රට හදන්න ඔබේ අදහස කියන්න..අපි ඒක කරනවා. Featured

Wednesday, 16 December 2020 10:28

නූතන ආණ්ඩු ක්‍රමවේදයේ නව ප්‍රවණතාවයක් වන්නේ ජනතාව හැකි තරම් ආණ්ඩුකරණයට සමීප කර ගැනීමය. එය පාලකයා සහ පාලිතයා අතර වන ගැටුම් සමනය කර ගැනීමේ වඩා සාර්ථක ක්‍රමවේදයකි. ප්‍රජාතන්ත්‍රවාදය වඩ වඩාත් ශක්තිමත් වන්නේත් රටක සිටින සියලු පුරවැසියන්ගේ කැමැත්ත, ඔවුන්ගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් ජනතාව ආණ්ඩුකරණය සඳහා සමීප වීම වැදගත් බව අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී පිළිගැනී බවට පත්ව තිබේ.

මේ වෙනුවෙන් එක් එක් රාජයයන් විවිධ උපක්‍රම පාවිච්චි කරති. ඒ එම රාජ්‍යයන් ආණ්ඩුකරණය සඳහා යොදා ගන්නා ක්‍රමවේදයන්ට අනුගතවය.

මේ අනුව ශ්‍රීලංකාවේ අපටද යොදා ගත හැකි උපක්‍රම තිබේ. සමහරුන් මේ වෙනුවෙන් යෝජනා කළේ බලය බෙදහැරීමය, පෙඩරල් ආණ්ඩුක්‍රමයන්ය. එහෙත් ඒ රට කැබලි වීමට හේතුවිය හැකි බවට තිබෙන අවදානම්කාරීත්වයන් මත ඊට විරෝධයන් එල්ල විය. එම කරුණු කාරණා මත එවැනි විසඳුම් කරා යෑමට පැවැති ආණ්ඩු පවා අදි මදි කළේය. බොහෝ විටම මෙම විසඳුම් ඉදිරිපත් කෙරුණේ විදේශයන්ගෙනි. පරිධියේ රටවල් කැබලි කොට පාලනය කිරීමට විශේෂයෙන්ම අමරිකානු සහ බටහිර රාජ්‍යයන් දක්වන කැමැත්ත මත මේ විසඳුම් අප වෙත බලහත්කාරයෙන් පැටැවීමේ ප්‍රවණතාවයක් පසුගිය කාලය පුරා තිබිණි. එහෙත් ජාතියේ වාසනාවට මේ සියලල් දැනට පරාජය වී තිබේ.

කොහොම නමුත් වත්මන් පාලනය මේ වෙනුවෙන් අත්හදා බලමින් සිටින ක්‍රමවේදයෙහි සාර්ථකත්වයන් පෙන්වමින් තිබේ. රජය අද ක්‍රියාත්මක කරමින් තිබෙන 'ගම සමඟ පිළිසඳර' වැඩ සටහන ඉන් ප්‍රමුඛයය.

මෙම වැඩ සටහන හරහා ගම රට පාලනය කළ යුත්තේ කෙසේද එහි ප්‍රතිලාබයන් මොනවාද යන් ගැන සාකච්ඡාවක් ජනතාව සමඟ සිදුවෙයි. ඊයේ දිනයේ දී මෙම වැඩ සටහන කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී ආරම්බ කෙරිණි. මෙහිදී 2021 අය වැය යොජනා ද සාකච්ඡාවට ගැනිනි. එමෙන්ම ' වැඩ සමඟ ගමට' වැඩ සටහනටද මෙහිදී මුල පුරණු ලැබීය. ලබන වසර තුල ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම සංවර්ධනය කොට ඒ නගා සි‍ටුවා මෙරට ආර්ථික හා සමාජ පෙරැළියක් වෙනුවෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩ සටහන ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් ක්‍රියාත්මක කරයි. මෙම කාර්යසාධන බලකායේ සභාපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරයි. ඊයේ පැවැති මෙම අරම්භක සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ.. "අප මාතෘභූමිය සෞභාග්‍යය කරා රැගෙන යන ගමනේ දී මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළුව ඕනෑම අයකු ඉදිරිපත් කරන අලුත් යෝජනා සඳහා මුල්තැන දීමට ආණ්ඩුව සූදානම්" බවය.

"විවිධ තීන්දු තීරණ ගත් රාජ්‍ය නිලධාරීන්ට පසුගිය කාලයේ සිර දඬුවම් විඳීමට සිදුවුව ද වෙනස්ව සිතීමට බිය නොවන්නැයි කී ඒ මහතා වෙනස්ව සිතන අයට ගැටලු ඇති නොවන බවද එවැනි අලුත් යෝජනාවලට මුල්තැන දෙන්න වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුව සූදානම්.." බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වත්මන් රජය බලයට පත් වන විට අපේ රට ආර්ථික හා සමාජීය වශයෙන් දරුණු පසුබෑමකට ලක්ව සිටි බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සහ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින් ලබාගත් මහජනතාවගේ යෝජනා සහ අදහස් මෙවර යෝජනාවලියට ඇතුළත්ව ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ අදහස පැහැදිලිය. ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහභාගිත්වය ඇවැසි බවත් එය පිළිගැනීමට සූදානම් බවත් ඔහු පෙන්වා දී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් මේ ගත් පියවරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඓතිහාසික අවස්ථාවකි. හැමදාමත් මහ පොළොවේ අඩිය නොගහපු නිලධාරීන්ගේ යෝජනා අනුව දේශපාලන අධිකාරිය දෙන නියෝග අනුව කටයුතු සිදු කරනවා වෙනුවට බිම්මට්ටමේ නැතිනම් මය පොළොවේ පය ගහන් ඉන්නා ජනතාවගේ අදහසේ සිට ඉහළට යෝජනා ගෙනෙන ක්‍රමවේදයකට අද මාරු වී තිබේ.

මෙය සැබවින්ම සමාජ විප්ලවීය ක්‍රියාදාමයකි. ගැ‍ටුම්, කැරැලි කොලහල, අරගල, ලේ හැලීම් වලින් තොරව ක්‍රියාත්කම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි. ලොවටම ආදර්ශයට ගත හැකි වැඩ පිළිවෙලක් බවද කිව හැකිය.

එහෙත් මේ අභියෝගාත්මක බවද කිව යුතුය. මන්ද මෙවැනි වැඩපිළිවෙල වල සාර්ථකත්වයන් බලාහිඳින්නට නොහැකි ඇතැම් පිරිස් මේවා කඩාකප්පල් කිරීමට නිරන්තරයෙන් උත්සහ ගන්නා බැවිනි. ඒ අනතුරු වලක්වාලීමට ජනතාව බුද්ධිමත් විය යුතුය මන්ද මේ සියල්ල සිදුකරනුයේ ජනතාවගේම යහපත වෙනුවෙන් වන බැවිනි.

 

- The Novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us