ශානි අබේසේකර අත්අඩංගුවට.. පළිගැනීමේ මෙහෙයුම සූදානම්..! Featured

Published in පුවත්
Sunday, 24 November 2019 15:34

 අපරාධ පරීක්ෂණ දෙපාර්තාම්න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසියේ ආරංචි මාර්ග පවසයි. දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් අත් අඩංගුවට ගත්තාය යනුවෙන් අභූත චෝදනාවක් ගොඩනගා ඔහුව අත් අඩංගුවට ගැනීමෙ සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ආන්දෝලනයට තුඩු දුන් සහගහන අපරාධ ගනනාවක් ගැන විමර්ශනය කර සැකකරුවන් හඳුනා ගැනීමට සමත් වූ පොලිස් සේවයේ සිටින දක්ෂතම රහස් පරීක්ෂකවරයකු ලෙස ශානි අබේසේකර කීර්තියක් උසුලන දක්ෂ අවංක නිළධාරියෙකි.

එහෙත් ඔහු විසින් විමර්ශනයට ලක් කරන ලද අපරාධ සියල්ලම පාහේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයන් සහිත ඒවා වීම ඔහු කෙරෙහි විශාල වෛරයක් රාජපක්ෂවරුන්ගේ මෙන්ම එම පාක්ෂිකයන් කෙරෙහිද වෙයි. විශේෂයෙන්ම මෙම අපරාධ වලට සම්බන්ධ වූ ආරක්ෂක හමුදා නිලධාරීන් රැසක් අත් අඩංගුවට ගැනීම සිදු කළේද ශානි අබේසෙකර විසින් සිදු කළ විමර්ශන වල ප්‍රතිපලයක් ලෙසය. එහෙත් එම විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීමට එවකට ජනධිපති මෛත්‍රීපාල සිරිසේන සෘජුවම මැදිහත් වූ බව ද ප්‍රකට රහසකි.

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ශිරන්ති රාජපක්ෂ ගොටාබය රාජපක්ෂ අත් අඩංගුවට පත් වීම වැලැක් වීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන සෘජුව බලපෑම් කළ බවට පසුගියදා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක විසින්ද හෙළි කරනු ලැබ තිබිණි. එසේම බස්නාහිර පලාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය ද වරක් ප්‍රසිද්ධියෙම හෙළි කර සිටියේ ගොඨාබය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති නිසා ගොටාබයට රටින් පිටවන ලෙස ජනාධිපති සිරිසේන උපදෙස් දුන් බවය.

කෙසේ නමුත් අප දන්න තොරතුරු අනුව ශානි අබේසෙකර පවුලේ දේශපාලනය රාජපක්ෂවරුන්ට හිතවාදී දේශපාලනයක් වන අතර එම පවුලේ බෝහෝ දෙනෙකු මෙවර ගෝටබයගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අයද වේ. එසෙම ශානි අබේසේකරට රාජපක්ෂ පවුලේ ඥාති සම්බන්ධයක්ද තිබේ. එසේම ගොටාබයගේ දකුණු අත මෙන් සිටින දෙරණ අධිපති දිලිත් ජයවීරද ශානි අබේසේකරගේ සමීප ඥාතියකුද වේ. එම තත්වයන් යටතේ පවා ශානි අබේසේකර කටයුතු කළේ පොලිසියේ විමර්ශන නිලධාරියකු ලෙස තමන්ට පැවැරුණු රාජකාරිය අවංකව ඉ‍ටු කිරීමය. රාජපක්ෂ පාලන සමයේදී වුව ඔහු එම අවංකභාවය රැකගෙන කටයුතු කළ දක්ෂ නිලධාරියකු බව රහසක් නොවේ.

එමෙන්ම එම පවුලේ ඥාතීන් මේ වන විට බියට පත්ව සිටින්නෙ ශානි අබේසේකරගේ ජීවිතයට යම් හානියක් සිදු කරයිදෝ යන සැකයෙනි. මේ නිසා ඔහුගේ දරුවන්, බිරිඳ ඇතුලු අනෙක ඥාතීන් සහ හිතවතුන් ඔහුට විදේශ ගත වී ජීවිතය ‍රැක ගන්න ලෙස ඇවිටිලි කරමින් තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

මේ වන විට අතිශය අසාධාරණ ලෙස දේශපාලන පළිගැනීමකට ලක්වී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගලවා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයක බවට පත් කර තිබේ.

මෙය ජාතික පොලිස් කොමිසමේ තීන්දුවක් ලෙස ක්‍රියාත්මක බව පෙන්වූවද සත්‍ය කාරණය නම් ජාතික පොලිස් කොමිසම තමන්ට හිමි බලය අත්හැර දමා ජනාධිපති ගෝටා ඉදිරියේ නිවට නියාලුව දෙකට නැවී දුන් තීරණය අනුව ශානි අබේසේකරව මාරුකර හැරීම සිදුවූ බව පැහැදිලිය.

මේ තීරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල විශාල විරෝධයක්ද එල්ලවෙමින් තිබේ.
පසුගිය කාලයේ රාජපක්ෂ වරුන්ට එරෙහි වූවන්ගෙන පළි ගැනීමේ මෙහෙයුම නුදුරේම ආරම්භ කෙරෙණ බවට ශානි සම්බන්ධයෙන් මේ වන විට රාජපක්ෂවරුන් කටයුතු කරමින් සිටින ආකාරය අනුව පැහැදිලි වෙමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us