මෙම සංශෝධන මඟින් තමන්ට අවශ්‍ය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ සහ සෙසු අධිකරණ විනිසුරුවන් පත් කර ගැනීම , අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් පත් කර ගැනීම , කොමිසන් සභා සාමාජිකයන් තමන්ට අවශ්‍ය ලෙස ඉවත් කිරීමේ බලය ,ආරක්ෂක අමාත්‍යංශය සහ තවත් අමාත්‍යංශ දැරීම, මෙන්ම
නීතිපති , පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන්, පාර්ලිමේන්තු මහ ලේකම් පත් කර ගැනීමේ පූර්ණ බලතල ජනධිපතිවරයා යටතට ගෙන තිබේ. මේ අනුව ආණ්ඩුව කවරක් වූවත් ජනාධිපතිවරයාට තමන්ගේ හිතු මතයට රට පාලන කිරීමේ ඒකාධිපති බලයක් ලැබෙනු ඇත.
ඇමැති මණ්ඩලය අඩු නිරීම
එමෙන්ම වඩාත් ප්‍රගතිශිලී යෝජනාවක් ලෙස බැලු බැල්මටම හැඳින් විය හැකි සංශෝධනයක්ද මෙහි අඩංගුය.. ඒ කැබිනට් සහ නියෝජ්‍ය ඇමැති ප්‍රමාණය තව දුරටත් සීමා කිරීමය. මෙමඟින් දැනට තිබෙන ඇමැති/නියෝජ්‍ය එකතුව 40 උපරිමය 30 දක්වා අවම කිරීම සිදුවෙයි.
මෙය රජයේ වියදම් අවම කිරීමක් ලෙස වුව හැඳින් විය හැක..නමුත් මේ රට රැවටීමකි.
මෙමගින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවා අගමැති තනතුර ලබා ගනු ඇතැයි කල්පනා කළ හැකි මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමේ බලය සීමා කිරීමය. රාජ්‍ය පාලනයට මහින්දගෙන් වන බලපැම සීමා කිරීමක් මෙමඟින් පහසුවෙන්ම කර ගත හැක.
මහින්දගේ පාර්ශ්වයට හෝ ආණ්ඩුවට එකතුවිය හැකි අනෙක් පාර්ශ්වයකට ඇමැතිකම් නොලැබීමේ අර්බුදය සමනය කිරීම වෙනුවෙන් රාජ්‍ය ඇමැති තනතුරු ඇති පදම් ලබා දිය හැක. ඊට නෛතික බාධාවක් නැත.
ඇමැති වරප්‍රසාද ආදිය කැබිනට් ඇමැතිවරයෙක් තරම් වූවත් ආණ්ඩුවේ කිසිදු තීරණයක් ගැනීමේ හෝ ඊට සම්බන්ධ වීමේ හැකියාවක් මේ රාජ්‍ය ඇමැතිවරුන්ට නැත. ඇමැති කම තියාගෙන පාක්ෂිකයන් ඉදිරියේ ඇමැතිවරයකු ලෙස රැඟීමේ හැකියාව පමණක් ඔවුට ලැබේ..මහින්දගේ හිතෛශීන්ට වෙන්නේ ඒ රඟනයන් නඩත්තු කරමින් සිටිමටය. එසේම ඇමැතිකම් සීමා කළා කියා රාජ්‍ය වියදම් සීමා වීමක් කිසිසේත්ම සිදු වන්නේ නැත.. කිසිදු කාර්ය බාරයක් නොමැති ඇමැතිවරුන් තිහ හතලිහක් නඩත්තු කිරීම වෙනුවෙන් නාස්තිකාර වියදමක් රාජ්‍යයට දැරීමට සිදු වෙනු ඇත.
ජාතික ආණ්ඩුවක් පිහිටු වීමේ ව්‍යවස්ථා නීතිය ඉවත් කෙරෙයි
එසේම ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තිබූ ව්‍යවස්ථා ප්‍රතිපාදන ද මෙහිදී ඉවත් කර තිබේ. ඒ අනු ඕනෑම මන්ත්‍රීවරයකු සම්බන්ධ කරගෙන ආණ්ඩුවක් පිහිටු වීමේ හැකියාව විවෘත කර දී තිබේ. එමඟින් පාර්ලිමේන්තුව තුළ වැඩි බලයක් ගොඩ නගා ගැනීමේ හැකියාව මහින්දට ලැබිය හැකිය.
