන්නේ. මේක තමයි අද මේ රටේ ජනතාව විසදාගත යුතු ප්‍රශ්නය. නමුත් සංවිධානයක් පිළිබඳ, පුද්ගලයන් පිළිබඳ හොඳ දේශපාලන පක්ෂයක්, හොඳ පුද්ගලයෙක් කියලා කෙනෙක්ට සහතිකයක් දෙන්න පු`ථවන් එකම සාක්ෂිකරුවා ඒ පක්ෂයේ, හෝ පුද්ගලයාගේ ඉතිහාසයයි. ඉතිහාසයක් නැති මිනිසුන්ට සාක්ෂියක් නැහැ. සැබෑ සාක්ෂිය ඉතිහාසයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසය තුළ සාක්ෂිකරුවා වී සිටිනවා, දේශීයත්වය, අපේ සංස්කෘතිය, උපේ උරුමය සමඟ දූෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක ඉතිහාසයේ සැබෑ ගෞරවණීය හිමිකරුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියලා මම පැහැදිලිවම කියනවා.

මෙහි දී අපේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න වන්නේ දශක 07ක් තිස්සේ අප විසින් අනුගමනය කර තිබෙන ජනතාවාදී යයි කියා කියාගන්නා නමුත් කොල්ලකාරී වුත්, වංචනික වූත් ඊනියා සංවර්ධන මාවත තවදුරටත් අනුගමනය කරනවා ද, නැතහොත් ඊට විකල්ප සංවර්ධන මාවතක් හදුනාගෙන එවන් මගක ගමන් කරනවා ද කියන ප්‍රශ්නයයි.

අංක 02 එහි දී තෝරාගත යුතු මාර්ගය වන්නේ එවැනි විකල්ප හා නව්‍ය මාවතක් තෝරාගන්නේ නම් එවැනි සංවර්ධන මාදිලියක් ගොඩනැගීමට ආභාෂය සපයනු ලබන නිවැරදි දේශපාලන දෘෂ්ටිය කුමක් ද කියා අප විසින් තේරුම් ගැනීමයි.

තුන්වනුව ජනතාවට තෝරා ගන්නට සිදුවන්නේ එවැනි විකල්ප සංවර්ධන මාවතක් හා දේශපාලනික දෘෂ්ටියක් සහිත දේශපාලන බලවේගය සහ ඒ සඳහා ලබාදෙන නායකත්වය කුමක්ද යන්න තේරුම් ගැනීමයි. අපි අවංකවම අද පවතින දේශපාලන තත්ත්වය ගැන තක්සේරුවකට ගියොත් ඔබට කියන්න පු`ථවන් ද නිවැරදි දේ තියෙන්නේ කොතන ද කියලා. ඔබට ඔප්පු කරන්න පු`ථවන් ද නිවැරදි දේ තියෙන්නේ කා ගාවද කියලා. ඔබට පැහැදිළි කරන්න පු`ථවන් ද නිවැරදි ගමන් මග අහවල් පක්ෂයේ, අහවල් නායකයාගේ කියලා. මු`ථ දේශපාලන ව්‍යුහයම මු`ථ ශ්‍රී ලාංකික දේශපාලන ජාලයම අවුල් සහගතයි. ශෝක ජනකයි. රට වෙනුවෙන් කල්පනා කරනවිට අනුවේදනීය යි. ඒක තමයි ඇත්ත තත්ත්වය. අපිට රූපවාහිනියෙන් නොයෙක් දේ කියන්න පුථවන්, ප්‍රවෘත්ති සාකච්ඡා තියලා නොයෙක් දේ කියන්න පු`ථවන්. හයියෙන් ශබ්ද නගලා කෑ ගහල කථා කරන්න පු`ථවන්. නමුත් ප්‍රශ්නය විසදෙනව ද, නැහැ.

