මේ වන විට ජනමාධ්‍යයට සූප්පු කර කර ඉන්න ලැබී තිබෙන රංජන් රාමනායක විසින් පටිගත කරන ලද හඬ පට කිහිපය මඟින් රංජනුත්, අධිකරණ විනිසුරුවරුත්, පොලිස් නිළධාරීනු නීතිය සමඟ සෙල්ලම් කර ඇති බවත් දුමින්ද සිල්වා වැනි 'අහිංසකයින්' ට මිනි මැරුම් චෝදනා ගොනු කර මරණීය දණ්ඩනය ලබා දී ඇති බවත් ආදී කප්පරක් දේවල් ගැන විහිළු සහගත විශාල කතා බහක් ඇති වී තිබේ.

කෝපි කෝපයෙන් ගෙවල් හදලා සම්මාන ගත්ත තරුණයකු ගැන අහන්න ලැබුණා .. මේක එක පාරටම විකාරයක් වගේ දැනුනත් වැඩේ ඇත්ත. ඒත් කවුද මෙ තරුණයා ගාල්ලේ පදිංචි ඔහු නමින් දුලාන් හෙට්ටිආරච්චි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මහා දේවල් වීමට නියමිත බවට බොහෝ බලාපොරොත්තු සහගතව සිටින රටේ බහුතරයක් සිටී... ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ දේවල් සිහින බවට පත්වෙමින් තිබියදී මහ මැතිවරණයෙන් පසුව ඒවා යථාර්තයක් වෙනු ඇතැයි ඔවුන් ඒ සිහින නැවත නැවත මතු දිනයක් හා සම්බන්ධ කරමින් සිටී.. එහෙත් ඇත්ත කතන්දරය ඊට වෙනස්ව සිදු වෙමින් තිබේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මඟින් ඉදිරිපත් කර තිබෙන 21 සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධන පනත් කෙ‍ටුම් පත් දෙකෙහි අපේක්ෂාව විධායක ජනාධිපතිධුරයේ බලතල අසීමාන්තික ලෙස වැඩි කර ගැනීමත් මහින්ද නාමල් ප්‍රමුඛ බලවේගය අකර්මන්‍යය කිරීමත් බව පැහැදි කාරණයකි.

ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමට එරෙහිව පසුගිය යහපාලන ආණ්ඩුව විසින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය බවට ඕනෑතරම් සාක්ෂි තිබියදීත් මේ දක්වා එම චෝදනාවලින් එම ව්‍යාපාරය ගලවා ගැනීමට වත්මන් ආණ්ඩුව ද තවම කටයුතු කර නැත.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් නිකුත් කරන්නට යෙදුනු ගැසට් නිවේදනයෙන් වත්මන් පාර්ලිමේන්තු සැසිය ජනවාරි 03 වන දා දක්වා කල් තබා ඇත. එහෙත් පාර්ලිමේන්තු සැසිය කල් තැබිමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ කවර හේතුවක් නිසාද යන්න ගැන පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුව නැත.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය පෞද්ගලික සමාගමක් වෙත බාර දීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව තිබෙන බවත් එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ වෙනත් රජයේ රක්ෂණ සමාගමක් වෙත ලබා දිය යුතු බවටත් පසුගිය දිනවල පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් මෙන්ම හිතවතුන්ද ටික්ක හයියෙන් කෑ ගැසූ නමුත් ..ලබන වසර සඳහාද එම රක්ෂණාවරණය ලබා දී තිබු සමාගම වෙතම ලබා දීමට තීරණය කර ඇති බව දැ ගන්නට තිබේ. 2019 වසරේ එම ගිවිසුම පසුගිය නොවැම්බර් 29 වන දින කල් ඉකුත් විය.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ ඉන්දීය සංචාරයෙන් ඩොලර් මිලියන 450 ක පමණ ණය මුදලක් ලැබුණු බව සදහන්ය.ඉන් කොටසක් සෘජුවම උතුරු නැගෙනහිර පීඩාවට පත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කිරීමද විය යුතුව තිබේ.

අපේක්ෂා කළ පරිදිම රාජපක්ෂවරුන්ගේ භීෂණකාරී මිලිටරි පාලනය තහවුරු කරමින් තිබේ. එය හිතුවාට වඩා වේගයෙන් සිදු වෙමින් තිබේ. මේ වන විට මාධ්‍ය ආයතන , මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් රැසක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක්ද රාජපක්ෂ මිලිටරි ජුන්ටාවේ ප්‍රශ්න කිරීම් වලට ගොදුරුව ඇත.

2015 වසරේ පෙබරවාරී සහ මාර්තු මාස වල මහ බැංකුව නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිළදී ගැනිමේදී බරපතල වංචාවක් වූ බවට එවකට ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සහ ශ්‍රීලනිපයේ නායක එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු එම පක්ෂයත් ගෙන ගිය අවලාද වලින් එජාපය නිදහස් වෙන ලකුණු පහළ වී ඇත.

Connet With Us