ගොටාගේ දිවුරුම් ප්‍රකාශ අවලංගුයි. මහින්දගේ ලේකම් කළ හොර වැඩක්. ගොටා දිනුවත් ගෙදර ! Featured

Published in පුවත්
Wednesday, 13 November 2019 13:02

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා බාර දිමේදී මැතිවරණ කොමිසමට ගොටබය රාජපක්ෂ විසින් ලබා දුන්නා කියා පසුගියදා නිතිඥා අලි සබ්‍රි විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද දිවුරුම් ප්‍රකාශ දෙකම ව්‍යාජ සහ නීති විරෝධ ලේඛන දෙකක් බව මේ වන විට තහවුරුව තිබේ.

මුල් අවස්ථාවේදී අලි සබ්‍රි විසින් ගොටාගේ දිවුරුම් ප්‍රකාශය ලෙස ප්‍රසිද්ධ කළ ලේඛනයෙහි මුද්දර මත ගොටාබයගේ අත්සන රහිතව ප්‍රසිද්ධ කර තිබිණි .පසුව ඒ අඩු පාඩුව ඇතැමුන් විසින් හෙළි කිරීමේදී ගෝටබයගේ අත්සන යැයි කියන අත්සනක් සහිතව පැයක පමණ කාලයක තුලදී දෙවන ලේඛනයද සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත් කර තිබිණි.

එහෙත් මේ ලේඛන දෙකම පිලිගැනීමට නොහැකි ලේඛන බව නිති වේදීන් පෙන්වා දෙයි. මන්ද මේ දිව්රුම් ප්‍රකාශ දෙකම සහතික නිලධාරියා ලෙස සඳහන් වන ජී. කේ. ඒ. සී.කේ කුලරත්න නැමැති සාමදාන විනිශ්චයකාර නීතිඥවරයා යනු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අතිරේක ලේකම් වරයා ලෙස කටයුතු කරන තැනැත්තාය. මීට පෙර පරිපාලන සේවයේ නිලධාරියකු ලෙසද මොහු කටයුතු කළ තැනැත්තෙකි.

ඔහු මෙම ලේඛන සහතික කිරීම නීති විරෝධි වන්නේ ලබැදියන් අතර ගැ‍ටුම මෙහිදී බලපවත්නා නිසාය. තම සහොදරයාගේ ලේකම්වරයකු ලවා දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම පිලිගත හැක්කක් නොවේ. අනිවාර්යෙන්ම නීතිය හමුවෙ ප්‍රතික්ෂේප වන්නකි.

ඒ අනුව නාම යෝජන ලබා ගැනිම උදෙසා මේ දි තිබෙන ලේඛනය කූට ලේඛන ලෙස අවලංගු ලේඛනයක් බවට සැලකෙන අතර යම් ලෙසකින් ඉදිරියේදි ගෝටාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වන නඩු විභාගයකදී හෝ ඡන්ද පෙත්සමකදී මේ මුලික ලේඛනයම අවලංගු වන බැවින් ගොටාබය ජනාධිපතිවරණය ජය ගත්තද එය ප්‍රතික්ෂේප වනු ඇත. එසේම මෙම දිවරුම් ප්‍රකාශය අත්සන් කිරීම දැන දැනම කළ සදාචාර විරෝධී අනීතික කටයුත්තක් වන නිසා මේ නිතීඥවරායට එරෙහිව ද නිත්‍යානු කූලව කටයුතු කිරීමෙ හැකියාවක් ඇත.

chaminda 1chaminda 2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us