2016 ඔක්තෝම්බර් මාසයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය විසින් 2017, 2018 සහ 2019 වසර වල ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇති බවත් හෙළිවෙයි.

ඊයේ රාත්‍රීයේ ඇමැති පාඨලී චම්පික හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධානියකු වන රවී ජයවර්ධන සමඟ පැය කිහිපයක් පුරා පැවති සාකච්ජාවේ ප්‍රත්පල දැනුම් දීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

වර්ෂ 2019 අයවැයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි අතුරුදන්වූවන්ගේ පවුල් වලට මාසික අතුරු දීමනාවක් ලෙස රුපියල් 6000 බැගින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සේවයේ යෙදී සිටියදී එසේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ටද මෙම දීමනාව ලබාගැනීමට හිමිකම් කිව හැක.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩල ‍රැස්වීමෙන් පසුව විවේචනය කළ බවට චෝදනා කරමින් අශූ මාරසිංහ මන්ත්‍රීවරයා රාවුෆ් හකීම් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේ සමුහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට කරන ප්‍රකාශය තලතා අතුකෝරල ඇමතිනිය හෙළා දැකියි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා අද අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව අඩංගු කැබිනට් පත්‍රිකාව බහුතරයක් ඇමැතිවරුන්ගේ විරෝධ හමුවේ ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේත් අගමැති රනිල් වික්‍රමසිංගෙත් එකඟතාවය මත ජනමත විචාරණයකට යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි අද හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම කැ‍ඳෙව්වේ ඒ වෙනුවෙන් බවද දැන ගැනීමට තිබේ.

  “ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, 

ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.”
-කාල් සේගන්

(“යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව”)

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේමැයි කියමින් එජපෙ ජනාධිපති අපේක්ෂකයා වීමේ ආසාවෙන් ඒ සඳහා වෙහෙසෙන කරු ජයසූරියට තමන්ගේ ඇති වුවමනාව අවංක නම් ඒ වෙනුවෙන් කළ හැකි හොඳම දේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජවිපෙ නායක අනුර දිසානායකට සහය වීම බව ජවිපෙ පෙන්වා දෙයි. එසේම මේවන විටත් කරූ ජයසූරිය මහතාට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර ඇතැයිද ජවිපෙ ආරංචි මාර්ග පවසයි.

කතානායක කරූ ජයසූරිය සම්බන්ධයෙන් නොයෙකුත් වර්ණනා ඇති පදම් තිබුණද ඔහු සම්බන්ධයෙන් දිය හැකි සරළම කෙටිම හැඳින්වීම නම් ඔහුගේ එජාප දේශපාලනය පසුගිය විසි පස් වසරක් මුලුල්ලෙ ගොඩනැගුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කුණු කොන්ත්‍රාත් කර සිය පැවැත්ම තහවුරු කරගත් රූකඩයක් ලෙසය.

එළඹෙන ජනාධිපතිවරණයේ එජාපෙ අපෙක්ෂකයා ලෙස කරූ ජයසූරියව් ඉදිරිපත් කිරීම සඳහා රනිල් - රාජිත - රවී, රයනු ත්‍රිත්වය දැඩි උත්සාහයක් ගත්තද එය ලත් තැනම ලොප් වී තිබේ.

Connet With Us