දූෂිතයන්ට තනතුරු නෑ.. පළමු පැයේදීම ප්‍රතිපත්ති ප්‍රකාශය ගෝටා කුණු කූඩෙට දායි ? Featured

Published in පුවත්
Wednesday, 20 November 2019 17:19

රාජ්‍ය ආයතන සඳහා නව ප්‍රධානින් පත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් සකසන ලද නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙතින් පිළිගැනීමට ලක්වෙනු  ඇතැයි දැන ගන්නට තිබේ.

රාජ්‍ය සංස්ථා, මණ්ඩල සහ රාජ්‍ය සමාගම් ආදිය වෙනුවෙන් නම් කෙරුණු ලැයිස්තුව තුල පසුගිය රාජපක්ෂ පාලන සමයේදී වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම කියැවෙන පුද්ගලයන් ‍රැසක් ඇතුලත්ව සිටී.

ඔවුන් සියලු දෙනාම පාහේ ගොටාබයගේ ජයග්‍රහණය සඳහා උර දුන් නමුත් ජනාධිපතිවරණය දැන් අවසන් බවත් රට ගොඩනැගීම තමන්ගේ කාර්යභාරය වන නිසා සුදුසු පුද්ගලයන්ට හැර අනෙක් කිසිවකුට තනතුරු ලබා දිම සිදු නොකරීම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වන බව ඔහුගේ සමීපතමයන් පවසා සිටියද සිදු වෙමින් තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කටයුත්තකි. කොටින්ම ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස පත් කෙරුණු පුද්ගලයන්ට එරෙහිවද මීට පෙර විවිධ චෝදනා වලට ලක්වූවන් වේ.

කොහොම නමුත් දූෂිතයන්ට තනතුරු ලබා නොදෙන බවට ගොටාබය මුලින් ජනතාව හමුවේ ලබාදුන් ප්‍රතිඥාව නිසා රාජපක්ෂවරු සහ හිතවතුන් මේ වන විට ගැටලුකාරිත්වයකට මුහුණ පා සිටී.. ඉදිරි මහ මැතිවරණයේදී පොදු ජන පෙරමුණට ආණ්ඩු බලය ලබා ගැනිමට නම් තමන් සමඟ දේශපාලනිකව සිටි පිරිසට සැලකිම විය යුතුව තිබෙන බව රාජපක්ෂවරුන්ගේ අදහසය. එහෙත් දුන් පොරොන්දු දින කිහිපයක් තුලදීම කඩා දැමීමට සිදුවීම නිසා ඉන් ජනතාව තැබු විශ්වාසය පළුදු වන්නේය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන්ද මෙවැනිම ගැටලුවකට මුහුණ පෑමට සිදු වෙනු ඇති බවත් පෙනෙන්නට තිබේ, පොදු ජන පෙරමුණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියළුදෙනාම සහ ප්‍රාදේශීය නායකයන් රැසක්ම නාම යෝජනා බලාපොරොත්තු වන නමුත් ඉන් බොහොමයකට දූෂණ වංචා අපරාධ චෝදනා එල්ල වී තිබේ. එසේම ශ්‍රිලනිපයේ සහ ගොටාබයගේ මිලිටරි මිතුරන් රැසකටද නාම යෝජනා ලබා දිමට සිදුව තිබේ. මේ අනුව තමන් සමඟ පොදුජන පෙරමුණේ කටයුතු කළ ප්‍රබලයන් ගනනාවකටම නාම යොජනා අහිමි වීම තුල මහ මැතිවරණයට එළබීම ප්‍රශ්නකාරීව තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us