ප්‍රධාන වශයෙන්ම අවුරුදු 2500ක බුදු දහම රැකගත්, අවිහිංසාව පදනම් කරගත් දැහැමි හා මානවවාදී මේ උතුම් දේශයේ අනාගත පැවැත්ම හෝ නොපැවැත්ම යහපත හෝ විනාශය, ඒ පිළිබඳ තීන්දුව තිබෙන්නේ අද සිටින දේහපාලනඥයන් සතුවයි. රටක් වශයෙන් අද අපි දිනා ගත යුතු සංවර්ධනය වන්නේ රටේ සියලු ජනතාවගේ අපේක්ෂා සදහා ජයග්‍රහණය අත්කර දෙන සංවර්ධනයක්. අපේ එය හඳුනාගත යුත්තේ තුලනාත්මක සංවර්ධනයක් ලෙසයි කියලා මම විශ්වාස කරනවා. එසේම ඒ සංවර්ධනයේ ප්‍රතිඵල භුක්තිවිඳීම සඳහා සියලු ජනකොටස් වෙත අවකාශ සලසා දිය යුතු වෙනවා. එවැනි ආර්ථිකයක් සර්වග්‍රාහී ආර්ථිකයක් විදියට අපට හදුන්වන්න පු`ථවන්කමක් තිබෙනවා. එසේම එම සංවර්ධනය කාර්යක්ෂම මෙන්ම තිරසර සංවර්ධනයක් විය යුතු වෙනවා. ඒ නිසා අප ගොඩනැගිය යුත්තේ හරිත ආර්ථිකයක්.
සංවර්ධනය කාර්යක්ෂම කළහැකි වන්නේ තාක්ෂණයෙන්. අද එම තාක්ෂණය නියෝජනය කරන්නේ සුහුරු තාක්ෂණය. ස්මාර්ට් ටෙක්නොලොජි, එවැනි සුහුරු තාක්ෂණයක් ගොඩනැගිය හැකි වන්නේ අප විසින් රොබෝ තාක්ෂණ හැකියාව සහිත ඩිජිටල් යුගයක් රට තුළ බිහි කිරීමෙන්. ඒක තමයි අද තිබෙන විසඳුම.
වසර 05කට ආසන්න මගේ පාලන කාලයේ ශේෂපත්‍රය කවුරුන් කලෙස අර්ථ ගැන්වුවත්, මොන ආකාරයට විග්‍රහ කළත් ඉහත කී ගුණාංග සහිත සංවර්ධන මාවතක් ජනතාවට ලබාදීමට මම වෙර දැරුවා මෙන් ම එවැනිනක් සඳහා මා හට සටන් වදින්නට සිදු වුණා. ඒ දුෂණය පිටුදැකීමට, රට විකිණීමට එරෙහිව. සංවර්ධනය හරි පාරට ගන්න. සමාජය විනයවත් කරන්න, රටේ නීතිය සැමට එක ලෙස බලපාන තත්ත්වයට ගොඩනගන්නයි, ඒ මගේ උත්සහය සහ ව්‍යායාමය.

2015 ජනවාරි 08වන දා මැතිවරණයේ දී මම උඩුගම් බලා පීනපු කෙනෙක්. එය මොනතරම් අභියෝගයක් ද කියලා එදා දේශපාලන ව්‍යාපාරයේ සිටි අයටත්, රටේ ජනතාවටත් ඒ අවස්ථාවේ පැහැදිළි වුණා. ඒ අභියෝගය ජයග්‍රහණය කරලා හදපු ඒ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු අද ඇතැම් අයට අමතකයි. එහෙත් බොහෝ දෙනෙක්ට මතකයි. එම ආණ්ඩුව යම් ප්‍රමාණයකට, යම් වැඩකොටසක් කළා වගේ ම, අනෙක් හවුල්කාරිත්ව පාර්ශ්වය මට කිසිසේත්ම අනුමත කළ නොහැකි රටට නොගැළපෙන දේ රාශියක් කළා. ඒ අන්ත ලිබරල්වාදය අපට ගැළපෙන්නේ නැහැ. නව ලිබරල්වාදය රටට දේශපාගන හූනියමක් කියලයි මම විශ්වාස කරන්නේ. නමුත් මෙහිදී අප විසින් දෙයක් තේරුම් ගත යුතු වෙනවා. නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙක් වීම නිසා, එවැනි වූ සාධනීය මැදිහත්වීම් සඳහා වූ නිසි ඇගැයීම් මෙරටට සාපයක් වී ඇති ප්‍රභූ දේශපාලන පංතිය විසින් වල දමා තිබෙනවා.

