කාගෙත් ගැලවිල්ලට ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් ! Featured

Published in පුවත්
Thursday, 19 September 2019 13:29

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේත් අගමැති රනිල් වික්‍රමසිංගෙත් එකඟතාවය මත ජනමත විචාරණයකට යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි අද හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම කැ‍ඳෙව්වේ ඒ වෙනුවෙන් බවද දැන ගැනීමට තිබේ.


ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙ‍ටුම් පත අනුව ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබා ගෙන.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව ජනමත විචාරණයකට ගොස් විධායක ජනාධිපතිධුරය අහොසි කිරීම මේ අනුව සිදුවෙයි.

මේ සදහා මුල් අවස්ථාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අකමැත්ත ප්‍රකාශ වී තිබුණත් මේ වන විට සිය අපෙක්ෂකයා වූ නන්දසේන ගොඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කිරීමට නොහැකි වට පිටාවක් ඇති බැව් තහවුරු වීම සහ ඔහුගේ අපේක්ෂකත්වය අවලංගු විය හැකි බවට තිබෙන සැකය නිසා මහින්ද රාජපක්ෂ ද විධායකය අහෝසි කිරීමේ යෝජනාවට එකඟ වෙනු ඇති බව පැවසේ.

එළඹෛන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ තුනෙහිම ඇති ව්‍යාකූලභාවය නිසා කාගෙ කාගෙත් ගැලවිල්ලට හොඳ විසඳුම එම ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව හරහා නාමික ජනාධිපතිවරයකු පත් කිරීම බව මෙම නායක ත්‍රිත්වයේ අදහස වී තිබේ. එම නාමික ජනාධිපතිධුරය මෛත්‍රීපාල සිරිසේනටම ලබා දීමේ එකඟතාවයක් ද ඇතිව තිබෙන බවත් දැනගැනීමට ඇත.

Last modified on Thursday, 19 September 2019 13:41

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us