කරූ තක්කඩියෙක් නොවේ නම් අනුරට සහය වෙන්න.. ඔන්න අභියෝගය

Published in පුවත්
Wednesday, 18 September 2019 10:51

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේමැයි කියමින් එජපෙ ජනාධිපති අපේක්ෂකයා වීමේ ආසාවෙන් ඒ සඳහා වෙහෙසෙන කරු ජයසූරියට තමන්ගේ ඇති වුවමනාව අවංක නම් ඒ වෙනුවෙන් කළ හැකි හොඳම දේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජවිපෙ නායක අනුර දිසානායකට සහය වීම බව ජවිපෙ පෙන්වා දෙයි. එසේම මේවන විටත් කරූ ජයසූරිය මහතාට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර ඇතැයිද ජවිපෙ ආරංචි මාර්ග පවසයි.

ඊයේ නිවේදනයක් නිකුත් කරමින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා තමන්ගේ ඇති කැමැත්තත් ඒ වෙනුවෙන් අනෙක් බලවේගත් එකතු වෙන්නේ නම් තමන් ජනාධිපතිවරණයට ඉදිරිත් වෙන බව කරූ ජයසූරිය පවසා තිබිණි. එහෙත් මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම සඳහා වන පනත් කෙ‍ටුම් පතක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම් පත ලෙස එම යෝජනාව කතානායක කරූ ජයසූරිය අතටම ලබා දී තිබිණි. මෙවර ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ සටන් පාඨයක් වන්නේද විධායකය අහොසි කිරීමේ යෝජනාවයි.

කරූ ජයසූරියට විධායකය අහෝසි කිරීම සඳහා ඔය කියන තරම් බලවත් කැමැත්තක් තිබේ නම් කළ යුතුව තිබෙන්නේ ඒ වෙනුවෙන් අවංක මැදිහත් වීමක් කරන අනුර දිසානායකට සහය වීමය.

එහෙත් අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේ කරූ ජයසූරිය දේශපාලනිකව තක්කඩි කමක නියැලෙන බවත් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාව සිය නායක රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික අපේක්ෂාවන් ඉ‍ටු කිරීම සඳහා වන කුණු කොන්ත්‍රාත්තුවක් බාර ගැනීමක් වන බවය.

සැබැඳි පුවත් :

කරූ හැමදාම කළේ රනිල්ගේ කුණු කොන්ත්‍රාත්.. දැනුත් එහෙමයි

ජවිපෙ සහය කරූට, අරන් දෙන්න රාජිත පොරොන්දු වෙලා.  

රනිල්ට කුද ගහගන්න කියා .. සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තීන්දුව ගනී !

මට බෑ.. සජිත්ට පුළුවන් ! - කරූ කියයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us