හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ධූරයෙන් විශ්‍රාම ගිය පසු 23වැනි යුද හමුදාපති ලෙස පත්වීම් ලැබුවේ මහේෂ් සේනානායක යටතේ දෙවෙනියා ලෙස සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. ඒ ලුතිනන් ජෙනරාල් නිළයට උසස්වීම් ලබමින් ය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල තානාපති නිළධාරීන් දොලොස් දෙනෙකු හමුවීමට නියමිතය .ඇමැති රවී කරුණානායකගේ නිවසේ තානපති නිලධාරීන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබෙන අතර එහිදී එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ මතය දැනුම් දෙනු ඇතැයි පැවසේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව තිබෙන අරමුදල් වලින් රුපියල් බිලියන 1.2ක් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමි‍ටුවක් නම් කරල ලද බවත් පවසමින් මාධ්‍ය කිහිපයක සහ සමාජ ජාලා වල සැරිසරන පුවත් මුලුමනින්ම අසත්‍ය බව අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.

ඊයේ සවස ශ්‍රීලනීප නියෝජිතයන් සමඟ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ නියොජිතයන් පිරිසක් අතර පැවැති සාකච්ඡාව අසාර්ථකව අවසන් වූවත් මෙම සාකච්ඡාව සාර්ථක බව මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශකර තිබිණි. ඊට හේතු වෙ ඇත්තේ ශ්‍රීලනීපයේ කොන්දේසිවලට යටත්ව සන්ධානයක් පිහි‍ටුවීමට බැසිල් රාජපක්ෂ ශ්‍රීලනීපයෙ ඉල්ලිමට එකඟවීම නිසා බව ශ්‍රීලනිප අරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන නිල ප්‍රකාශය නිකුත් කරන තෙක් ශ්‍රිලනිපයේ ස්ථාවරය ප්‍රකාශට පත් නොකරන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) සවස පැවැති ශ්‍රිලනිප ආසන සංවිධාකවරුන්ගේ ‍රැස්වීමේදී අවධාරණය කර තිබේ.

1915 වර්ෂයේ ඇතිවූ කෝලාහලය නිසා බහුතර මුස්ලිම්වරුන්, සිංහලයන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වුණා. එකල සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය දැඩි බලයක් යොදාගනිමින් සිංහල කැරලිකරුවන් මර්දනය කළා. දහස්ගණනක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව නඩු විභාගයන්ට යොමු කළා. ඊට අමතරව සිංහල ජාතිකයන් ඝාතනය කළා.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගියදා නම් කරන ලද නන්දසේන ගෝඨාභය එම පක්ෂයේ අපේක්ෂකයා නොව තමන්ගේ ජාතික අපේක්ෂකයා යැයි සිංහල ජාතිවාදයේ අන්තයක් නියෝජනය කරන මහාචාර්ය නලීන්ද සිල්වා සිය කාලය බ්ලොග් අඩවියෙහි අද දින විශේෂ ලිපියක් පළ කරමින් කියා සිටී.

නන්දසේන ගෝඨාභය සහ පොහොට්‍ටු ප්‍රධානින් අතර වර්ධනය වෙමින් තිබෙන බල අරගලය දැන් උග්‍ර අතට පත්වෙමින් තිබේ. නන්දසේන පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ හෝ එම පවුලේ කැමත්තකින් වත් පොදුජන පෙරමුණේ අනෙක් නායකයින්ගේ ඒකමතික කැමැත්තකින් හෝ නොවේ.

ඉදිරි ජනාධිපතිවරණයෙ හි එජාප අපේක්ෂකයා නම් කරන තුරු ශ්‍රීලනීපයේ තීන්දුව ප්‍රකාශට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. 

අද මව්බිම පුවත් පත අද ප්‍රධාන සිරස්තලය ලෙස සඳහන් කරන්නේ බැඳුම්කරේ මිලියන හැත්තෑපහක් රනිල්ගේ ගෙදරටම ගිහින් දුන්නා - ඇලෝසියස් "මව්බිමට" කියයි මැයෙන් යුතු පුවතය. ඒ අනුව විවාදාත්මක මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනුවේ ප්‍රධාන චුදිතයා වන අර්ජුන් ඇලෝසියස් එජාප නායක රනිල් වික්‍රමසිංහට රුපියල් මිලියන 75 ක මුදලක් ඔහුගේ අතටම බාර දී ඇතැයි පැවසේ. ඒ 2015 ජුලී 23 වන දිනය.

Connet With Us