ලබන වසර වනවිට නිවසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල පහසුකම්

Published in පුවත්
Tuesday, 22 December 2020 09:43

ලබන වසර වන විට ලංකාවේ සියලු දෙනාට නිවසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට නියමිත බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

“ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර තිබේ. එසේම තම ආණ්ඩුව ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන දස දහසක් වෙන් කර ඇති බවත්, සෑම ගමකටම කාන්තා ව්‍යවසායකයන් දෙදෙනෙකු තෝරා ගෙන වෙළෙදසැලක් පිහිටුවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, මත් උවදුර තුරන් කිරීමටද මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් ඔහු එහිදී පවසා තිබේ. පවතින වසංගත තත්වය පිළිබදවද අදහස් පලකළ සභාපතිවරයා පවසා සිටියේ බස්නාහිර පළාත ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බවත් අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන්වලින් ප්‍රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බවත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us