චම්පික බැහැර කළේ 'හෙළ උරුමය' යි. Featured

Tuesday, 15 December 2020 09:46

පාඨළී චම්පික රණවක මේ මොහොත වන විට නිශ්චිතවම මේ රටේ සංස්කෘතික හා දේශපාලන උරුමය බැහැර කර තිබේ. චම්පිකගේ දේශපාලන ගමන සමාජවාදයෙන් සිංහල ජාතිකවාදයට මාරු වී පසුව නව ලිබරල් අන්තය දක්වා මේ වන විට පැමිණ තිබීම ගැන පුදුමයකුදු නැත. මන්ද දන්නෝ දන්නා විදිහට චම්පික එදත් නියෝජනය කළේ නව ලිබරල්වාදී මුලධර්මයන්ය.

සමාජවාදය හෝ හරිත සමාජවාදය ලේබලයන් ඔහුගේ තක්කඩි දේශපාලනයේ ඇරඹුම සටහන් කරන අතර ඔහුගේ සිංහල ජාතිකවාදය මේ තක්කඩිකමේ අවස්ථාවාදී ආස්ථානයයි. එයින් ලැබූ පන්නරය නව ලිබරල්වාදී හිට්ලර් පන්නයේ දේශපාලන නරුමයකු ගොඩනැගීමට සමත්ව තිබේ. බලය බලය බලය..ඔහු කාලයක් තිස්සෙ මැතුරූ මන්ත්‍රයයි.

දැන් 2025 රටේ නායකත්වය අපේක්ෂාවෙන් ඉක්මන් ගමනක් සඳහා සූදානම් වන චම්පික බල උමතුවකින් පෙළෙන අසාධ්‍ය රෝගියෙක් බව ඔහුම මේ වන විට පෙන්වා ඇත. මේ උමතුව විසින් ඉදිරියේදී කවරක් විනාශ කරනු ඇත්දැයි දැන්ම අනාවැකි කිව නොහැකි නමුත් ඔහුගේ ආගමන අනිවාර්ය විනාශකාරී එක්ක බව නම් කැට තබා කිව හැකිය. ඔහුගේ දේශපාලන භාවිතය එතැනින් වෙනස් වන්නේ නැත. එය ඔහු ප්‍රගුණ කළ කලාවකි.

මේ රටේ දැනුවත්ව ප්‍රජාතන්ත්‍රවාදය ඒ හරයෙන්ම පිළිගන්නා කිසිවෙකු වෙත් නම් පළමු මොහොතේම චම්පිකව ප්‍රතික්ෂේප කිරීම බලාපොරොත්තු විය හැකිය. දනටමත් එහි පූර්ව ලක්ෂණයන් මතු වෙමින් තිබේ. සුද්දාගෙන් නිදහස ලැබීමෙන් පසුව බිහිවූ හැම පාලන තන්ත්‍රයක් විසින්ම කවර විවේචන තිබුණත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය යම් තරමකට හෝ රැකගෙන පොෂණය කරමින් ඉදිරියට තල්ලු කරගෙන පැමිණ තිබේ. ආසන්න වශයෙන් පසුගිය රාජපක්ෂ පාලනය තුල මතුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයන් යහපාලනය විසින් ආපසු හැර වීමට උත්සහ ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් රටට හඳුන්වා දීමක් සිදු කරනු ලැබිය. එම යහපාලනයට කෙතරම් විරුද්ධ වූවත් එදා ඒ සිදු කළ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් මුළුමනින්ම ආපහු හැරවීම සිදු නොකර යම් සීමාවක ‍රැඳීමට ගෝඨාභය පාලනයද කටයුතු කොට තිබේ. ඇතැම් තැනක ඊටත් ඉදිරියට ගොස් තිබේ. පියවර දෙකක් ඉදිරියට පියවරක් පසු පසට තියරියෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියටම යයි. එලෙසින් හෝ වත්මන් පාලනය පෙරළා දමා නව පාලනයක් බිහිවන විටත් මේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය තව පියවරක් හෝ ඉදිරියට යෑම විය යුතුය. නමුත් එය තවත් පියවර කිහිපයකින් පසු පසට යන්නෙ නම් එය මේ රටේ පුරවැසියාගේ පරාජයකි.

චම්පික රණවක රටේ බලය අත්පත් කර ගන්නවා කියන්නේ මේ පසුපසට යෑම ස්ථිරවම සිදුවන බවට සැකයක් තියාගත යුතු නැති මොහොතකි. චම්පිකගේ ආසාව බලවත් ඒකාධිපති රජෙකි. ඔහු විශ්වාස කරන පාලන ව්‍යුහය ගෝත්‍රිකය. ඔහුට එවැනි බලයකින් තොරව අන් යමකින් සෑහීමකට පත් විය නොහැක. ඒ දේශපාලනික උමතුව ඔහුගේ සහජාසයක් මෙන් පවතින්නකි.

