ගෝටා අසරණයි. පවුල් ආණ්ඩුවේ ලොක්කා මහින්ද ගහන පදේට නටන්න වෙයි Featured

Published in පුවත්
Wednesday, 20 November 2019 20:38

අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරය අත් හැර, ජනාධිපතිවරණයේ ජනමතයට ගරු කර ඉල්ලා අස්වීමට අද තීරණය කළේය. ඒ අනුව හෙට දින නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙනුද ඇත.

මුලින් වාර්තා වූයේ මෙම තාවකාලික ආණ්ඩුවේ අගමැතිධුරයට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අභ්‍යන්තර කවයේ සාමාජිකත්වයේ සිටින වියත් මඟ කණ්ඩායම , මහින්දනන්ද අලුත්ගමගේ , දිලිත් ජයවීර සහ හිටපු මිලිටරි නායකයන් කිහිපදෙනාද ඒ මතය පිළිගෙන සිටියහ. ඊට හේතුව වූයේ රටේ ප්‍රධාන තනතුරු දෙකම සහෝදරයන් විසින් මෙහෙයවීම නැවත් පවුල් ආණ්ඩුවක ස්වරූපය ගන්නා නිසාය එය සදාචාරාත්මක නොවන නිසාය.

එහෙත් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම තමා අගමැතිවරයා ලෙස දිවුරුම් දිය යුතු බව දැඩිව ඉල්ලා තිබේ. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මේ වෙනුවෙන් සිය සමීපතමයන් සමඟ සිය අප්පොච්චීව අගමැති කළ යුතු බවට අද උදෑසන සිටම කෑකෝ ගසමින් කටයුතු කර තිබේ. ගොටාබය ජනාධිපති පු‍ටුවේ ඉන්නෙ තාත්තා නිසා යැයිද මිනිස්සු එයාට ඡන්දය දුන්නෙ තාත්තාට කළ ගරු කිරීමක් වශයෙන්ද යැයි විවිධාකාරයේ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් මෙම කණ්ඩායම කටයුතු කර තිබේ.

කොහොම නමුත් අවසානයේදී ගොටාබයට පරාජය බාර ගන්නට වී තිබේ. ඒ අනුව හෙට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබේ..මහින්ද අගමැතිධුරය තද බල ලෙස ඉල්ලා සිටින්නෙ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. ගොටාබයගෙන් නාමල්ගේ අනාගතයට අවැඩැක් සිදුවෙතැයි බියෙන් ඔහු පසුවන බව ප්‍රසිද්ධ කාරණයකි.

මීට පෙර දෙතුන් වතාවක්ම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා සූදානම් වූ අවස්ථා තිබිණි. එහෙත් ඒ සෑම අවස්ථාවකම ඔහුට අහිමි කළේ මහින්ද විසින්ය.

කොහෝම නමුත් දැන් වැටහෙන්නේ 19 වන ව්‍යවස්තා සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී තිබෙන සීමා සහිත බලතල ප්‍රමාණයවත් ක්‍රියාත්මක කරවා ගැනීමට ගොටාබයට ශක්තියක් නැති බවය. රට හැදීම ගැන කප්පරක් දේවල් කිව්වත් ඔහුට රූකඩයක් මෙන් නටන්න සිදුව ඇත්තේ මහින්ද ගහන පදයටය. මීට පෙර අප විසින් හෙළි කළේ රාජ්‍ය ආයතන සඳහා දූෂිතයන් පත් නොකරන බවට ගොටබය දුන් පොරොන්දුවද දැන් කුණු කූඩයෙ බවය. ඒ පත් කිරීම සියල්ලම මහින්දගේ අවශ්‍යතාවය අනුව සිදු කිරීමට ගොටාබයට සිදුව තිබේ. මේ අනුව පැහැදිලි වන කාරණය නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් වඩා අසරණ ජනාධිපතිවරයකු බවට ගොටබය දැනටම පත්ව ඇති බවය.

දූෂිතයන්ට තනතුරු නෑ.. පළමු පැයේදීම ප්‍රතිපත්ති ප්‍රකාශය ගෝටා කුණු කූඩෙට දායි ?

අගමැතිධුරය මහින්දට දෙන්න බෑ.. ගෝටා පිළ දැඩි ස්ථාවරයක

Last modified on Wednesday, 20 November 2019 21:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us