ගෝඨාට බෑ.. බැසිලුත් පිළිගනී.. ශ්‍රීලනීපයට ඕන විදිහේ සන්ධානයකට එකඟත්වයක් Featured

Published in පුවත්
Wednesday, 28 August 2019 11:31

ඊයේ සවස ශ්‍රීලනීප නියෝජිතයන් සමඟ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ නියොජිතයන් පිරිසක් අතර පැවැති සාකච්ඡාව අසාර්ථකව අවසන් වූවත් මෙම සාකච්ඡාව සාර්ථක බව මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ ප්‍රකාශකර තිබිණි. ඊට හේතු වෙ ඇත්තේ ශ්‍රීලනීපයේ කොන්දේසිවලට යටත්ව සන්ධානයක් පිහි‍ටුවීමට බැසිල් රාජපක්ෂ ශ්‍රීලනීපයෙ ඉල්ලිමට එකඟවීම නිසා බව ශ්‍රීලනිප අරංචි මාර්ග පවසයි.

පොදුජන පෙරමුණේ අපේක්ෂා කළේ ශ්‍රිලනිපයේ සහයෝගය එම පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක නන්දසේන ගොඨාභයට ගෙඩි පිටින්ම ලබා ගැනීම වූවත් .ශ්‍රිලනීප කොන්දෙසි හමුවේ එම අපේක්ෂා බිඳ වැටී තිබේ.

ශ්‍රීලනිපය මෙහිදී දැඩිව අවධාරණය කර තිබුණේ ශ්‍රීලනිපය කිසිසේත්ම පොහොට්‍ටුවේ කොටසක් වන්නෙ නැති බවය. එම නිසා ශ්‍රීලනීපයේ කොන්දෙසිවලට යටත්ව පොහොට්‍ටුව ක්‍රියාත්මක විය යුතු බව කරුණු සහිතව පෙන්වා දී තිබේ.

මෙහිදී ශ්‍රිලනීප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉතා දැඩිව ශ්‍රීලනිප කොන්දෙසි වෙනුවෙන් පෙනී හිදිමින් බැසිල් රාජපක්ෂගේ සියලු තුරුම්පු නිශ්ක්‍රීය කිරීමට සමත්ව තිබේ. පසුව බැසිල් රාජපක්ෂ මීට එඟත්වය පළ කර ඇත්තේ නන්දසේන ගෝඨාභයට ශ්‍රිලනිපයේ සහය නොමැතිව කිසිසේත්ම ජය ගැනීමට හැකියාවක් නොමැති බැවිනි.

පොදුජන පෙරමුණ විසින් ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ සමීක්ෂණය අනුව සිය අපේක්ෂකයාට ලබා ගත හැකි උපරීමය සියයට 42 ක සීමාවේ නතර වෙන බව නිගමනය කර තිබේ. එනම් ඡන්ද සංඛ්‍යාව අනුව ලක්ෂ 50 ඉක්මවා යෑම කළ නොහැකිව තිබේ.

රාජපක්ෂ කණ්ඩායම 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ලක්ෂ 50 ක ප්‍රමාණයයි.එය ලබා ගත්තේ ආණ්ඩුව බරපතල ලෙස දුර්වලව සිටි අවස්ථාවක හා රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය ඉහලම තලයක් තිබුණු අවස්ථාවකය. එනම් රාජපක්ෂ නමින් පොල්ලෙල්ලක් දැම්මත් දිනන තරමේ කිසි වග විභාගයක් නොමැතිව රාජපක්ෂවරුන්ට ඡන්දය ලබා ගැනීමේ හැකියාවක් තිබුණු මොහොතකය. නමුත් ඉන් පසුව ඇතිවූ දේශපාලන තත්වයන් හමුවේ රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහල බැසීමට හෙතු විය. එසේම ආණ්ඩු පක්ෂය සිය දුර්වලත්වයන් මඟ හරවාගෙන රටේ ජනතාවට ප්‍රතිලාබ රැසක් ලබා දීමේ වැඩසටහන් ගනනාවක් සීග්‍රයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. විශේෂයෙන්ම ග්‍රාමීය ඡන්ද දායකයා ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති අති විශාල ගනනක් දියත් කෙරුණි. මේ තත්වයන් සෘජුවම රාජපක්ෂවරුට ග්‍රාමීයව තිබෙන ජනප්‍රියත්වය පහල වැටීමටද හේතු වී තිබේ. පොදු ජන පෙරමුණ පසුගියදා රට පුරා පවත්වනු ලැබූ සමීක්ෂණයෙන්ද මේ බව අණාවරණය වී තිබේ.

ඒ අනුව නන්දසේන ගොඨාභයට සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද දායකයාගේ කැමැත්ත ලබා ගැනීමේ අසීරු තාවයකටද මුහුණ දිමට සිදුව් තිබේ. එසේම මැතිවරණයදි තීරණාත්මක වන නාගරික මැද පන්තිය මහින්ද රාජපක්ෂ කෙරෙහි ප්‍රිය වූවද නන්දසේන ගේ මිලිටරි හැසීරීම පිළිගන්නා තැනක නොමැත. මේ නිසා නාගරික මැද පන්තියෙහි ඡන්ද වෙනුවෙන්ද නන්දසෙන සම්බන්ධයෙන් සුදු චිත්‍රයක් ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණට සිදුව තිබේ. මේ අනුව සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් තරගය ජය ගත හැකි බව ඔවුන් මුලින් විශ්වාස කළත් ශ්‍රීලනිපයේ සහ සුළු ජන කොටස් වල සහය ලබා ගැනීමට දැන් අනිවාර්ය වී ඇත.

ලංකාවෙ සම්පුර්ණ සුලු ජාතික ඡන්දවන 28% න් අවම 25% ක් වත් පවත්න්නෙ නන්දසේනට ඡන්දය නොදෙන තැනකය. ඔහුට ඡන්ද ලැබෙනු ඇතැයි සිතන සිංහල ජන්ද 75% න් 7% ක් හෝ 8% ක් ජවිපෙ සහ අනෙකුත් අපේක්ෂකයො සියල්ලම 2% ගත්විට ඔහුට ඉතිරි වන්නේ 65% යි. නමුත් එම 65% ඡන්ද ප්‍රමාණය එක්සත් ජාතික පක්ෂයට ද බෙදී යයි. අඩුම තරමේ 20% ක් වත් එජාපය ලබා ගනු ඇත. ඒ අනුව නන්දසේනට බලාපොරොත්තු තැබිය හැක්කේ 45% ක් ගැන පමණය. ඒ නම් 50% ඉක්මවා යන්න නොහැකි බවය. ඒ සරල අංක ගණිතයට අනුව නන්දසේනට ජය ගත නොහැක.

Last modified on Saturday, 31 August 2019 01:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us