ඒ කොහොම වුණත් දැන් චම්පික ස්ථිර ලෙසම ' හෙළ උරුමය' අත් හැර තිබේ. ඔහුට හෙළයෙන් වැඩක් නැත. ඒ උරුමයෙන් වැඩක් නැත. ඒවා පාවිච්චිකර තව දුරටත් රටේ දේශපාලයට ඉඩක් නැති බව ඔහු තේරුම් ගත්තේත් මීට කෙටි කළකට ඉහතදීය. ඒ රාජපක්ෂවරු රටේ හෙළ උරුමයෙහි නිල හිමිකරුවන් වීම නිසාය.

චම්පික ඉන් පසුව ලිබරල් රනිගේ අගසව් වෙමින් ඔහු වැජඹුනේ රනිල්ට වඩා ලිබරල් බව ප්‍රදර්ශණය කරමින්ය. රනිල් ක්‍රියාවට නගන්න උත්සහ කළ ලිබරල් ආර්ථික සහ සමාජ ප්‍රතිපත්තීන් ඔහු අත් දෙකම ඔසවා අනුමත කළ නමුත් ඔහුගේ වුවමණාව වූයේ එතැනින් එහාට ගමනකි. එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් කෙරුණු ලිබරල් යෝජනාවන්ට හෝ ඔහුට එකඟවන්නට නොහැකි වූයේ ඒ නිසාය. ඔහු ඇත්තටම සිටියේ නව ලිබරල්වාදී ඒකාධිපති නායකත්වයක සිහිනයකය. රනිල්ව අත්හැර දැමුවේත් ඒ නිසාය. ඔහු සජිත්ව පාවිච්චි කළේ පාර්ලිමේන්තු අසුන දිනාගැනීම වෙනුවෙන් පමණි. එය අද පැහැදිලිය. සජිත්ව ඔහුට ඔහුගේ දේශපාලනයකට කිසිදු අදාලත්වයක් නැත. සජිත්ගේ නියකත්වය පෙරළා දැමීම ඉදිරියේදී බලාපොරොත්තු විය හැකිය. ඔහු යන්නේ තනි ගමනකි. එම ගමනේ අවසන් ඉසව්වට දැන් පැමිණ තිබේ. ඔහු කවර ක්‍රමවේදයක් හෝ පාවිච්චිකර තමන් සිහින දකින ඒකාධිපතියා බවට පත්විය යුතුය. නැතිනම් විනාශ වී යා යුතුය.

දේශපාලකයකුට බලය පිළිබඳ සිහින තිබිය යුතුය. එය වරදක් නොවේ. දේශපාලනය කියන්නේම බලය පිළිබඳ අරගලයකි. එහෙත් එහිදී රටක ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන් විනාශ වීමට ඉඩක් නොතැබිය යුතුය. මිනිස් නිදහස හෝ අයිතිවාසිකම් පිළිබඳ උස් අදහසට හානි නොවිය යුතුය. තවදුරටත් ශිෂ්ඨසම්පන්න භාවිතයන් කරා යනවා විනා අශිෂ්ඨ ගෝත්‍රික භාවිතාවන් වෙත නොයා යුතුය. එහෙත් චම්පික යනු මේ සියල්ල විනාශකරන්නකු වීම පැහැදිලි නිශ්චිත අනාවැකියක් වීම වැලැක්විය හැකි නොවේ. ටොයියෝ, බයියෝ, ජෙප්පෝ හෝ වේවා කවර මතයක් දරණ හෝ පාක්ෂික දේශපාලනයක නියැළුනත් චම්පිකගේ ඒකාධිපති සිහිනය වැලැක්වීමට එක්ව පෙළගැසීම වියයුතු බව අවධාරණය කරන්න සිදුවන්නේ මේ කිසිවකුත් බල උන්මාදයෙන් පෙළෙන පිස්සකුගේ පාලනයක් කිසිදා අපේක්ෂා නොකරන බැවිනි.

ජාති ආගමික හෝ පක්ෂ ආදී බේදයකින් තොරව මේ රට ගොඩනැගීමේ පදනම වසර දහස් ගනනක් තිස්සේ පවත්වාගෙන එන 'හෙළ උරුමය' බව ප්‍රතික්ෂේප නොකරති. මේ හෙළ උරුමය කියන්නේ අනෙකාගේ යහපත ගැන කල්පනා කරන, අනෙකා හා සහජීවන පැවැත්ම පිළිගන්නා, බුදු දහම මත පෝෂණය වූ අපේ රටට අනන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහාසික උරුමයයි. අද චම්පික එය පිළිකෙව් කොට පැත්තකට විසිකර ඇත. ඒ අනුව චම්පික යනු මුලිනුදුරා දැමිය යුතු දේශපාලන පිළිලයක් බව පැහැදිලිය. එය වඩාත් අවධාරණයෙන් තේරුම් ගෙන රට සම්බන්ධයෙන් දේශපාලන තීන්දු තීරණවලට එළැඹීම මේ රටේ සියළු පුරවැසියන්ගේ වගකීමකි.

 

 -සුජය

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us