හිටපු මැති ඇමැතිවරුන්ටත් වාහන තීරුබදු සහන.. මංගලගේ විරෝධයෙන් නවතී.

Published in පුවත්
Wednesday, 04 September 2019 11:52

මේ වන විට කල් ඉකුත් වී ඇති පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇත.

ඉන් පසුව යෝජනාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් දමා තිබේ. ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිම සඳහා එම යෝජනාව සිදු කර තිබිණි.

ඇමැති වජිර අබේවර්ධන සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ හැර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිම වෙනුවෙන් එම යෝජනාව ඉදිරිපත් කළ බවය.

උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 37 දෙනාට තීරු බදු සහන යටතේ වාහන ආනයනය සඳහා මීට පෙර බලපත්‍ර ලබාදී තිබිණු නමුත් අනෙකුත් පළාත් සභා මැති ඇමැතිවරුන් 418 දෙනෙකුට වාහන ආනයනය සඳහා පසුගිය වසර පහ තුළම අවසර නොලැබිණි.

කෙසේ නමුත් මේ වන විට කාලය හමාර වී තිබෙන පළාත් සභාවල හිටපු මන්ත්‍රී සභිකයන්ට වාහන තීරුබදු සහන ලබා දීම බැලු බැල්මටම විකාරයකි. අපරාධයකි. මන්ත්‍රී වරප්‍රසාදයක් ලෙස මෙම තීරු බදු සහනය ලබා දීම සිදු කළත් අදාල කාලයේදී ඊට කැබිනට් අනුමැතිය නොලැබීම ඒ අදාල කාලයට සම්බන්ධ ගැටලුවකි. ඊට දැන් උත්තර සෙවීම ඒ හිටපු මැති ඇමතිවරුන්ට මහජන මුදල් වැය කර මුල්‍යමය අල්ලසක් ලබා දීමකට වඩා දෙයක් වන්නේ නැත. මෙය මහජන දේපොළ කොල්ලයකි. තීරුබදු සහනය අනිවාර්යෙන්ම ලබා දිය යුතු මන්ත්‍රී අයිතියක් බවට නියමයක් නැත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us