සංස්කෘතික අරමුදල ගැන හොයන්න කමි‍ටු පත්කර නෑ..- අගමැති ලේකම්

Published in පුවත්
Wednesday, 28 August 2019 12:13

මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව තිබෙන අරමුදල් වලින් රුපියල් බිලියන 1.2ක් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමි‍ටුවක් නම් කරල ලද බවත් පවසමින් මාධ්‍ය කිහිපයක සහ සමාජ ජාලා වල සැරිසරන පුවත් මුලුමනින්ම අසත්‍ය බව අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.

අඊයේ පැවැති එජාප ජෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙ බව රනිල් වික්‍රමසිංහ පැවසූ බව ද මෙම ව්‍යාජ පුවතේ සඳහන්ය. එහෙත් එම රස්වීමේදී මේ සම්බන්ධයෙන් කිසිදු කතා බහක් සිදුව නොමැත. එසේම මේ පිළිබඳ අග්‍රාමත්‍ය ලේකම් සමන් එ්කනායකගෙන් කළ විමසීමේදි ඔහු එවැන්නක් ගැන කිසිදු නොදන්න බව පැවැසීය.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් රවී කරුණානායක මෙම චෝදනාව දැන් කලක සිට කරමින් සිටින අතර ඊයේ දිනයේදී ඔහුගෙන් වැ‍ටුප් ලබන සමාජ ජාලා ක්‍රියාකාරිකයන් විසින්ද මෙම ව්‍යාජ පුව බෙදා හරිමින් තිබිණි.

ඇමැති සජිත් ප්‍රේමදාසගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු පවසා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැය වූවානම් ඒ සම්බුද්ධසාසනයේ සහ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන නඩත්තුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් බවත් මහ බැංකුව කොල්ල කාලා ඒ සල්ලි වලින් මන්දිර හදපු අය මෙම චෝදනාව කරන්නෙ සම්බුද්ධසාසනය විනාශ කිරීමට බවත් පැවැසීය. මේ වන විට ශ්‍රීලංකාවේ භික්ෂූන් බහුතරයක් තමා සමඟ සමීපව කටයුතු කිරීම ප්‍රිය නොකරන අයට අවශ්‍ය වී තිබෙන්නේ බුද්ධ සාසනය විනාශ කිරීමේ වුවමනාව බවත් ඔහු අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us