මරණ බිය නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පවුල පිටින් රටින් පිටවෙයි

Published in පුවත්
Sunday, 24 November 2019 17:02

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දින දහවල් සිය පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.

ඔහු සිදුකළ විමර්ශන අතර ,මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු තවත් පරීක්ෂණ විය.

2018 වසරේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර ව්‍යවස්ථා විරෝධි ආකාරයට ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කළ විගස , පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට මීගමුව කොට්ඨාසයට හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට ද කටයුතු කළේය.

නිශාන්ත සිල්වාට මෙන්ම රාජපක්ෂවරුන්ගේ පළිගැනීමට ගොදුරුව සිටින ශානි අබේසේකරගේ ජීවිතය සම්බන්ධයෙන් අනතුරක ඇති බව එම පවුලේ සාමාජිකයන් සදහන් කරයි

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු තිදෙනා ද සමඟ අද දහවල් 12.50 ට ස්විට්සර්ලන්තයේ, සුරීච් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත්තේ ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ.- 0065 දරන ගුවන් යානයෙනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us