එජාප තීරණය දෙනකම් සිරිසේන, ශ්‍රීලනීපය මට්‍ටු කරයි..

Published in පුවත්
Tuesday, 27 August 2019 10:46

ඉදිරි ජනාධිපතිවරණයෙ හි එජාප අපේක්ෂකයා නම් කරන තුරු ශ්‍රීලනීපයේ තීන්දුව ප්‍රකාශට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. 

පොදු ජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබයට සහය දැක්වීමට කොන්දේසී ගනනාවක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නමුත් ඊට පොදුජන පෙරමුණෙක් සතු‍ටුදායක පිළිතුරක් මෙතෙක් ලැබී නොමැත. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව එජාපයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපෙක්ෂකයා ලෙස පැමිණෙන්නේ නම් ඔහුට සහය දැක්වීමට තීන්දු කිරීම බවත් ජනධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේ නිසා එජාපයේ ගැටලුව විස‍ඳෙන තෙක් ඔහු කල් බලා සිටින බව පැවසේ.

එසේම ජනාධිපතිවරයාගේ තීන්දුව නොසලකා කටයුතු කරන ශ්‍රීලනීප මන්ත්‍රීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද තීන්දු කර තිබේ. මේ අතර පසුගිය්දා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමද මේ වන විට ආරම්බ කර ඇත. ශ්‍රීලනීපය තීන්දුවක් නොගෙන තිබියදි පක්ෂයේ අවසරයක් නොගෙන එම සමුළුවට සහභාගී වීම ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනාවයි ඒ අනුව ශීලනිපයේ භාණ්ඩාගාරිකව සිටි එස්බී දිසානායක එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට ලසන්ත අලගියවන්න පත් කිරීමත ශ්‍රීලනීපයෙ මාධය ප්‍රකාශක ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ ඉවත් කර වීරකුමාර දිසානායකව පත් කිරීමටත් කටයුතු කර තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී එම විනය ක්‍රියාමාර්ග දැඩිකරන ලෙසය.

මෙහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කවුරු අපේක්ෂකයා ලෙස කුමණ පක්ෂය නම් කළත් අන්තිමේ දී කවුරු දිනවනවාද කවුරු පරද්දනවාද කියලා තීරණේ කරන්නෙ තමා බවයි. තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බැවින් එම ඡන්ද නොමැතිව කයිවාරු ගහන කිසිවකුටත් දිනන්නට නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එමනිසා ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණ ගන්නේ තමා මිස නටන දඟළන අය නොවන බව කවුරුත් මතක තබාගත යුතු බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

තවද, පක්ෂයක් ලෙස විනයක් තිබිය යුතු බව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමා බොහෝ අවස්ථාවල දී ඉවසීමෙන් කටයුතු කළ නමුත්, .එය දුර්වලකමක් කියා බොහෝ දෙනා සිතුවද දැන් ඒ සියල්ල අවසන් බැවින් කිසිදු සමාවක් මින් ඉදිරියට නොලැබෙන බවද ඒ මහතා අවධාරණය කර ඇත.

”ඔය ගියපු හැමෝටම එරෙහිව වහාම විනය පරීක්ෂණ තියන්න. ඒවා ඇද ඇද ඉන්නත් එපා, හැකි ඉක්මනින් ඉවර කරන්න”
යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත. එලෙස විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් මහින්ද රාජපක්ෂ ඇතුලුව එම කණ්ඩායමේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිවද විනය ක්‍රියාමාර්ග ගැනීම සිදු විය යුතුය. ඒ අනුව එම රාජපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීම දක්වාම මෙම ගැ‍ටුම දිග ඇදෙනු ඇත.

පසුගිය 11 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතාව දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා මේ බව පවස ඇති බව පැවසේ.

Last modified on Tuesday, 27 August 2019 11:10

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us