ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකිණීමේ කිසිඳු සැලසුමක් නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා පවසනවා.

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම ඊයේ (22) සිට තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මොනර පිලක අරුමේ
කෙස් කලඹක වරුනේ
රුබර ලලනාවෝ
දිදුලන කෙස් මෑවූ....
සිසිලස සලසන
රුව ඔප් නංවන
රුබර ලදුනගෙ
වරලස ඔබ මෑවූ...

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර ඇත.

කොරෝනා අසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළසිරුරු අධිශිත කන්ටේනර් තුළ තැන්පත් කර තැබීමට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එක්සත් රාජධානිය තුළ පැතිරයමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත්මරවීර මහතා පවසනවා.

යහපාලන ආණ්ඩුවෙන් විනාශ කළ සතොස ආයතනය යළි පාඩු නොලබන තත්ත්වයට පත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එළවලු වෙළෙන්දන්ට අතරමැදියෙකුගේ මැදිහත්වීමකින් තොරව එළවලු ලබා දීමේ වැඩසටහන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.

ගත වූ පැය 24 තුල විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් තවත් විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු වලින් නිදහස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

Connet With Us