මධ්‍යම පාන්තික නිවාස 7500ක් ඉදිකිරීමට අගමැතිවරයාගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 15 December 2020 14:07

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.


අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (14) දින නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

ඉදිවෙන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් සදහාත්,නිවාස 3000ක් මධ්‍යම පාන්තිකයින් සඳහාත් වෙන් කිරීමට නියමිතයි.
මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබාදීමේදී අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට අගමැතිවරයා උපදෙස් දී ඇත. ඒ අනුව මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා සියයට 6.25ක පොලී අනුපාතයක් යටතේ නිවාස ලබාදීමටත් සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
සාකච්ඡාව අවසානයේ මෙම මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟතාව පළකර ඇති බවයි සදහන් වන්නේ. විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ, දකුණේ හෝ වතුකරයේ ජනතාව සඳහා පමණක් නොව රට පුරා සියලු සාමාන්‍ය ජනතාව සඳහා බෙදී යා යුතු බවත් විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ, දකුණේ හෝ වතුකරයේ ජනතාව සඳහා පමණක් නොව රට පුරා සියලු සාමාන්‍ය ජනතාව සඳහා බෙදී යා යුතු බවත් අගමැතිවරයා අවධාරණය කර තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us