ඇලෝසියස්ගේ රවීගේ සහ නන්දසේනගේ ඩබල් ගේම් මව්බිම පුවතින් පසු එළියට Featured

Published in පුවත්
Monday, 26 August 2019 14:23

අද මව්බිම පුවත් පත අද ප්‍රධාන සිරස්තලය ලෙස සඳහන් කරන්නේ බැඳුම්කරේ මිලියන හැත්තෑපහක් රනිල්ගේ ගෙදරටම ගිහින් දුන්නා - ඇලෝසියස් "මව්බිමට" කියයි මැයෙන් යුතු පුවතය. ඒ අනුව විවාදාත්මක මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනුවේ ප්‍රධාන චුදිතයා වන අර්ජුන් ඇලෝසියස් එජාප නායක රනිල් වික්‍රමසිංහට රුපියල් මිලියන 75 ක මුදලක් ඔහුගේ අතටම බාර දී ඇතැයි පැවසේ. ඒ 2015 ජුලී 23 වන දිනය.

මෙය සත්‍යක් විය හැකිය. මන්ද ඇලෝසියස් බැඳුම්කර ගනුදෙනුවල යේදී සිටියදී පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලකයන්ට මුදල් සහ වෙනත් දේපොළ ලබා දී තිබූ බව එවකට හෙළි විය. විශේෂයෙන්ම එවකට මුදල් ඇමැතිව සිටි රවී කරුණානායකට නිවාස සංකීර්ණයක අධි සුඛෝපභෝගී නිවසක් ප්‍රදානය කිරීම ප්‍රකට කාරණයකි.ඇලෝසියස් හා රවී අතර තවත් මුල්‍ය ගනුදෙනු ‍රැසක් තිබිණි. මෙන්ඩිස් ඉස්කාගාරයද ඇලෝසියස්ගේ නමින් සිදු කෙරුණු රවීගේ ව්‍යාපරයක් බවත් ඒ තතු දත් අය පෙන්වා දෙයි.

ඇලෝසියස් රවී කරුණානායක පවුලේ සමීපතම මිතුරකු වනවා සේම රාජපක්ෂ පවුලේද සමීපතම හිතවතෙකි. නාමල්, යෝශිත රාජපක්ෂ ඇලෝසියස්ගේ ගජ මිතුරන්ය. ඇලොසියස්ට මහ බැංකු භාණ්ඩාගාර ගනුදෙනු සඳහා අවස්ථාව උදා කර දුන්නේද රාජපක්ෂ පාලන සමයේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිව සිටියදීය. ඇලෝසියස්ගේ එම සමාගමේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් කබ්‍රාල්ගේ සහෝදරියද එම සමාගමේ කොටස්කාරියක ලෙස සේවයට බැඳි සිටියාය. බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලබා එළියට පැමිණි දිනවල පැවැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිතගේ විවාහමංගල්‍ය උත්සවයේද අරාධිතයකු ලෙස ඇලෝසියස් සහභාගි වී සි‍ටිනු දකින්නට ලැබිණි.

මේ අතර නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොදුජන පෙරමුණේහි ජනාධිපති අපෙක්ෂකයා කරවීම සඳහාද ඇලෝසියස් විශාල දායකත්වයක් සැපයීය. පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අගමැතිවරයාගේ සහය ලබා ගැනීම වෙනුවෙන් පැවැති රහස් කතාවලට ඇලෝසියස්ද සහභාගී වූ බවට මාධ්‍ය වාර්තා පළ විය.

ඇලෝසියස් නන්දසේන වෙනුවෙන් කළ දායකත්වය ඔහු එජාපය වෙනුවෙන් දුන් දායකත්වයට වඩා කිහිප ගුණයකින් විශාල බව තවමත් රහසක් වශයෙන් පවතින්න නමුදු ඒ සැකවින් පවසන්නෙ නම් එය රුපියල් මිලියන 600 කට වඩා වැඩිය. එනම් ඇලෝසියස් තමන්ගේ 'ජනයුගය' පුවත් පත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 600 ක පමණ වැය කරමින් ආනයනය කළ නවතම මුද්‍රණාලය මේ වන විට ගොඨාභයගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් නොමිලයේම ලබා දී තිබේ. දෙරණ අධිපති දිලිත් ජයවීරගේ 'අරුණ ' පුවත් පත මුද්‍රණය කරන්නේද මෙම මුද්‍රණාලයේය. ඒ ලබා දී තිබෙන්නේද නොමිලයේ වන අතර ඊට හේතුව මෙම අරුණ පුවත් පත ප්‍රකාශයට පත් කරන්නේම ගොඨාභයගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ කොටසක් ලෙස වන බැවිනි.

රනිල් රවී ගෝඨා මහින්ද මේ සියලු දෙනා ඇලෝසියස්ගේ සමීප මිතුරන්ය. ඔහුට එරෙහිව ඇති බැඳුම්කර චෝදනා හෝ වෙනත් මුල්‍ය අපරාධ චෝදනා ගැන හෝ යුක්තිය පසිඳලීම කිසිදිනෙක ක්‍රියාත්මක වෙතැයි නිකමටවත් සැකයක් උපදවා ගැනීමේ හැකියාවක් නැත. රාජපක්ෂලා සිය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් එම මොහොතේදී බැඳුම්කර වංචාවක් වූ බව කියමින් රනිල්ට සහ රවීට චෝදනා එල්ල කළද ඇත්ත කතන්දරය මෙම බැඳුම්කර ආදායම් රාජපක්ෂ කඳවුර වෙනුවෙන්ද මහ පරිමාණයෙන් ආයෝජනය කර ඇති බවය. කොටින්ම රවී කරුණානායක එජාපය හැරදා එන්නෙ නම් පොහොට්‍ටුවේ ඉහළ තනතුරක් දී බාර ගැනීමේ සූදානමක මහින්ද රාජපක්ෂ සූදානමින් පසුවන බවත වාර්තා වී තිබිණි. ඒ ඔවුන්ගෙ මිතුදමයි. මේවා රහස් ගනුදෙනු එකිනෙකා ගැන අවබෝධයක් ඇතිව සිදුවන දේවල් වන බවත් අවධාරණය කළ යුතුය.

Last modified on Monday, 26 August 2019 14:25

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us