පිළිතුර
මුලින් ම අපි අවබෝධ කරගත්තා ප්‍රභාකරන්ව පරාජය කරන්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට බැහැයි කියල. ඒ අවස්ථාවේදී ඒ සඳහා යම් යම් උපක්‍රම භාවිත කළා. ඒත් අපිට තව දුරටත් ඒව පස්සේ එළවන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
උපුටාගැනීම- වෙනස සඟරාව, සිව්වන කලාපය (2018)
මේ සටහන අනුව පාඨලී දැන් ජාතිකවාදය පස්සෙන් යන අයකු නොවේ. ලිබරල් ප්‍රතන්ත්‍රවාදියෙකි. එහෙත් ඒ කීදවසකට මොන වුවමණාවකටද යන්න අපි දන්නෙ නැත. ඒත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මෙලහකටත් අත් හැර දමලාද දන්නේ ද නැත. මොකද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස පාඨලී පෙනී සිටියේ ලංකාවෙ අංක එකේ ලිබරල්වාදියා වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේය. දැන් රනිල් නැත. දැන් නායකයා ගොබ්බ සජිත්ය. එයත් අත්හැරලා වගේ සේයාවක්ද දැනට තිබේ. එහෙත් පාඨලීගේ දේශපාලන භාවිතය අනුව කාගේ හෝ වල්ගෙක එල්ලී සිටීමේ ස්වභාවය අනුව සජිත්ව දැන්ම අත්හරින එකකුත් නැතිය. අත්හරිනවා නම් සජිත්ව දේශපාලනිකව විනාස කර එම බලවේගය දිනාගන්නා තැනට ඔහු පත්විය යුතුය. මේ අතර මෙරට අසම්පූර්ණ විප්ලවයක් ගැනද පාඨලී කතා කරයි. නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලැබූ දේශයේ සුජාත දූ පුතුන් සමඟ කරන දේශපාලනයක් ගැනත් කතා කරයි. මේ ජවිපෙ හැත්තෑ ගනන්වල ලයින් එකය. එය ජාතිකවාදයත් සමාජවාදයත් කලවම් කරගත් විපරීත ව්‍යාපාරයකි. එය මෑතකාලයේ ජවිපෙත් අත්හැර දැමූ හණ මිටි අදහසකි. ජවිපෙ ඊට වඩා නිර්මාණශීලී ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වුවමණාවන් සමඟ ඉදිරියට ආවත් ඊනියා වාමාංශික හැව ඉවත් කර ගැනීමට නොහැකි වීම සහ පටු අවස්ථාවාදී දේශපාලන ගනුදෙනු වල නියැලීම නිසා නන්නත්තාර විය. කොටින්ම එය අද දූෂිත දේශපාලන භාවිතාවක් සහිත ව්‍යාපාරයකි.
පාඨලී තෝරා ගත්තේ ජවිපෙ පරණ ලයින් එකද නැතිනම් ජවිපෙ අසාර්ථක වූ ජාතිකවාදයත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයත් කලවම් කර ගත්තු අලුත් ලයින් එකද යන්න ගැන තවම පැහැදිලි නැත. ඒ කුමක් තෝරා ගත්තත් පාඨලීගේ මේ අලුත් ආගමනයට වත්මන් සමාජය තුල ඉඩක් නම් ඇත්තේ නැත. පාඨලී තෝරන සටන් පාඨ රාජපක්ෂවරු හයිජැක් කර බොහෝ කල්ය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන පදනමට එරෙහිව ජාතිකවාදය, සමාජවාදය හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හෝ හානිදායක නොවේ. කොටින්ම රාජපක්ෂ පාලන තන්ත්‍රයට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කර බිඳ වැට්ටවිය නොහැක. මන්ද එම පාලන තන්ත්‍රය දේශපාලනයෙන් ඔබ්බට ගිය භාවිතාවක් අනුව ක්‍රියාත්මක වන බැවිනි. ගෝඨාභය යනු එහි සංඛේතීය නායකත්වයයි. ඊට පරාජය කිරීම පරණ යල්පැන ගිය මතවාදී දේශපාලන ප්‍රහාරයන්ගෙන් කළ නොහැක. ඊට අලුත් වැඩ තෝරන්න සිදුවෙනවා ඇත. එහෙත් පාඨලී ඉන්නේ ඒ අලුත් දේශපාලනික තෝරාගැනීමක් අභියස නොවේ. ඔහු එහෙම දියුණු උපක්‍රමික භාවිතයක් පෙන්වන්නේ නැත.
මේ නිසා පාඨලීගේ නව දේශපාලන ආගමනය බරපතල ලෙස කණාගාටු විය යුතු තත්වයකි. එය ස්වයං විනාශයක් කරා යන ගමනක් විනා වෙනකක් සිදුවීමට නියමිත නැත. ඒක එහෙම සිදුවුණත් කමක් නෑ කියා කල්පනා කළ හැකි වුණත් එමඟින් රට්‍ටුන්ට වෙන විනාසය සැලකිය යුතුව තිබේ. මන්ද අනවශ්‍ය, අසාර්ථක දේශපාලන ගැටුමක් නිර්මාණය කිරීමෙන් පාඨලීවත් රටවත් ලබන ජයග්‍රහණයක් හිමි නොවන බැවිණි. ඉතිහාසයේ එවැනි ඛේදවාචක කිහිපයක් අප පසු කර තිබේ. රට පුරා මළකඳන් ගොඩ ගැසීමෙන් ඒවා තේරුමක් නැතිවම අහවර වී ඇත. යළි එම සිදුවීම් විය යුතු නැත. එනම් පාඨලී මේ එන්න හදන්නෙ මොකාටදැයි අප සැලකිලිමත් විය යුතුය, දේවල් බරපතල වෙන්න කලින් පොරොව ගන්න ඉඩක් නොතබා නියපොත්තෙන් කැඩිය යුතු අවස්ථාවේදී එය කඩා දැමිය යුතුය. පාඨලී යනු මොකෙක්ද යන්න ගැනත් ඉතිහාසයේ පාඩම් ඇති බැවින් කෙළවා ගන්න පෙර උගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාව රට්ටු සතුව තිබේ.