අප රට වෙළාගෙන පවතින පසුගාමිත්වයට පදනම සපයන්නේ ජනතාවගේ ඇස්වලට වැලි ගස්වා, ජන ඇස හිරිවට්ටමින් සිදු කරන මෙම ප්‍රභූ දේශපාලනයි. එහි පදනම ජාවරම්කාරිත්වයයි. එම දේශපාලනය හදුන්වාදිය හැකි අපගේ ජනවහර වන්නේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස් නැමති පිරුළයි. එසේ නොමැතිනම් නමින් කපුරුහාමි නමුත් කට ගඳයි යන්නයි. මෙම ප්‍රෝඩාකාරි දේශපාලනය ජනතාවට නිරාවරණය කිරීම මෙන්ම එය පරාජය කිරීම මෙම යුගයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්වී තිබෙනවා.

ඒ සඳහා ගොඩනැගිය හැකි පු`ථල්ම ජන බලවේගය ගොඩනැගීම අද දවසේ අප ඉදිරියේ පවතින අපේ ඒකායන වගකීමයි. රටේ සංවර්ධනයේ ද, දේශපාලනයේ ද, නායකත්වයේ ද මාලිමාව විය යුත්තේ අප ගොඩනගන මේ දේශපාලන බලවේගයයි. එම මාලිමාවේ කාන්දම විය යුත්තේ නිර්ප්‍රභූ දේශපාලනයයි. මේ රටේ අද ධනපති ප්‍රභූ දූෂිත දේශපාලන ජාවාරම්කාරයෝ එක පිලකට වෙලා තිබෙනවා. ජනතාව තේරුම්ගත යුත්තේ එයයි. ඔවුන්ට පක්ෂයක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ, නමුත් දූෂිත ප්‍රභූ දේශපාලන පංතියකට එකතු වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදුනාගත යුත්තේ එයයි. දූෂිත රදළ, ප්‍රභූ ගජ මිතුරු කල්ලි ජනතාවට තවම රහසක්. එය හෙළිදරව් කිරීම ඉතාමත් අවශ්‍යයි. රටේ බහුතරය නිර්ප්‍රභූ මෙන්ම ඔවුන් බලසතු නොවු නිර්ධනයන් ද වෙනවා. රටේ අනාගත දේශපාලනය රදා පවතින්නේ මෙම නිර්ප්‍රභූ, නිර්ධනයන්ගේ තීරණය මතයි.
මේ පංතියට, ජාති භේදයක්, ආගම් භේදයක් අදාළ නොවන්නේ ඔවුන්ගේ සටන සාගින්නට එරෙහි වීම නිසායි. නමුත් ප්‍රභූ දේශපාලනය ඔවුන් වෙත ජාතිවාදය, ආගම්වාදය එන්නත් කරන්නේ මා වරෙක උපුටා දැක්වූ ව්‍යාජ දේශප්‍රේමය වනාහි තක්කඩින්ගේ අවසාන තිප්පොළ වන්නේ ය යන කියමන සනාථ කරමින් කියලා මම ඔබට මෙහිදී පැහැදිළි කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු මිනිසාගේ දේශපාලන පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප විසින් අපේ වගකීම් සහ යුතුකම් තේරුම්ගත යුතුයි. රදළවාදී දූෂිත ප්‍රභූ පංතිය එකම පිලක් බවට පත්වෙලා මට විරුද්ධ වුණා. වසර හතර හමාරක් මට සිදුවූයේ රටට වැඩ කරන්න නොවේ. ඔවුන්ට විරුද්ධව සටන් කරන්න. අන්ත දූෂිත දේශපාලනයක් අදත් රට වෙලාගෙන තිබෙනවා. මේ රටේ දුෂණය නැත්තේ කොතන ද, පාර්ලිමේන්තුවේ ද, පළාත් සභාවේ ද, පළාත් පාලන ආයතනවල තත්ත්වය කුමක් ද අද, කොලඹ මහ නගර සභාවේ ඉදලා පළාත් පාලන ආයතන සියයට අනූවක් අන්ත දූෂිතයි. ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගන්න, ඉඩම් සැලැස්මක් අනුමත කරගන්න සභාපතිට මිලියන ගණනක් දෙන්න ඕන. මම අහනවා මේක නැද්ද කියලා. මට නැහැ කියන්න. ආණ්ඩුවටයි විපක්ෂයටයි දෙගොල්ලන්ටම පළාත් පාලන ආයතන අයිතියි. එහෙමනම් කවුද වගකීම ගන්නේ, ආණඩුවයි, විපක්ෂයයි පළාත් පාලන ආයතන දූෂිත බවින් තොරකරගන්න කිසිම පිළියමක් අරගෙන නැහැ. ආණ්ඩුවටත් විපක්ෂයටත් කිසිම සහතිකයක් නැහැ, දුෂණය වළක්වනවා කියලා, තමන්ට අයිති පළාත් පාලන ආයතන සියල්ලම දූෂිත නිසා. ඒ නිසා අපි මේ තත්ත්වයන් තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා.