එහෙත් ඒ බලය ජනධිපතිවරයාගේ පාලනයට යටත් වෙනු ඇත. තුනෙන් දෙකෙ බලය යොදා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තව තවත් සංශෝධන ඉදිරිපත් කරමින් තමන්ගේ බලතල වැඩි කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබෙනු ඇත..ජනාධිපතිවරයා යනු තමන්ගේම පක්ෂයේ නෙනෙකු නිසා මහින්දට නාමල්ට එම පක්ෂයේ කිසිවකුට ඊට එරෙහිව යෑමද සිදු කිරීමට නොහැකි වෙනු ඇත. මහින්දට රූකඩයක මෙන් ජනාධිපතිවරයාට අනුව නටන්න වෙනු ඇත.
සුළු පක්ෂ හාන්සියි
සමානුපාතික නියෝජනය මැතිවරණ ක්‍රමයේ ඉහළ ජයග්‍රහණයක් ලෙස සැලකූවද මෙම සංශෝධනයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාව අනුව සුළු පක්ෂ වල අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු වරම අහිමි වීම සිදු වෙනු ඇත. සුලු ජාතික කොටස් බහුතරයක් සිටින දිස්ත්‍රික්කවල එම ජනතාව නියෝජනය කරන අපේක්ෂකයන්ට මෙය ගැටලු සහගත නොවුනත් අනෙක් ප්‍රධාන පක්ෂ වල සුලු ජාතික නියෝජිතයන්ට පවා අවස්ථාව අහිමි වෙනු ඇත. .
එහෙත් ජවිපෙ වැනි පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනය සඳහා තිබෙන අවස්ථාව මුලුමනින්ම ඇහිරෙනු ඇත. ජවිපේ හෙල උරුමය වැනි කුඩා ජන මතයන් නියොජනය කරන පක්ෂ සඳහා පාර්ලිමේන්තුවේ අවස්ථාව හිමි කර දීමට පසුගිය ප්‍රේමදාස පාලන සමයේදී පියවර ගත්තේ එවකට තරුණ අසහනය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් පදනම් කරගෙනය. එසේම සුලු ජාතික පක්ෂවල සහය ආණ්ඩුවට ලබා ගැනීම වෙනුවෙන් වන අපේක්ෂාවද මෙහි විය. ආර් ප්‍රෙමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එය ජයග්‍රහණය සඳහා එවකට මුස්ලිම් කොන්ග්‍රස් නායකයා වූ අශ්රොෆ් ගේ සහය ලබා ගත්තේ මෙම සමානුපාතික ප්‍රතිශතය සියයට 5 දක්වා අඩු කිරීමට එකඟවය.
කොහොම නමුත් මෙම ප්‍රතිශතය අඩු කිරීම නිසා සුළු පක්ෂවලය පාර්ලිමේන්තුව නියොජනය කිරීමේ අවස්ථාව ලැබීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයෙ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් දැන් ඒ හැකිලීමට මේ ගෙනන යෝජනාව මඟින් සිදු වන්නේ තකට තක හොරු තක්කඩි දෙපිළක්ව සිටින මහ පක්ෂ දෙක තුනෙහි හවුල්කාරී සාම්‍යයෙන් යුතු පාලනයකට ඉඩ හදා ගැනීමය.
එහි ඊලඟ ප්‍රතිපලය වෙනු ඇත්තේ මේ සුලු පක්ෂ පාර්ලිමේන්තුවෙන් පිටත කැරලිකාරිත්වයක් දක්වා ඇදී යාමය. රාජ්‍ය පාලනයක් දෘඩ ලෙස පවත්වාගෙන යැමට නම් සතුරන් සිටිය යුතුය.. ඒ අවස්ථාව දැන් නැත. යුද්ධය නැතිව සාංකාවෙන් සිටින පාලකයන්ට එලියේ ගැටුමක් අවශ්‍යය.. මේ සංශෝධනය ඒ වෙනුවෙන් බව පැහැදිලිය.. ඒ අනුව තුවක්කු කටින් කෙරෙන එ්කාධිපති පාලනයක් ගැන බියකරු සිහිනය දැන් අප ඉදිරියෙහි තිබේ..