පිට්ටනිය ගෝටාගේය..සෙල්ලම් කරන්න වෙන්නේ එතැනය. Featured

Published in පුවත්
Monday, 25 November 2019 16:19

රබර් බෝලය දිය යට සිර කිරීමට මොන වෙර දැම්මත් ඒ ලිහිල් වූ සැනින් දිය මතු පිටට එයි. ගෝටාබය රාජපක්ෂ නැමැති ඒකාධිපති බල වියරුවකින් සිටින තැනැත්තාද දැන් දේශපාලනයේ මතු පිට රඟන්නට පටන් ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සිල් රෙදි ඇඳ ගත්තු උපාසකයකු මෙන් බලගතු රංගනයක් යෙදුනු ගෝටබය ඉතා අසීරු එහි උපරීමය පසුගිය ජනාධිපතිවරණ සමයේදී වේදිකා ගත කළේය.

හැංගි හැංගි වෙස් මූණූ බැඳන් නැ‍ටුවාට එය ගලවන වෙලාවක් එයි. ඊයේ බෙල්ලන්විල දී කහකඩධාරියකු සමඟ කළ කතාබහේ දි තමන් 2015 වසරට පෙර සිටි ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ බව ඔහු පෙන්වා දුන්නේය. මේ සතා කවුදැයි අප පෙර සිටම දැන සිටි අතර බැඳගෙන එන වෙස් මූණට නො‍රැවැටෙන ලෙසද දිගින් දිගටම කීවෙමු. ඔහුට කිසිසේතම ඉඩ ලබා දිය යුතු නැති බවත් එසේ වුවුහොත් සමස්ත සමාජයම නැවත බරපතල අනතුරකට මුහුණ දෙනු ඇති බවත් කීවෙමු..ඒ කිව් ලෙසටම දැන් වැඩ කටයුතු ආරම්බ වී තිබේ. හෙට අනිද්දා වන විට ගෝටා පාලනයේ සාහසික ත්‍රාසජනක හැසිරීම් අප ඉදිරියේහි පිහි‍ටුවනු ලබයි. ඉදිරි මහ මැතිවරණය තෙක් මෙහි සීමා සහිතභාවයන් දැකිය හැකි වන නමුත් මහ මැතිවරණයත් යම් ජයග්‍රහණයකින් අවසන් කර ගතහොත් නියම ගෝටා පාලනය දකින්නට ලැබෙනු ඇත.

දැන් රටේ අවාසනාවකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ වියරු ඒකාධිපතිත්වයකටය. 2015 ලත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ආපසු හැරවිය යුතු බව ගොටබයගේ දැඩි ස්ථාවරය වී තිබේ. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ ක්‍රමයට රාජ්‍ය පාලනය කරගෙන යෑමටය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමන නීතියේ ආධිපත්‍යය බල්ලට දමන ස්වාධීන අධිකරණ, ස්වාධීන් කොමිසන් සභා, තමන්ට ඔණෑ විදිහට නටවන විරුද්ධ වාදීන් ඝාතනය කර හෝ මැඩ පවත්වන මිලිටරි ආඥාදායකත්වයකි. බෙල්ලන්විල කහකඩධාරියා ඉදිරියේ නහයෙන් අඬමින් කිව්වේ මේ ටිකය. මෙය ඉතා භයංකර තත්වයකි.. ප්‍රජාතන්ත්‍රවාදී පිටීයේදී කරන සෙල්ලම මින් පසුව කිසිවකුට කරන්න ඉඩක් ලැබෙන්නේ නැත. සෙල්ලම් කරන්න අවශ්‍ය පිටිය ගෝටා විසින් නිර්මාණය කරණු ඇත. එමෙන්ම තරගයේ නීති රීති කොන්දේසි ගෝටාබය විසින්ම තීරණය කරනු ඇත. විනිශ්චයද ගොටා විසින් ගනු ලබනු ඇත. සෙල්ලම් කරන්න කැමති අයට මේ පිටියට යන්න සිදු වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us