අද රටට ගැළපෙන දේශපාලනඥයා කවුද කියා සොයා ගැනීම ඉතා අවශ්‍ය වෙනවා. මගේ වසර පහකට ආසන්න පාලන කාලය තුළ මේ ආණ්ඩුවට කරන්න තිබුන ලොකුම නින්දාව, අපහාසය, ලොකුම හුනියම, භීෂණය සිදු කරපු මහබැංකු කොල්ලයේ වගඋත්තරකරුවන් මේ රටේ දේශපාලනයෙන් වහ වහා ඉවත්විය යුතුයි. අද සුද්දවන්ත මහත්තුරු විදියට ඉදිරි ජනාධිපතිවරණය ගැන කථා කරනවා. තව බොහෝ දේ ඉදිරි දිනවලදී හෙළි වෙයි. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම සකස් කරලා අවසන්. අර්ජුන් මහේන්ද්‍රන්ට වැඩිය ලොකු මහත්තුරුන්ට වගඋත්තරකරුවන් විදියට උසාවියේ කූඩුවට නගින්න ලිපි ගොනු හදලා ඉවරයි කියලා මම තමුන්නාන්සේලාට කියනවා.

රටේ ජනතාවගේ ඡන්ද බලයට කුමක් ද කෙරුවේ පළාත් සභා ඉවරයි. ආයෙත් පළාත් සභා ඡන්දයක් නැහැ මේ රටේ. නිලධාරින් දහස් ගණනක් පඩි ගන්වා. පළාත් සභාවල වත්කම් දේපළ ටි්‍රලියන් ගණනක් තිබෙනවා. පළාත් සභා ක්‍රමයටත්, පළාත් සභා ඡන්දයටත් ඇණ ගහලා එය අවසන් කරලා ඉවරයි. ඊට ප්‍රධාන වගඋත්තරකරුවා, ශ්‍රේෂ්ඨාධිකරණ මට දන්වා ඇති පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මත විමසුම අනුව පාර්ලිමේන්තුවේ අදාළ වාර්තාව අගමැතිවරයා විසින් ඉදිරිපත් කර නොමැති නිසා, පළාත් සභා ඡන්ද ඉවරයි. ආයේ එහෙම එකක් කවදා එයිද කියලා කියන්න බැහැ. පළවෙනි වගඋත්තරකරුවා අගමැතිවරයා. ඒ නිසාම මෙවර මෙම පොදු ජන දේශපාලන බලවේගය නැවත මතු කරගෙන සදාචාරවත් මෙන්ම ඓතිහාසික වගකීම ඉටුකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඉදිරියට යාමේ වගකීම අපිට පැවරී තිබෙනවා.

