ජනාධිපතිවරණ සමයේ ගෝටා විරෝධී ප්‍රචාරක කටයුතු කළ අය පරිස්සමෙන් Featured

Published in පුවත්
Tuesday, 19 November 2019 20:33

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගොටාබය රාජපක්ෂට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ පිරිස් ගැන සෝදිසි කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත්ව තිබේ. ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු වෙමින් තිබේ.

මේ වන විටත් ආරක්ෂක අංශ හිතවතුන්ගෙන් ලබෙමින් තිබෙන අනතුරු හැඟවීම් ඉදිරියේදී කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම සිදු වෙනු ඇත. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ගෝටා විරෝධයක් මතුකළ පුද්ගලයන් මෙහිදී ඉලක්ක වී තිබෙන අතර මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ගැනද විමර්ශනයක් සිදු වෙනු ඇතැයි පැවැසේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී තරම් රටේ මාධ්‍ය වේදීන් ඝාතනයට හිරි හැරයට ලක්වූ යුගයක් තිබුණේ නැත ඒවකට ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධානියා වන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා අද විධායක බලතල සහිත ජනාධිපතිවරයාව සිටියි. යුධ අපරාධ සම්බන්ධයෙන් සහ තවත් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු වන කමල් ගුණරත්න අද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව සිටී. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යනුද එලෙස යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙක් වෙයි. පසුගිය රාජපක්ෂ සමයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් අද ජනාධිපති ගොටාබය රාජපක්ෂගේ සමීපතමයන් ලෙස රජයේ වගකීම දැරීම කිසිසේත්ම සුබවාදී අපේක්ෂාවන් ගොඩ නගන්නක් නොවේ. මේ නිසා නිරන්තර සැක සහිත බව අප ඉදිරියෙහි තිබේ. කෙසේ නමුත් අපට කියන තිබෙන්නෙ කාට කාටත් පරිස්සම් වෙන ලෙසය.

මේ අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේදී අගතියට පත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට වන්දි ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබූ යෝජනාවද අහෝසි වෙනු ඇත. වන්දි යෝජනා 78 කට මෙහිදී අනුමැතිය හිමිව තිබිණි. රු ලක්ෂ 2 සිට 15 ප්‍රමාණවලින් මෙම වන්දි ගෙවීම් සූදානම් කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us