ඒ ජන ඝාතකයා ආපහු ආවොත්..සිංහලයා කුමක් කරනු ඇත්ද? Featured

Tuesday, 27 August 2019 20:11

1915 වර්ෂයේ ඇතිවූ කෝලාහලය නිසා බහුතර මුස්ලිම්වරුන්, සිංහලයන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වුණා. එකල සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය දැඩි බලයක් යොදාගනිමින් සිංහල කැරලිකරුවන් මර්දනය කළා. දහස්ගණනක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව නඩු විභාගයන්ට යොමු කළා. ඊට අමතරව සිංහල ජාතිකයන් ඝාතනය කළා.

1915 සැප්තැම්බර් මස සිංහලයන් දහස් ගණනින් රැස්ව රාජකීය විමර්ශන කොමිසමක් ඉල්ලමින් පෙත්සමක් අත්සන් කළා. සියලු දිස්ත්‍රික්ක හා සිංහල ජනකොටස් එමගින් නියෝජනය වන බව ඔවුන් කියා සිටියා. එමගින් ඔවුන් ශ්‍රී ලංකාවේදී, නීතියෙන් පිට සිදුකළ සිංහල වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලා සිටියා. එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සාධාරණ හා පිළිගතහැකි විමර්ශනයක් සිදුකරයි යන්න පෙත්සම්කරුවන් විශ්වාස කලේ නෑ. එනිසයි ලන්ඩන් නුවර පැවති රාජකීය විමර්ශන කොමිසමට ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළේ.

නමුත් එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය පාලකයින් මෙයට එකඟ වුණේ නෑ. ඔවුන් කියාසිටියා එවැනි විමර්ශනයක් සිදුකළොත් එවකට සිටි රාජ්‍යද්‍රෝහී බලවේගවලට රටට හානියක් මිස සේවයක් කිරීමට අනුබල නොලැබෙන බව. ඔවුන් තවදුරටත් පවසා සිටියේ ඊට මාස 06 පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධව, ලංකාවට මුළුමනින්ම ආධුනික පිරිසකගෙන් සමන්විත කොමිසමකට සාර්ථක විමර්ශනයක් සිදුකර සත්‍ය සොයාගැනීමට නොහැකි වන බවයි. එය අනවශ්‍ය පරිදි අපේක්ෂා ඇතිකිරීමක් බව එවකට සිටි පාලකයන් සිතුවා. ඒ නිසා අන්තර්ජාතික විමර්ශනයක ඉල්ලීම සාර්ථක කරගැනීමට සිංහල පෙත්සම්කාර පාර්ශවයට නොහැකි වුණා.

කෙසේවුවත් එම උත්සාහය මුළුමනින්ම අසාර්ථක වුණේ නෑ. අධිකරණ ක්‍රියාවලියෙන් පිට සිදුවූ ඝාතන පිළිබඳ සොයාබැලීමට දේශීය විමර්ශන යාන්ත්‍රණයක් ලබාගැනීමට ඔවුන් සමත් වුණා. මේ තමයි ලංකාවේ පළමු යුක්තිය සඳහාවූ අන්තර්ජාතික ව්‍යාපෘතිය.

 

මෙයින් අපට උගත හැක්කේ කුමක්ද?

ඉතා බලවත් රාජ්‍ය තන්ත්‍රයක් විසින් එකල සිටි සිංහලයන්ට යුක්තිය සඳහාවූ ඇති අයිතිය අහිමි කරා. එවිට ඔවුන් අන්තර්ජාතික විමර්ශනයක් ඉල්ලා සිටීමට කටයුතු කළා. නමුත් අවසානයේ දේශීය විමර්ශනයකින් සැනසීමට සිදු වුණා. විමර්ශනයට පසුව එවකට යුධ හමුදා මෙහෙයවූ, 1915 කලකෝලහාලය දැඩි මර්ධනයට ලක්කළ ජෙනරාල්වරයා මාරු කර යැවීමට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය රජය තීරණය කළා. එම ජෙනරාල්වරයා වසර කිහිපයකින් නැවත ගෙන්වා සිටියේ නම්, සිංහලයන් කෙලෙස එම අවස්ථාවට මුහුණ දෙනු ඇත්ද?

 ශමරා වෙත්තමුණි විසින් අගෝස්තු 21 දින තම ට්විටර් ගිණුමේ පලකළ අදහසක සිංහල පරිවර්තනය.

 

http://www.historyworkshop.org.uk/a-brief-history-of-anti-muslim-violence-in-sri-lanka/

Shamara Wettimuny is a doctoral candidate in History at the University of Oxford, where she focuses on ethno-religious violence and identity formation in Ceylon. She is also a graduate tutor in Nationalism and Conflict in the Twentieth Century, at Worcester College, University of Oxford. Shamara is a Research Associate at Verité Research, a Colombo-based think tank. She tweets regularly on Sri Lankan politics and ethno-religious violence. She tweets @shamara4w.

 

Last modified on Tuesday, 27 August 2019 20:47

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us