අවසන් තීරණය ගන්න රනිල් තානාපතිවරු හමුවෙයි

Published in පුවත්
Wednesday, 28 August 2019 12:56

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද සවස අගමැති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල තානාපති නිළධාරීන් දොලොස් දෙනෙකු හමුවීමට නියමිතය .ඇමැති රවී කරුණානායකගේ නිවසේ තානපති නිලධාරීන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබෙන අතර එහිදී එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ මතය දැනුම් දෙනු ඇතැයි පැවසේ.

මීට පෙර පැවැති ජනාධිපතිවරණයේදී ද  රනිල් වික්‍රමසිංහ අවසන් තීරණය ගනු ලැබුවේ තානාපති නිළධාරීන් හමුවීමෙන් පසුවය. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සංවිධාන තුල දී අවසන් තීරණයකට නොපැමිණ මෙසේ තානාපති නිළධාරීන්ගේ කැමත්ත විමසීම මෙවර සිදුවෙන විශේෂ තත්වයයි.

කෙසේ නමුත් තානපති අංශවලින් ලැබෙන තොරතුරු මාර්ග පෙන්වා දෙන්නේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීම ගැන විරෝධයක් නොමැති බවය.විශේෂයෙන්ම ඉන්දියාවේ මෝදි පාලනය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවට අගමැතිවරයාට දෙමළ ජාතික සන්ධානය හරහා බලපෑමක් සිදු කර තිබෙන බවත් ඒ සම්බන්ධ තතු දත් තොරතුරු මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us