මාධ්‍ය නිදහස ගැන කප්පරක් දේවල් ජනාධිපතිවරණ සමයේදී ගොටාභය රාජපක්ෂ වේදිකාවල සිට ටෙලි ප්‍රොම්ටරයෙන් බලාගෙන කියෙව්වාට ඒවා ඔහුගේ ප්‍රතිපත්ති නොවන බව කිසිවකුට සැකයක් තිබුණේ නැත. සතා සතාම බව නොදැන සිටි කිසිවකුත් සිටියෙ නැත.
එයා දැන් හොඳ ළමයෙක් ඉස්සර වගේ නෑ.පරණ සෙල්ලම් ආයෙ කරන්න බෑ. එයාට බය වෙලා දේශපාලනය කරන්න බෑ.. වගේ කතා කියමින් ගොටාව හොඳ ළමයෙක් කරන්නට ගත් තක්කඩි උත්සාහයයන්ද ක්‍රියාත්මක විය. අපුල දනවන කාරණය නම් ගෝටා යනු කවරෙක්දැක් හොඳාකාරවම දැන දැනම වාමංශිකයි ප්‍රජාතන්ත්‍රවාදීයි මානව හිතවාදියි යැයි සමාජය හමුවෙ පෙනී සිටි පිරිස්ද මේ මතය ප්‍රචාරය කිරීමය.
ඒවා දැන් කොහොම වෙතත් යළි සමස්ත සමාජය බියට පත් කරමින් හිට්ලර් පන්නයේ පාලනයක් ක්‍රියාත්මක කරන්නට පටන් ගනිමින් තිබේ. රට රැක ගැනීම, ජාතික ආරක්ෂාව, සිංහල පමණයි වැනි ව්‍යාජ සටන් පාඨ මඟින් රටේ බහුතර ජනතාව මරි මෝඩ මිනිසුන් බවට පත් කරමින් අල්ලා ගත් බලය ඉදිරියේදී පාවිච්චි වෙනුයේ රාජපක්ෂලාගේ පවුලේ යහ පැවැත්ම වෙනුවෙනී. ඊට එරෙහි වෙන්නන් තලා පෙලා හෝ මරා දැමීම හෝ වෙනුවෙනි..
රාජපක්ෂල කවදාවත් මේ රට හැදුවේ නැත. හදන්නේද නැත. හැමදාම කළේ රටෙන්, රටේ සම්පත් දෙපොල වලින් තමන්ගේ පවුලේ පැවැත්ම සකසා ගැනීම පමණි.
සමස්ත සමාජයම රවටමින් මේ කරන තක්කඩි මජර දේශපාලනය වටහා ගැනිමට රටේ බහුතරය අසමත් වීමේ විපාක ලෙස සමස්ත සමාජයම යළි භිෂණකාරී අඳුරු යුගයකට යමින් තිබේ. සමාජයට ඒ වටහා ගැනීමට ඉඩ නොදී ජනතාව රැවැටීමකට තල්ලු කළ අවස්ථාවාදී දේශපාලනයක්ද රටේ ක්‍රියාත්මක වීම මීට බරපතල ලෙස හේතු විය.
කොහොම නමුත් අනාගතය දැන් බියකරුය. තමන්ගේ මරණය කිසිවකුගේ බලහත්කාරිත්වයෙන් සිදුවනු ඇතැයි බියෙන් සමාජය වෙලෙමින් පවති. ජාතික ආරක්ෂාව වෙනුවට ජාතික අනාරක්ෂාව ගොඩනැගෙමින් තිබේ. ඒ සමඟ අනන්‍යව ජීවත් වෙනවාද ? ඊට එරෙහි වෙනවාද ? කියා තීරණය කිරීමට තරම්වත් සමාජය මේ මොහොතේ සූදානම් නොවීමේ අවාසනාවන්ත තත්වයට මුහුණ දී සිටී. ඒ තවමත් ජයග්‍රහණයේ මල් වෙඩි සංදර්ශන වලින් සමාජයේ ඇස් නිලංකාර වී ඇති නිසාය. කණ් අඩි පුපුරා ඇති නිසාය. අමතක නොකළ යුතු අනෙක් දේ නම් රාජපක්ෂලා හැම අපරාධයක්ම කළේ ඔවුන් ජයග්‍රාහීව සිටින මොහොතවල් වලදී බවය. මේ ගෙවෙන්නේ එවැනි කාලයකි.