අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එම කැඳවීම කල් දමා ඇති බව වාර්තා වේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ එම පරිශ්‍රයට පැමිණ තිබේ.

නූතන ආණ්ඩු ක්‍රමවේදයේ නව ප්‍රවණතාවයක් වන්නේ ජනතාව හැකි තරම් ආණ්ඩුකරණයට සමීප කර ගැනීමය. එය පාලකයා සහ පාලිතයා අතර වන ගැටුම් සමනය කර ගැනීමේ වඩා සාර්ථක ක්‍රමවේදයකි. ප්‍රජාතන්ත්‍රවාදය වඩ වඩාත් ශක්තිමත් වන්නේත් රටක සිටින සියලු පුරවැසියන්ගේ කැමැත්ත, ඔවුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් ජනතාව ආණ්ඩුකරණය සඳහා සමීප වීම වැදගත් බව අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී පිළිගැනී බවට පත්ව තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දමන ලද ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අද අළුයම 2.00 සිට යළි විවෘතකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ පස්වරුවේ ජනතා අයිතියට පත්කෙරුණා.

2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කිරීම හේතුවෙන් ඊට අදාළව පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනුලබුවා.

පොදු ප්‍රවාහන සේවා වලින් මගීන් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත්විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Connet With Us