ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තෙක් ශ්‍රිලනිපය නිහඩයි..සිරිසේන තවත් අවුලක් හදයි

Published in පුවත්
Wednesday, 28 August 2019 00:19

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන නිල ප්‍රකාශය නිකුත් කරන තෙක් ශ්‍රිලනිපයේ ස්ථාවරය ප්‍රකාශට පත් නොකරන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) සවස පැවැති ශ්‍රිලනිප ආසන සංවිධාකවරුන්ගේ ‍රැස්වීමේදී අවධාරණය කර තිබේ.

මේ අනුව ශ්‍රීලනිපයේ සහයොගය ලබා ගැනීම වෙනුවෙන් පොදුජන පෙරමුණ විසින් ගෙන ගිය මෙහෙයුම අඩාලවී ඇත. අද සවස බැසිල් රාජපක්ෂ ශ්‍රිලනීප නියොජිතයන් සමඟ කළ සාකච්ඡාව ද අසාර්ථකව නිම වී තිබිණි. පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රීලනීපයේ සහයෝගය අත්‍යවශ්‍යව තිබේ. සුළු ජන පක්ෂ වල සහහෝගය ලබා ගැනීමේ දුෂ්කර තාවය නිසා පොදු ජන පෙරමුණ ශ්‍රීලනිපයේ සහය තදින්ම අපේක්ෂා කරයි.

එසේම එජාපයේ අපේක්ෂකයාටද ශ්‍රිලනිපය සතුව තිබෙන ලක්ෂ 14 ක පමන ජන්ද ගොඩ ලබා ගැනිමෙන් තොරව ජයග්‍රහණය ගැන කල්පනා කළ නොහැක. ජනාධිපතිවරණයේදී සියයට 50 ඉක්මවා ලබා ගැනීම එක් පාර්ශ්වයක් වඩාත් ශක්තිමත් වීම සිදු විය යුතුය. මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරන සටන දෙපාර්ශ්වයක සටනක් බවට පත්ව තිබුණු නමුදු මෙවර එය ප්‍රධාන පාර්ශ්ව 3 ක 4 ක සටනක් බවට පත් වීමෙහි පවතින ඉඩ කඩ නිසා සියයට 50 සීමාව ඉක්මවා යෑම එකදු පාර්ශ්වයකට හෝ පහසු නොවනු ඇත. මේ නිසා ශ්‍රිලනිපයේ සහය කවර හෝ පාර්ශ්වයකට ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනු ඇත.

එහෙත් ජනාධිපතිවරයා මේ මොහොතේදී ශ්‍රීලනීපය නිශ්ක්‍රීය කිරීමට ගෙන තිබෙන තීරණය නිසා අනෙක් කවර පාර්ශ්වයකට හෝ සිය ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබ ගැනීමේ අවස්ථාව අහිමි කොට තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us