රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ කුමක් හෝ වේවා යම් ප්‍රතිපත්තියක පිහිටමින් එය වෙනස් නොකරමින් දේශපාලනය කළ කිහිප දෙනාගෙන් ප්‍රමුඛයෙකි. සිය දේශපාලන අභිලාශයන් වෙනුවෙන් ඉතා දැඩි ඉවසීමක් සහිතව සැලසුමක් සහිතව කටයුතු කළ අයෙකි. සතුරාගේ ශක්තිය හීන කර බලය අත්පත් කර ගැනීම ඔහුගේ ක්‍රමය විය. එතකම්ම පහර කෑවේය. වේදනාව ඉවසුවේය.

ජනාධිපති ගොටාබය රාජපක්ෂ පසුගිය රාජපක්ෂ සමයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි සමයේදී රජයේ මුදල් අවභාවිතා කරමින් සිය මාපියන් වෙනුවෙන් ඉදි කෙරුණු සොහොන සහ කෞතුකාගාරය සම්බන්ධ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට අද ත්‍රීපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරය අත් හැර, ජනාධිපතිවරණයේ ජනමතයට ගරු කර ඉල්ලා අස්වීමට අද තීරණය කළේය. ඒ අනුව හෙට දින නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙනුද ඇත.

රාජ්‍ය ආයතන සඳහා නව ප්‍රධානින් පත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් සකසන ලද නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙතින් පිළිගැනීමට ලක්වෙනු  ඇතැයි දැන ගන්නට තිබේ.

අගමැති රනිල් වික්‍රමසංහ අද දින සිය අගමැතිධුරයෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය අනුව නව අගමැතිවරයකු යටතෙ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගොටාබය තීන්දු කළද එය මේ වන විට පොදුජන පෙරමුණ තුල දැඩි අර්බූදයකට හේතුවී තිබේ.

මෙවර පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ඉතිහාසයෙ ලැබූ කාලකන්ණිම ඡන්ද ප්‍රතිපලය බව විවාදයක් නැත. ඒ කිසිවකු හෝ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම නිසා නොව රට පරාජයට පත් වීම නිසයි. රටේ පුරවැසියා මහ ජාතිය සහ සුලු ජාතිය ලෙසත් සුලු ජාතිය මහ ජාතියට යටත්ව වාසය කළ යුතු බවත් මේ මැතිවරණ ප්‍රතිපලය විසින් ප්‍රකාශයට පත් කර ඇති කතාවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගොටාබය රාජපක්ෂට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ පිරිස් ගැන සෝදිසි කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත්ව තිබේ. ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු වෙමින් තිබේ.

වෘකයාගේ ගොදුරක් බවට පත් නොවීමේ හැකියාවක් ඉබ්බාට නැත. එහෙත් අර කතාවක කියනවා සේ තමන් ගොදුර බවට පත්වීම නිශ්චිතව දන්නා ඉබ්බා වෘකයාගෙන් ඉල්ලිමක් කළේය. මාව ගොදුරු කර ගන්න. ඒත් ඊට පෙර පොඩි වෙලාවක් දෙන්න.. කියා ඉබ්බා අත පය එහෙට මෙහෙට කරමින් වටපිටාව අවුල් කළේය.

ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝටබය රාජපක්ෂගේ පරාජය යළිත් වරක් තහවුරු කරන අවසන් සමීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ජනමත සමීක්ෂණ සම්බන්ධ විදේශීය සමාගමක් සහ මෙරට ජනමත සමීක්ෂණ කණ්ඩායමක් එකතුව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ පොදුජන පෙරමුණේ නායකයන් වෙතද එම කණ්ඩායම විසින් ලබා දී තිබේ.

Connet With Us