අද රටට අවශ්‍ය වන්නේ අවංක නිහතමානී දේශපාලන වැඩපිළිවෙළක් තිබෙන මිනිසුන්ට ආදරය කරන නායකයින් කියලයි මම විශ්වාස කරන්නේ. දැන් ආණ්ඩුවේ අයත් විපක්ෂයේ අයත් උතුරේ නායකයෝ එක්ක රහස් සාකච්ඡා කරනවා. ඊළග මැතිවරණයට ඡන්දය ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා අවුරුදු හතර හමාරක් හැදුවා. කෝටි ගාණක් වියදම් කළා, කරපු දෙයක් නැහැ. ආණ්ඩුවත් විපක්ෂයත් සුපුරුදු පරිදි ඡන්ද ගැනීමට පමණක් උතුරේ නායකන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මේ කිසිම කෙනෙකුට වැඩපිළිවෙළක් නැහැ.

සමහර අය අහනවා ඇයි හිටපු ජනාධිපතිවරු විදියට තමුන්ට වැඩකරන්න බැරි කියලා. මම 06 වන ජනාධිපති කියලා ඔබ දන්නවා. 19 වන සංශෝධනයෙන් හිටපු ජනාධිපතිවරු වැඩ කරපු විදිහට වැඩකිරීම මම අවසන් කළා. ජනාධිපතිවරයා ජනාධිපති ඡන්දයට රුපියල් කෝටි 450ට වැඩිය වැය කරනවා. හැබැයි කවුරුන් පත්වුවත් ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා 19 වන සංශෝධනයට අනුව කිසිවක්ම කළ නොහැකි පුද්ගලයෙක්. ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයවත් නැහැ, ඒ සියලු බලතල අගමැතිවරයාට, අද රටේ ජනතාව මේ ප්‍රශ්නය කතා කරන්නේ නැහැ. මාධ්‍ය කතා කරන්නේ නැහැ. අද ඔක්කොම කතා කරන්නේ ජනාධිපති අපේක්ෂකයා ගැන. හැබැයි 2020 රට භාරගන්නේ ජනාධිපතිවරයා නොව, අගමැතිවරයා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා අපි ජනාධිපතිවරයා පත් කර ගැනීමට තිබෙන උනන්දුවට වඩා මීළග අගමැතිවරයා පත් කර ගැනීම පිළිබඳ උනන්දු වෙන්න ඕන.

මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කළා. ජනතාවගේ නිදහස සහතික කළා. ආණ්ඩුවේ කිසිම වෙඩිල්ලක්, දේශපාලන හේතුවක් හෝ පෞද්ගලික හේතුවක් මත රටේ පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය මගේ යුගය කියලා මම තමුන්නාන්සේලාට පැහැදිළිව කියනවා. ගෙවල් ගිනි තිබ්බේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ නැහැ. ජනාධිපති ආරක්ෂක අංශය, හමුදාව මිනීමරන්න, වැරදි වැඩවලට යෙදෙව්වේ නැහැ. ඒ කිසිම චෝදනාවක් මගේ කාලයේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වාර්තාව පිහිටුවන්න මට පු`ථවන්කම ලැබුණා.

ඒ නිසා තමුන්නාන්සේාල අපි යහපත් සමාජයක් හදන්න කැපවෙන්න ඕන. නිර්මල බුදු දහමින් පෝෂිත සමාජයක සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලුදෙනාට සාධාරණ සමාජයක ජීවත්වීමේ අයිතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වගකීම අප විසින් ඉෂ්ට කළ යුතු වෙනවා.
ඒ වගේම අපිට රටක් වශයෙන් තිබෙන ප්‍රධාන ප්‍රශ්නය දුගී භාවය. දුගිභාවයට පිළියම් යොදන්න රටට ආදරය කරන අවංක දේශපාලනඥයන් ඕන, උගතුන්, බුද්ධිමතුන් වැඩි වෙන්න ඕන. රටේ ප්‍රශ්න හදුනාගත් පිරිසක් ඉන්න ඕන.

