තාප්ප පාට කරලා, පාර්ලිමේන්තුව වහලා ගෝටා ලබන ජයග්‍රහණය කුමක්ද? Featured

Tuesday, 03 December 2019 01:06

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් නිකුත් කරන්නට යෙදුනු ගැසට් නිවේදනයෙන් වත්මන් පාර්ලිමේන්තු සැසිය ජනවාරි 03 වන දා දක්වා කල් තබා ඇත. එහෙත් පාර්ලිමේන්තු සැසිය කල් තැබිමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ කවර හේතුවක් නිසාද යන්න ගැන පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුව නැත.

එහෙත් ඔහු මුහුණ දෙන බරපතල දේශපාලන ගැටලු කිහිපයක් හමුවේ ජනාධිපතිවරයාට පැවැරෙන විධායක බලතල උපයෝගී කරගෙන සටකපට ලෙස පාර්ලිමේන්තුව කල් තැබීම සිදු කර තිබෙන බව පැහැදිලිය.

රාජපක්ෂලාට බහුතරය නෑ

පළමු හේතුව ලෙස පැහැදිලිව පෙනෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුව් තුල බලයක් නොමැති වීම මත මුහුණ දෙන ගැටලුවය. පාර්ලිමේන්තුවේ බහුතරයේ බලය මෙතෙක් තිබුනේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහටය. ඒ බලය ඔහුට අහිමි වුයේ පැවැති ජනාධිපතිවරණ පරාජය හමුවේ. ජන මතය ඇත්තේ රාජපක්ෂ පාර්ශ්වයට බව කියන දේශපාලනික වලංගුතාවයක් නැති හේතුවක් මත ඔහු ඉල්ලා අස්විය. 2015 වසරේදී පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ එජාපය ප්‍රමුඛ එම සන්ධානයයි. ජනතාව ඔවුන්ට ඒ බලය දුන්නේ 2020 අගෝස්තුව දක්වා පාර්ලිමේන්තුවේ බලය පවත්වාගෙන යන්නටය. එය තාමත් වලංගුය. එසේම හිටපු අගමැති රනිල්ට දෙමළ ජාතික සන්ධානයේද සහය ලැබී තිබිණි. මේ අනුව රනිල් අත්හලේ තමන්ට ජනතාව විසින් පවරණු ලැබූ බලයයි. ඒ බලය ජනාධිපතිවරණයේ පරාජයෙන් අවලංගු වන්නේ නැත. එහෙත් රනිල් ඒ අත් හැරියේය.

කොහොම නමුත් ජනාධිපතිවරයා හිස් වූ අගමැතිධුරයට මහින්ද රාජපක්ෂව පිළිගැනීම සිදු කළේ ඔහුට පාර්ලිමේන්තුව තුල බහුතර බලය තිබේද නැද්ද යන්න පරික්ෂා කිරීමකින් තොරවය. එහෙත් එය නොමැති බව ජනාධිපතිවරයා නොදන්නවා නොවේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුල කිසිදු අණ පණතක් සම්මත කර ගැනීමේ බලය මහින්දට නැත. ගෝටාබය කරන්න හිතන් ඉන්න දෙයක් වේ නම් ඒ සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තුවේ සහය ලැබෙන්නෙ නැත.

මේ නිසා පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනිම ගැන ඔවුන්ට සිතන්නට සිදුවේ. එයට කාලය අවශ්‍යය.. ඒ අනෙක් පක්ෂයක මන්ත්‍රීවරුන් දිනා ගැනීමට හෝ මිලදී ගැනීමටය. පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමේ ප්‍රධාන හේතුව එය විය යුතුය.

බැඳුම්කරයේ රාජපක්ෂ කොටහා

දෙවනුව 03 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවේ වෝහාරික වාර්තාවය.මෙම වාර්තාවෙන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ 2015 - 2016 සමයේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනු ගැන පමණක් නොවේ. 2008 වසරේ බැඳුම් කර ගනුදෙනු ආරම්බ වූ දා පටන් වූ ගනු දෙනුවල ඇත්ත කතාවය. 2008 2014 කාලයේ සිදු වූ මේ ගනු දෙනු ගැන මීට පෙර විටින් විට ප්‍රකාශයට පත් වූ තොරතුරු අනුව එය අති දැවැන්ත මුදල් කොල්ලයක් බව කියැවිණි. ඒ හා සසඳන විට යහපාලන සමයේ වූවා යැයි කියන පාඩුව සොච්චමකි. මේ අනුව පෙර රාජපක්ෂ පාලනයේ වූ දැවැන්ත අක්‍රමිකතාවයක් තාවකාලිකව හෝ වසා ගැනිමට ගන්නා උත්සාහයක් ලෙස පාර්ලිමේන්තු සැසිය කල් තැබීම වූවා විය හැකිය.

කෝප් ක්ලෝස් ඩවුන්

එසේම මෙම වාර්තාව සකස් කරනුයේ පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ නිර්දේශයක් අනුවය. සැසිය අත් හි‍ටු වීමෙන් කොප් සභාවද ක්‍රියා විරහිත වන අතර නැවත පාර්ලිමේන්තුව රැස් කළාට මෙම වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි ඉල්ලීමට ව්‍යවස්ථාපිතව පිහි‍ටුවනු ලැබූ කෝප් කමි‍ටුවක් නැත්තේය. ජනාධිපතිවරයාට ඒ බලයේ සිටින තෙක් සඟවාගෙන සිටිය හැකිය.

