සුරක්ෂා රක්ෂණාවරණය පරණ සමාගමටම... 2019 වසරේ දරුවන් 95,000 කටත් වන්දි ගෙවලා

Published in පුවත්
Sunday, 01 December 2019 15:44

සුරක්ෂා සිසු රක්ෂණාවරණය පෞද්ගලික සමාගමක් වෙත බාර දීම සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව තිබෙන බවත් එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ වෙනත් රජයේ රක්ෂණ සමාගමක් වෙත ලබා දිය යුතු බවටත් පසුගිය දිනවල පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් මෙන්ම හිතවතුන්ද ටික්ක හයියෙන් කෑ ගැසූ නමුත් ..ලබන වසර සඳහාද එම රක්ෂණාවරණය ලබා දී තිබු සමාගම වෙතම ලබා දීමට තීරණය කර ඇති බව දැ ගන්නට තිබේ. 2019 වසරේ එම ගිවිසුම පසුගිය නොවැම්බර් 29 වන දින කල් ඉකුත් විය.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මෙම රක්ෂණය තාවකාලිකව අත් හි‍ටුවන බවට ප්‍රකාශ කළේ ද මේ ගනු දෙනුවේ අක්‍රමිකතා පරික්ෂා කිරීමට බව එම මාධ්‍ය හමුවේදී පැවසුවත් ඊට පැය කිහිපයකට පසුව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම නිවේදයක් නිකුත් කරමින් පවසා සිටියේ. සුරක්ෂා අත් හි‍ටුවන බවට ගෙන යන ප්‍රචාරය බොරුවක් බවත් එය අඛන්ඩව පත්වාගෙන යන බවත්ය. එසේම එය පසුගිය පාලනය විසින් ඇති කළ විශිෂ්ට කටයුත්තක් බවද ප්‍රකාශ කළේය.

ඒ අතර මෙම රක්ෂණය අත් හි‍ටුවීම විය යුතු බව කියමින් පොදු ජන පෙරමුණේ ඇතැම් ආධාර කරුවන් සමාජ ජාලාවල අදහස් ප්‍රකාශ කරනන් පටන් ගත්තේ, මෙය මුලු මනින්ම බොරුවක් බවත් මෙයින් කිසිදු සිසුවකුට ප්‍රතිලාබයක් ලැබී නැති බවත් කියමිනි. එහෙත් එම තොරතුරු පට්ට පල් බොරුය. මින් ප්‍රතිලාබ ලැබු සිසුන් ලක්ෂ ගනන්ක මේ වන විටත් සිටී.

මෙම රක්ෂණය ක්‍රමය ආරම්බ කළ වසරේදී මෙම රක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පවරණු ලැබීය. එහෙත් එහි වාරික ගෙවීම ආදියෙහි තිබු මිළ අධික කම නිසා පසුව ටෙන්ඩර් කැඳවීමකින් ‍තෝරා ගත් පුද්ගලික සමාගමක් වන ඇලියාන්ස් නම් සමාගමකට ලබා දිමට තීරණය කරන ලදී.

පසුගිය වසරේදී සිසුන් 45 ලක්ෂයකට ආසන්න පිරිසක් රක්ෂණය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.85 ක මුදලක් මේ වෙනුවෙන් රජය ගෙවා තිබිණි. එම වසරේදී මෙම රක්ෂණයෙන් සිසුන් 95,000 ක් වන්දි ඉල්ලුම් කර තිබූ අතර ඒ වෙනුවෙන් රු බිලියන 1.5 ක ආසන්න මුදලක් රක්ෂණ සමාගම ගෙවා තිබිණි.

නොමිළේ අධ්‍යාපන අවස්ථාව මෙරට දරු පරපුරට ලැබීමෙන් පසුව සිදුවු වැදගත්ම ඓතිහාසික මෙහෙය ලෙස මෙම සුරක්ෂා රක්ෂණය බව විවාදයක් නැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us