රට වෙනුවෙන් දේශපානය කරන පිරිසක් රට භාරගන්න ඕන. දේශද්‍රෝහීන්ට විරුද්ධව, පාවාදීම්වලට විරුද්ධව, දූෂිත දේශපාලනයට විරුද්ධව තමුන්නාන්සේලා අපි ශක්තිමත් වෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට.

මේ ඊයේ පෙරේදා මම දැක්කා මේ ආණ්ඩුවේ කටමැද දොඩවන අයෙක් කුලියපිටියේ පැත්තේ ගිහින් කියලා තිබුණා 2015 ඒගොල්ලන්ට අත්වැරදිමක් වුණාය, අපේක්ෂකයා තෝරනකොට, ඒ වගේ මේ පාරනම් තෝරන්නේ නැත, ඒ වගේ තේරුවොත් ඒගොල්ලන්නට පාරේ යන්නවත් ලැබෙන්නේ නැත කියලා මේ පුද්ගලයා කියලා තිබුණා. මම ඒ අයට කියන්න ඕන, මම ආණ්ඩුවේ ජනාධිපති විදියට හිටපු නිසා තමයි, ඇතුලේ සටන් කරපු නිසා තමයි, ඇතුලෙ කරලා, පිටත් සටන් කරපු නිසා තමයි, බැරිම තැන රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න මට තීන්දු තීරණ ගන්න පු`ථවන් වුණේ, ඒ තිබුණු බරපතළ තත්ත්වය නිසයි. මම ආණ්ඩුවේ ඇතුලේ ඉදලා රට රැක ගන්නයි, ජනතාව රැකගන්නයි, ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නයි දූෂණයට, හොරකමට විරුද්ධව මම සටන් කළේ නැත්නම් ඔය කියන අයගේ රෙදි බැනියම් නෙවේ, අමුතුවෙත් ඉතුරු වෙන්නේ නැහැ. ඒවත් රැකිලා තියෙන්නේ මම නිසා.

ඒ නිසා තමුන්නාන්සේලා අපි යහපත් අනාගතයක් ගොඩනගමු. අපිට අවශ්‍යය ස්වදේශිකවාදී, ප්‍රගතිශීලි, මානවවාදී පු`ථල් දේශපාලන පෙරමුණක්. ලබන ජනාධිපතිවරණය තමයි අද අපි මේ පටන් ගත්තේ. අපි ඉදිරි සති කිහිපය තුළදී දිස්ත්‍රික් සම්මේලන පවත්වනවා. පක්ෂය ශක්තිමත් කරනවා. ජනතාවාදී පු`ථල් දේශපාලන පෙරමුණක් අපි හදනවා.

තමුන්නාන්සේලා හුග දෙනෙක් අහනවා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා, කාටද සහයෝගය දෙන්නේ, මෙහෙම ප්‍රශ්න අහනවා, මම ඒකට එක උත්තරයක් දෙනවා, මොකක් ද, අපේ ප්‍රතිපත්ති තුළ අපේ දර්ශනය තුළ 2020 ආණ්ඩු හදන්නේ අපියි කියලා මම තමුන්නාන්සේලාට කියනවා. ඊට සූදානම් වන්න. අපි අපේ ශක්තිය පෙන්නමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවුරුදු 68 යි. මටත් 68යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ ශක්තියෙන්, යෝධ ජවයකින් පක්ෂය ගොඩනගලා ඉදිරි මාස කිහිපය තුළ මේ රටේ දේශපාලන පරිවර්තනයක් කරලා, විප්ලවීය සටනක් කරලා 2020 අලුත් ආණ්ඩුවක් හදමු. තමුන්නාන්සේලාට ජය වේවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2019-09-03

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us