බැඳුම්කරේ යහපාලන කොටහා

මේ හා බැඳුනු අනෙක් හේතුව නම් යහපාලන සමයේදී මේ බැඳුම්කර ගනුදෙනුව ගැන චෝදනා එල්ලවූ රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක යන රාජපක්ෂ මිතුරන් බේරා ගැනීමට මෙම පියවර ගත් බවය. එහෙත් එහි එතරම් පිළිගත හැකි ඇත්තක් නැත. මන්ද ඔව්න් සම්බන්ධයෙන් රාජපක්ෂ පිළෙන්ම එල්ල වූ අවලාද හැර ඒ සම්බන්ධයෙන් කොතැනක්දීවත් සෘජු චෝදනා එලල්වී නැති නිසාය.

කළගුණ සැලකීම

එසේම මෙහි ප්‍රධාන චූදිතයා වන අර්ජුන් ඇලෝසියස් යනු රාජපක්ෂ පවුලේ සමීපතම නෑයෙක් මෙන් වන සමීප මිතුරෙකු වීමය. ගෝටාබයගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහු දැක්වූ දායකත්වය රුපියල් බිලියන් වලින් මැනිය හැකි තරම් විශාල බව ඒ ගැන තතු දත් අය දනිති. මේවා බේරා ගැනීම රාජපක්ෂ වරුන්ට අවශ්‍යය. මේ නිසා පාර්ලිමේන්තු සැසිය කල් දැමීම කියන්නේ එක ගලෙන් කුරුල්ලන් හත් අට දෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් විය හැකිය.

රටේ පාඩුව

පාර්ලිමේන්තු සැසිය කල් තබීමෙන් තවත් වැදගත් දෙයක් රටට අහිමි වෙයි.. ඒ ගෝටාබය විසින් සිදු කළ බදු අඩුකිරීම නිත්‍යනුකූල තීන්දුවක් බවට පත් කර ගැනීමට ඇති නොහැකියාවයි. ඒ අනුව බදු අඩු කිරිල්ලෙන් රාජ්‍යයේ ආදායමට වන පාඩුව සුළු කාලයකට හෝ නවතා ගැනීමට හැකියාවක් ලැබේ.

එජාප නායකත්ව අර්බූදය

මෙසේම තවත් වැදගත් දේශපාලන කරුණක් මතක් කළ යුතුව තිබේ. ඒ එජාපයේ නායකත්ව අර්බූදය විසඳා ගැනිමට එජාපයට ඇති අවස්ථාව ප්‍රමාද කිරීමය. බොහො විටම එජාපයේ නායකත්වය සහ විපක්ෂ නායකත්වය රනිල්ගෙන් විතැන් වී සජිත් ප්‍රේමදාස වෙත ලැබීමට ඉඩ තිබිණි. එසේම යළිත් පාර්ලිමේන්තුව තුල සජිත්ගේ නායකත්වය කැරලිකාර චරිතයකට පණ පොවමින් අගමැතිධුරය පවා යළි උදුරා ගැනීමක් වුව සිදුවීමට ඉඩක් තිබිණි..මේ අනුව එයද වැලැකී ගියේය.

ගෝටාගේ අධිකාරී බලය පෙන්වීම

අවසාන වශයෙන් දැකිය හැකි හේතුව නම් ජනාධිපති ගෝටාබයට ඔහුගේ ඇති බලය සම්බන්ධයෙන් පරික්ෂා කිරීමක් අවශ්‍යව ඇති බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව හිටපු ජනපති සිරිසේන සතුව තිබූ බලයටත් වඩා අඩු බලයක් බුක්ති විඳින්නට ගෝටාබයට සිදුව තිබේ. මේ නිසා තමන් ජනතාව හමුවේ වූ පොරොන්දු වලින් ඉතා සුලු ප්‍රමාණයක් හැර ජනාධිපති තනතුරේ බලයෙන් ඉ‍ටු කළ නොහැක. මේ නිසා පාර්ලිමේන්තුව වසා දැමීම මඟින් එය සතු ඇතැම් බලයක් ඔහුට ක්‍රියාත්මක කිරීම හැකියාව ලැබී තිබේ. කැබිනට් මණ්ඩලය තමන්ට අවශ්‍ය ලෙසත් රටේ මුදල් තමන්ට අවශ්‍ය ලෙසත් පරිහරණය කිරීම සඳහා ලැබෙන සුළු ඉඩ කඩෙන් ඔහු ලොකු දෙයක් කිරීමට බලාපොරොතු වන වාද ඇත. පාර්ලිමේන්තුව වසා තැබීම නිසා ඒවා ගැන හොයන්න ප්‍රශ්න කරන්න කිසිවෙක් නැත.

රටේ තාප්ප පුරා පාට පිට සිතුවම් ඇඳෙමින් තිබෙන මොහොතක සිදුවෙමින් පවතින දේශපාලන කුමන්ත්‍රණය අපට දැකිය හැකි වන්නේ එලෙසය. වෙනත් අතුරු දේ සිදු විය හැක්කේ දැන් විපක්ෂයේ සිටින දේශපාලන නායකයන්ගේ ක්‍රියාකාරිත්වය මතය. එහෙත් දැනට අක්‍රීයව නිද්‍රාශිලීව සිටින ඒ කිසිවකුත් දැන්ම අවධි වන්නේ නැති බවත් පැහැදිලිය. මේ නිසා තව දුරටත් රාජපක්ෂ කඳවුරේ න්‍යාය පත්‍රය අනුව වැඩ සිදු වෙනු ඇත.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us