දකුණු ආසියාවේ වසරේ හොදම සමාජ ව්‍යවසායකයා 2019 - දුලාන් Featured

Tuesday, 07 January 2020 18:15

කෝපි කෝපයෙන් ගෙවල් හදලා සම්මාන ගත්ත තරුණයකු ගැන අහන්න ලැබුණා .. මේක එක පාරටම විකාරයක් වගේ දැනුනත් වැඩේ ඇත්ත. ඒත් කවුද මෙ තරුණයා ගාල්ලේ පදිංචි ඔහු නමින් දුලාන් හෙට්ටිආරච්චි.

මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්වවිද්‍යාලයෙන් ජාත්යන්තර සම්බන්ධතා පිළිබඳ උපධියකටත් හිමිකම් කියන දුලාන් පසුව අධිකරණ අමාත්‍යංශයේ වගකිව යුතු සේවයක් කළා. ඉන් පසු ඕස්ට්‍රේලියාවේ සහ චීනයේ මෙරට තානාපති කාර්යාලවලත් සේවය කළා..

කෝපි කොප්පෙන් ගෙවල්

කෝපි කොප්පෙන් ගෙවල් හදන්න පුළුවන් කියන සංකල්පය ඔහුගෙ ඔළුවට එන්න ඕස්ට්‍රේලියාවේදී.. ඒ ඕස්ට්‍රේලියානුවන්ගේ කෝපි පානයේ තරම දැකලා. අඩුම තරමින් දවසට කෝපි කොප්ප 5ක් වත් පානය කරන මේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඔහු ඉල්ලීමක් කළා එක කෝපි කෝප්පයක් වෙනුවෙන් වැය කරන ඩොලර් 10 ක් අසරණ මනුස්සයකු වෙනුවෙන් නිවසක් හදන්න වෙන් කරන්න කියලා. මේක වාර්ෂිකව ගණන් බැලුවොත් මේ එක කෝපි කෝප්පයක් වෙනුවෙන් ඔවුන් වැය කරන මුදල ලංකාවේ රුපියල්වලින් ලක්ෂ 7 ක් විතර වෙනවා. මේ වැඩේ ඔහු නොහිතපු අයුරින් සාර්ථක වුණා. මේ සමාජ සේවා සංකල්පය වෙනුවෙන් ඔහු සම්මානයට පවා පාත්‍ර වුණා..

ඒ පටන් ගත්තු වැඩපිලිවෙල ආබාධිතයකුට නිවාසයක් තනා දීමෙන් සාර්ථකව ආරම්භ වුණා. මෙ වෙනවිට නිවාස 50 කට අධික ප්‍රමාණයක් ඔහු ඉදිකර දී තිබෙනවා. ඔහු ලංකාවට ඇවිත් කිව්වෙ මෙවැනි නව නිර්මාණශීලී සංකල්පවලින් රටේ අසරණ මිනිසුන්ට පිහිට විය හැකි බවයි. ඉතා සරළ දේවල්වලින් මොනතරම් විශාල දේවල් කළ හැකිද යන්න ද වචනවලින් සේම ප්‍රායෝගිකව ඔහු පෙන්වා දුන්නේ ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

දුම් වැටියෙන් ගෙවල්

ලංකාවේ දුම්පානය ගොඩක් ඉහළ තැනක තියෙන්නේ. දුම්පානය වෙනුවෙන් වාර්ශිකව මිලියන 18 ක් විතර දුම්වැටි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් විසින් පුච්චලා දානවා... මේ එක් දුම් වැටියකට වැය කරන රුපියල් 65 ක මුදල අසරණ මිනිහෙක් වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් නම් මොනතරම් සේවයක් කරන පුලුවන්ද කියන එක දුලාන් පෙන්වා දුන්නා..

ඔව් එයටත් දැන් සාර්ථක ප්‍රතිචාර ලැබී තිබෙනවා. දිනකට පුච්චලා දාන දුම්වැටි 2ක් මේ වෙනුවෙන් කැප කළ හැකි නම් ගඩොල් කැට 3ක වියදම හොයාගන්න පුළුවන්. වසරකට නම් ගඩොල් 1000කටත් වැඩියි. හිතලා බලන්න. දිනකට දුම් වැටියක් කැප කරන්න පුලුවන් මිනිස්සු 1000ක් එකතු වුණොත් රු 65,000 ක්, මාස 3ක් එහෙම කළොත් ලක්ෂ 60 එකතුවෙලා. සිතන්න මොනතරම් දෙයක් කළ හැකිද කියලා.

දුලාන් මහන්සි වෙන්නේ මේ ඇත්ත මිනිස්සුනට පහදලා දීලා සාමුහික ප්‍රයත්නයකින් මේ රටේ අසරණ මිනිසුන්ට පිළිසරණක් වෙන්න.
සමාජ සේවය ජීවන පුරුද්දක් කර ගත්තු දුලාන් එතැනින් නතර නොවී තවත් නිර්මාශිලී අදහස් සමුදායක් සමාජ ගත කරමින් සිටිනවා.
අද රටට අවශ්‍ය වන්නේ මෙවැනි නිර්මාණශීලී ප්‍රායෝගික මිනිස්සු නොවේද?
ඔහුට ධෛර්යයක් වන්නට හැකිනම් ඔහුට සහයෝගය ලබාදිය හැකි නම් මෙවැනි නව අදහස් වලින් රට පෝෂණය කරන දුලාන් වැනි මිනිසුන්ට හැකි වනු ඇත.

 - රංජනා  සෙව්වන්දි

   Dulan Hettiarachchi - (ෆේස්බුක් ගිණුම)  https://www.facebook.com/dulangl

d11d1d2d3d4d5d6d7d8

Last modified on Tuesday, 07 January 2020 18:28

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us